විනීතා එම් ගමගේ
ශිෂ්‍ය ප‍්‍රශ්න විසඳී නැතිනම් සිසුන් අරගලවලට ඇදී යාම ශිෂ්‍යයන්ගේ පැත්තෙන් නිවැරදි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප‍්‍රකාශ කළේය.
ප‍්‍රශ්නයක් ඇත්නම් පාරට බහින්ට පෙර පරිපාලනය සමඟ කථාබහ කරන්නට තම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සමඟ එකඟතාවකට පැමිණ සිටින බව ද උපකුලපතිවරයා කීය.
දෙමාපියන් දරුවන්ට සවන්දෙන අයුරින් තම පරිපාලනය සිසුන්ට සහය දෙන බවත් ශිෂ්‍ය ප‍්‍රශ්න විසඳන්නේ නම් සිසු අරගල වලින් සියයට 90 ක් විසඳන බවත් මහාචාර්යවරයා පැවසීය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිදහස් නිවහල් පරිසරයක් සිසුන් වෙනුවෙන් ගොඩ නගා ඇතැයි කී අමරතුංග මහතා හැමදෙනාම එකිනෙකාගේ නිදහසටත් විරුද්ධ අදහස් වලටත් ගරු කරන්නට පුරුදු වී ඇතැයි ද කියා සිටියේය.
එම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වැඩි කිරීමට අවශ්‍ය වුවත් ඒ සඳහා රජයට මුදල් නොමැති නමුත් කෙසේ හෝ නේවාසිකාගාර අවශ්‍ය වන බැවින් අවට නිවාස 44 ක් කුලී පදනම මත ලබාගෙන නේවාසිකාගාර බවට පත් කරගත් බව ද හෙතෙම සඳහන් කළේය.
දරුවන් පෙරවරු පහට විශ්ව විද්‍යාල පුස්තකාලය විවෘත කරන බවත් මේ නිසා විශ්ව විද්‍යාල සිසුන් නවෝත්පාදන කෙරෙහි යොමුවීමේ ප‍්‍රවණතාව වැඩිවී ඇති බවත් ඔහු තව දුරටත් කියාසිටියේය.
උපකුලපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම විශ්ව විද්‍යාලයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන නවොත්පාදන සමාජගත කිරීමේ ප‍්‍රදර්ශනය පිළිබඳව මාධ්‍යයට කරුණූ හෙළි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සඳහන් කරන ලද සිසුන් සඳහා නිවාස කුලී පදනම මත ලබා ගැනීමේදී, එම කුලියට අවශ්‍ය මුදල් රජයේ ප්‍රතිපාදන වලින් ලැබෙන්නට ඇති. මේ ප්‍රතිපාදන සඳහා බදු මුදල් ගෙවමින්, දරුපවුල් නඩත්තු කරමින් රටේ ජීවත්වන බොහෝ දෙනාට, ඔය පාරට බහින සිසුන්ට වඩා ප්‍රශ්න ඇත. උදාහරණ ලෙස, අද රටේ මිනිසුන්ට ස්ථීර රැකියා සොයා ගැනීම, ගෙවල් කුලී ගෙවීම, දරුවන් හොඳ පාසලක දමා ගැනීම, දරුවන්ට තුන් වේලක් කන්නට දීම, ලෙඩකට බෙහෙත් මිලදී ගැනීම වැනි දිනපතා ඇති ප්‍රශ්න වලට මුහුණ දීමට ඇත. ඔබ යෝජනා කරන්නේ එවැනි අයත්, ඔවුන්ට ඇති ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන මෙන් ඉල්ලා පාරට බැසීමද?
ඇත්තෙන්ම ප්‍රායෝගික උපකුලපති වරයෙක්.. ළමයින්ට ප්‍රශ්න විසදන්න උදව් කරලා, සාකච්ඡාවෙන් සම්මුතියෙන් වැඩ කරන්න පුලුවන්නම් ඇත්තටම අගනෙයි.. හුඟක් අපේ අනිත් විශ්ව විද්‍යාල ලොකු නිලධාරීන් හරිම ලොකුකමෙන් තනතුරෙන් උදම් වෙලා ... ආඩම්බර වෙලා ...හැබැයි පුස් ගොඩක් වෙලා ඉන්නවා... හොඳ ආදර්ශයක්... ශිෂ්‍යයන් සමග යහපත් සම්බන්ධයක් ගොඩ නගාගෙන.. වැදගත් පරපුරක් බිහි කරන්න... විනය සම්බන්ධයෙන් තදින් ඉන්න... ප්‍රශ්න විසඳන්න..
