මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවන චන්දික නානායක්කාර ජනප්‍රිය ටෙලිනාට්‍යය නළුවෙකි. දැනට වසර කිහිපයක් තිස්සේ ටෙලිනාට්‍යය බොහෝ ප්‍රමාණයක එකිනෙකට වෙනස් විවිධ චරිතවල නියැළෙමින් රසික ආදරය දිනාගත් චන්දික, වෘත්තිය මට්ටමේ රංගන ශිල්පියෙකි. මේ දිනවල නිතර දකින නළුවෙක් නිසාම "සාරවිට" සඳහා මෙලෙස ඔහු සම්බන්ධ කරගත්තෙමු.
"මේ දවස්වල සතියේ දින හත පුරාවටම මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය හතරක් විකාශය වෙනවා. හැබැයි මේ ටෙලිනාට්‍යය චරිත එකිනෙකට වෙනස්. සතියේ දින හතේම රාත්‍රි 7.30ට සිරස නාළිකාවේ විකාශය වෙනවා "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යය. එහි මම පෙනී ඉන්නේ විශ්ව කොඩිකාරගේ තාත්තා විදිහට. මීට කලිනුත් මම විශ්වගේ තාත්තා විදිහට "අමා" ටෙලි නාට්‍යයේ රඟපෑවා. නමුත්, ඒ තාත්තාගේ චරිතයයි "ආදරය ගින්දරක්" එකේ විශ්වගේ දැන් තාත්තා විදිහට කරන චරිතයයි හාත්පසින්ම වෙනස්. "අමා" ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළේ නිතර කේන්ති යන, සැරපරුෂ තාත්තා කෙනෙක්ගේ චරිතයක්. ඒත්, "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ එකේ මම විශ්වට ගොඩක් ආදරය කරන හොඳ පවුල් ජීවිතයක් ගෙවන හොඳ තාත්තා කෙනෙක් විදිහට රඟපානවා. ඊට අමතරව සෙනසුරාදා සහ ඉරිදා ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන "කුරුලු පිහාටු" ටෙලි නාට්‍යයේ වෛද්‍යවරයෙකුගේ චරිතයක් රඟපානවා. සතියේ සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම් රාත්‍රි 8.00 ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන "මෝසම් සුළං" ටෙලිනාට්‍යයේ "හෙන්රි" කියන තැරැව්කරුවා විදිහට පෙනි ඉන්නවා. මේ ටෙලිනාට්‍යයෙන් පසුව එම නාළිකාවේ රාත්‍රී 9.00 ට විකාශය වෙන "වර්ණ" ටෙලි නාට්‍යයේ "භානු" කියන චරිතය නිරූපණය කරනවා. මේ ටෙලිනාට්‍යයවලින් කිහිපයක් දැනටත් රූපගත කෙරෙන නිසා මේ දවස්වල මම කාර්යබහුලයි. මේ ටෙලිනාට්‍යයවලට අමතරව, මා රංගනයෙන් දායක වුණ තවත් ටෙලිනාට්‍යය බොහොමයක් තියෙනවා. ඒත්, ඒවා කවදා කෙදනික විකාශය වේවිද කියලා දන්නේ නැහැ."
බුද්ධික සේනාධීර
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සතියේ දවස් හතේම දකින 'චන්දික'