(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා මේ වන විය පැය 9ක පමණ කාලයක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්‍ෂි ලබාදී තිබේ.
සංගක්කාර මහතා මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවයි. සංගක්කාර මහතා අද (02) පෙරවරු 9.00 ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර පස්වරු 6.20 පිටව ගියේය.

ඡායාරූපය ඒ එෆ් පී ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කාලේ සුපුරුදු නාට්‍යයක තවත් ජවනිකාවක් මෙසේ අවසන් විය. තවත් කොටස් කීපයක් ඉදිරියට...
බැරිවෙලාවත් මහින්දානන්ද කිව්ව දේ ඇත්ත නම්...!!!
ලංකාවට ක්‍රිකට් ගැහුවොත් ඔහොම තමයි... අපරාදෙ ලෝයර් කෙනෙක් නොවුණේ...
රටට වැඩක් කරපු හිටපු හමුදාපතිට වගේම හිටපු අගවිනිසුරතුමියට එදා මහින්ද සලකපු විදිය බැලුවහම.. අද මේ විශිෂ්ඨ ක්‍රීඩකයින්ට සලකන හැටි හිතාගන්න පුලුවන්... අපි හිතුවේ මහින්ද මහත්තයා දැන්වත් හැදිලා ඇති කියලා හැබැයි කිසිම වෙනසක් නෑ.. ජනපතිතුමාට රටේ ජනතාවගේ තියෙන පිළිගැනීමත් මහින්ද සහ වටේ ඉන්න තක්කඩි විනාශ කරනවා දිනෙන් දින...
ඕක ඇයි ඒ වෙලාවේ කිව්වේ නැත්තේ? දැන්ද මතක් වුණේ... මේවට කියන්නේ කුහක දේශපාලනය කියලයි..
ඔව්, මහත්තයෝ ඔබ දන්නා දේ කියන්න සමහර විට ඔබලා නොදැනුවත්වම වැඩේ කෙරුණා වෙන්න පුළුවන්.. පැමිණිලිකරු ඉදිරිපත් කරඇති කරුණු මොනවාද කියා ඔබ අපි දන්නේ නැහැනේ...
මේවට ජනතාව අගෝස්තු 5වෙනිදා පිළිතුරු දේවි.
එය ලෝක කුසලාන අවසන් මහා තරගයක් මෙන් නොවේ. එය සුහද ක්‍රීඩා තරගයක් මෙනි. තරගය අවසානයේ ප්‍රතිවාදීන්ට ඉතා පහසු ජයග්‍රහණයක් ලැබිණි. අප පැතුවත් ජයග්‍රහණ සැමදා නොලැබේ.
අවුරුදු 9ක නිහඬතාවයකින් පසු මුළු ලෝකයා ඉදිරිපිට කරන මෙම නිගාවෙන් එම ක්‍රීඩකයන්ට වන හානිය සුළුපටු නොවේ...
මහින්දානන්දගේ කේස්වලට මොකද වුනේ...? ඒවත් මේවගේ ඉක්මනට ඇදලා අරන් ඉවරයක් කරන් නැද්ද?
මේ ක්‍රිකට් පාවාදීම තනිකරම මහින්ද කරපු ඉහළ පෙළේ වැඩක්... මේකට ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරලා වැඩක් නැහැ. මේක හරියට පාස්කු ප්‍රහාරය ගැන පොලිස් පොඩ්ඩන්ගෙන් අහනවා වගේ වැඩක්... නියෝග එන්නේ හැමවිටම ඉහළින්... මෙවරවත් රටේ කොඳුනාරටිය කන මොවුන්ට ඡන්දෙ දෙන්න එපා.
මේ දේශපාලුවන් කරන්නේ රටේ ක්‍රිකට් අනාගතයත් විනාශ කර දැමීමයි. (වර්තමානය කොහොමත් ඔවුන් විනාශ කර හමාරයි) පොඩිදරුවන් මේවා දැකලා ක්‍රිකට්වලට යොමුවෙයිද? මොවුන් වැරදි කරලා තියෙනවා නම් ඒවා පරීක්ෂණ කරන නිසික්‍රමවේදයක් තිබිය යුතුයි. එහෙම නැතුව මෙහෙම ප්‍රසිද්ධියේ, මගේ රටට කීර්තියක්, ජයග්‍රහණ ගෙනාපු ක්‍රීඩකයින්ව වැරදිකරුවන්ට වගේ අපහසුතාවයට පත්කිරීම නම් සම්පූර්ණන්ම වැරදි ක්‍රියාවක්... වෙන රටවල ජාතික ක්‍රීඩකයින්ව සලකන්නේ ඔවුන්ගේ රටේ නාම සන්නාමකරුවන් ලෙසයි.. එ්ත් අපේ රටේ දේශප්‍රේමීන් යයි කියාගත් දේශපාලුවන් මුදලට හා බලයට ඉන්දියානුවන්ගේ කීමට සහ වරදාන වලට සංගාට සහ අප රටට ලැබීමට නියමිත ICC සභාපතිකම ඉන්දියාවට විකුණන අයුරු නම් ඉතා අප්‍රසන්නයි.
කුමාර් සංගක්කාර කළ යුත්තේ මෙම කතාවේ ඇත්තක් නැත්නම් මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව නඩු පැවරීමයි.