නාරද සහ යහ ගේ අදහස් අප අගය කරන්නෙමු . ඇත්තෙන්ම අප මෙම මහාචාර්යවරයාගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. පළමුව ඔබ විසින් සිසුන් සමග හොද කිට්ටු සම්බන්දතාවයක් ඇතිකර කටයුතු කිරීම පිලිබදව සතුටු වන්නෙමු. මෑතකදී වයඹ සරසවියේ නවක සිසුන්ට සිදුවූ අමානුෂික වාදය ඔබ අවංකව අනුමත කරන්නේද ?? අපට වැල්වටාරම් උත්තර අවශ්‍ය නැත. ඔව් හෝ නැත ප්‍රමාණවත්.
ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරියේ පවතී.. සිසු විරෝධතාවයක එක් ඉල්ලීමක් වූයේ, අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කරන්නට යයි කියායි. නිකම්ම පාරට බැස අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්නට යයි කියා මොරගාන්නේ නැතිව, එම 6% ලබාගැනීම සඳහා කපාහැරිය යුතු රජයේ අනිකුත් වියදම් මොනවද යයි යෝජනා කිරීම වැදගත්. උදාහරණ ලෙස, අධ්‍යාපනය සඳහා 6%ක් ප්‍රතිපාදන වෙන් කිරීම උදෙසා, කපා හැරිය යුතු අනිකුත් රජයේ වියදම් වන්නේ සෞක්‍ය සේවයද, සමෘධි ගෙවීම්ද, ආරක්ෂක සේවාවන්ද, මාර්ග නඩත්තු කිරීමද, ප්‍රවාහන සේවාවන්ද, සියලු රජයේ සේවකයින්ගේ වැටුප්ද, එසේත් නැත්නම් තවත් විදේශීය නය ගැනීමද යන්න ඔවුන් ඔසවාගෙන සිටින සටන් පාඨවල සඳහන් කිරීම වඩා අර්ථවත් යයි සිතමි.
කවුද මේ මහාචාරියා.විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින් මෙහෙයවන්නෙ ජේවීපී.ගුරුවරු නෙවෙයි.ඔය කාලකන්නින් සිටිනතුරු ශිෂ්‍යයින් පාරට බහින එක වලක්වන්න බෑ.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිදහස් නිවහල් පරිසරයක් සිසුන් වෙනුවෙන් ගොඩ නගා ඇතැයි කියන්නේ කවුද? ඇතැම් සිසුන්ට (හිතා ගන්න කාටද කියල) නම් එහෙම එකක් තිබෙනවා. නමුත් හැමටම නොවෙයි.
සම්පත් අමරතුංග මහත්තයා ජපානේ සගා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කොට ජපානේ අයගෙන් සල්ලි අරන් පොලු තිබ්බා. දැන් බණ කියනවා. ඔයගොල්ලො කැමැති නම් මම සාක්ෂි එවන්නම්...
උගත් බුද්ධිමත් කෙනෙක් කරන නිවැරදි මග පෙන්වීම නිසා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ ළමයින්ට හොඳක් සිද්ධ වෙන එක වත් නොපෙනෙන අය තමයි ඒවාට එරෙහිව අදහස් දාන්නේ
මෙම උපකුලපති මහතාගේ සත්‍ය හෙලි වන්නේ පසුවනේ. 50වන සංවත්සරය විශාල මුදල් වියඳමක් කර පැවැත්තූවා. දැන් 60වන සංවත්සරය තමාගේ උපකුලපති කාලයතුල කරගන්න හදනවා. මෙයාට අවශ්‍ය ඊලඟ තනතුර හදා ගන්න. තානාපති කමක් වගේ දෙයක්. හරි ආසයි ජනාධිපති තුමා ගෙන්නන්න. වෛද්‍ය පීඨයේ ගොඩ නැගිල්ල විවෘත කරන්න ජනාධිපති ගෙන්න ගන්න හරි ට්‍රයි කලා. නමුත් ඒක හරි ගියේ නෑ. මෙයාගේ කෙරුවාව බොහොම වෙනස්. ඒක හොඳින් දන්න කෙනෙක්ගෙන් අහන්න මෙයා කවුද කියලා. මෙයාගේ කථා වලට මෝඩ දේශපාලකයෝ අහු වෙලා ඉන්නේ.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටන් කරනවා. ඈත දුෂ්කර දුප්පත් ජනයාගේ පවුල් වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන්ට මහජන මුදලින් නේවාසිකාගාර පහසුකම් ලබාදීම වරදක්ද? අප විශ්වවිද්‍යාලයට පැමිණි කාලයේ අපට පළමු හා අවසන් වසර විතරයි නේවාසිකාගාර ලැබුනේ. විශාල මුදලක් පෞද්ගලික බෝඩිංවලට ගෙව්වා. දැන් ඒ තත්ත්වය අඩුවීම දුප්පත් සිසුන්ට මහත් අත්වැසිල්ලක් කියලයි මම හිතන්නේ. මෙය නිදහස් අධ්‍යාපනය නැතිනම් අධ්‍යාපනයට 6% වෙන්කර ගැනීම නොවන්නේ ද? ජපුර පිහිටා ඇත්තේ ඉතා නාගරික ප‍්‍රදේශයක. ළමයි 11000කට වැඩිය ඉන්නවා. නේවාසිකාගාර හදන්න රජය මුදල් දුන්නට ඉඩම් නැහැ. ඉඩමක් ගන්න තැනැක් නැහැ. ඉඩම් අත්කර ගැනීමේ දී සමාජීය ප‍්‍රශ්න විශාල ප‍්‍රමාණයක් එනවා. ඒක සරල කාර්යයක් නොවෙයි. මාසෙන් දෙකෙන් නේවාසිකාගාර හදන්න බෑ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රායෝගික විසදුම් ගේන්න ඕන. අධ්‍යාපනයට 6% දෙන්නේ නැතිනම්" 6% ගන්න පුලූවන් වෙන්න ඕන. ඒක තමයි ප‍්‍රායෝගික නායකත්වය.
ඒක නම් ඇත්ත. අධ්‍යාපානයට 6% දෙන්නේ නැතිනම් 6% ගන්න ඕන. දුප්පත් ළමයින්ට දෙවන හා තෙවන වසරවල නේවාසිකාගාර ලබාදීම වරදක්ද? ජාතික අපරාධයක් ද? මහජනයා පාරට බැසිය යුතු දෙයක් ද? මම දන්නා තරමින් රු 30ට සිසුන්ට කෑම දෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මේක. අඩුපාඩු පවතිනවා ඇති
ඒකනම් ඇත්ත අධ්‍යාපානයට 6% දෙන්නේ නැතිනම් 6% ගන්න ඕන දුප්පත් ළමයින්ට දෙවන හා තෙවන වසරවල නේවාසිකාගාර ලබාදීම වරදක් ද? ජාතික අපරාධයක් ද? මහජනයා පාරට බැසිය යුතු දෙයක් ද? මම දන්නා තරමින් රු 30ට සිසුන්ට කෑම දෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මේක අඩුපාඩු පවතිනවා ඇති
ඒකනම් ඇත්ත. අධ්‍යාපානයට 6% දෙන්නේ නැතිනම් 6% ගන්න ඕන. දුප්පත් ලමයින්ට දෙවන හා තෙවන වසරවල නේවාසිකාගාර ලබාදීම වරදක් ද? ජාතික අපරාධයක් ද? මහජනයා පාරට බැසිය යුතු දෙයක් ද? මම දන්නා තරමින් රු 30ට සිසුන්ට කෑම දෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය මේක (අඩුපාඩු පවතිනවා ඇති). නමුත් විශ්වවිද්‍යාලය පැත්තෙන් මේ සදහා කරන වියදම ඇගයිය යුතුයි. දැන් විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් බාගෙකට විතර නේවාසිකාගාර ලැබෙනවා. වසර 60ක කාලයක් තුළ නොලද පහසුකම් ලැබෙනවා. උදාහරණයක් ලෙසට විදුලි පංකා දක්වන්න පුලූවන්. ඩෙංගු වලට කොළඹ පිහිටි විශ්වවිද්‍යාල අතරින් වසා නොදැමූ එකම විශ්වවිද්‍යාලය මේක. නේවාසිකාගාර වලට වේපරයිසර් ලබාදීලා. මුලූ ගමම ආවරණයකර ඩෙංගු මර්ධන වැඩසටහන් කරලා. ඩෙංගු හැදුනු ලමයිට වෙනමම කෑමබීම දීලා තමයි ඩෙංගු වලට උත්තර දුන්නේ. ඩෙංගු වලින් වෙනත් විශ්වවිද්‍යාලවල ළමයි මැරෙනකොට ඩෙංගු හැදුනු ළමයි පවා විභාග වලට දේශනවලට ගිය එකම විශ්වවිද්‍යාලය මේක.
නමුත් විශ්වවිද්‍යාලය පැත්තෙන් මේ සදහා කරන වියදම ඇගයිය යුතුයි. දැන් විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් බාගෙකට විතර නේවාසිකාගාර ලැබෙනවා. වසර 60ක කාලයක් තුළ නොලද පහසුකම් ලැබෙනවා. උදාහරණයක් ලෙසට විදුලි පංකා දක්වන්න පුලුවන්... ඩෙංගුවලට කොළඹ පිහිටි විශ්වවිද්‍යාල අතරින් වසා නොදැමූ එකම විශ්වවිද්‍යාලය මේක. නේවාසිකාගාර වලට වේපරයිසර් ලබාදීලා' මුලුගමම ආවරණය කර ඩෙංගු මර්ධන වැඩසටහන් කරලා. ඩෙංගු හැදුණු ළමයින්ට වෙනමම කෑමබීමදීලා තමයි ඩෙංගුවලට උත්තර දුන්නේ' ඩෙංගු වලින් වෙනත් විශ්වවිද්‍යාලවල ළමයි මැරෙනකොට ඩෙංගු හැදුණු ළමයි පවා විභාගවලට, දේශනවලට ගිය එකම විශ්ව විද්‍යාලය මේක...
මම දන්නා තරමින් ජපුරේ උපකුලපති ඉතා නම්‍යශීලී පුදගලයෙක්. සිසුන්ගේ විතරක් නොවෙයි වෙනත් ඕනෑම අයගේ ප්‍රශ්නවලට සවන් දෙනවා. ඒ වගේම විසඳුම් දෙනවා. විශේෂයෙන්ම සිසුන්ගේ නොයෙක් ආර්ථීක හා මානසික ගැටලූවලට ප්‍රායෝගික විසඳුම් දෙන්න උත්සාහ කරන උපකුලපතිවරයෙක්. කාලයකට පෙර සිසුන්ගේ ජීවිත පවා බිලිගත් විශ්වවිද්‍යාලයක වර්තමානයේ මේවාගේ සිසුන්ට නිදහසක් තියෙන එක ගැන ඇත්තටම අප සතුටු විය යුතුයි. පසුගිය කාලයට සාපේකෂව භීෂණයක් දැන් නැහැ. සිසුන්ට නිදහස තියෙනවා. සේවකයන්ට නිදහස තියෙනවා. විශ්වවිද්‍යාලයේ භෞතික දේ මෙන්ම අධ්‍යාපන පැත්තෙන්ද දියුණු වෙනවා. උදාහරණයක් ලෙසට වර්තමානයේ නව පැකල්ටි දෙකක් හදුන්වලා දීලා තියෙනවා. මේ සියල්ල දෙස බැලීමේ දී පෙනෙන්නේ වර්තමාන උපකුලපතිවරයා විශ්වවිද්‍යාලය පැත්තෙන් සෑහෙන වැඩ කොටසක් කර තියෙන බවයි. ඉතින් පුද්ගලයෙක් වැඩ කරලා තානාපතිකම් ගන්න එක හොඳ නැද්ද? බොහෝ පුද්ගලයන් කිසිදු දෙයක් නොකර තානාපතිකම් ගන්නා රටක මිනිසෙක් හොඳින් වැඩකර තනතුරු ගත්තම ඇති වරදක් මම දකින්නේ නෑ. මට හිතෙන විදයට වැඩ කරන මිනිසුන්ට වැඩ කරන්න දෙන්නේ නැත්තේ අපිමයි. අඩුම තරමින් පාඩුවේ ඉන්න දෙනවා නම් ඒ ඇති...