(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් පසුව විභාගය නිමවෙන තෙක් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාලව උපකාරක පංති පැවැත්වීම විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ , වැඩමුළු පැවැත්වීම , ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.
තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල පෝස්ටර් , බැනර් අත්පත්‍රිකා බෙදා හැරීමද විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරයක් කිරීමද එම කාලය තුළ තහනම් වේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වේ.
COMMENTS
එතකොට ඔය ගෙවල් වලට ගෙන්නාගෙන උගන්වන අයට මොකද කරන්නේ
වෙනත් රටවල්වල තිබෙනවා මැග්නට් ස්කූල් කියලා පාසල්... එව්වට ළමයින් තොරාගන්නත් මෙවැනි විභාග උපයෝගී කරගන්නවා. එහෙත් ඒ පන්ති තියලා නොවෙයි. එම විභාගයෙන් බලාපොරොත්තු වන්නේ සහජ දක්ෂතාවයක් ඇති ළමුන් තෝරා ගැනීමයි. ඒ දරුවන්ට කියන්නේ ගිෆ්ටඩ් චිල්ඩ්‍රන්ලා කියලා. ඒ උපතින්ම ( ක්‍රිස්තියානුවන් විශ්වාස කරනවිදියට) දෙවියන්ගේ දායාද ලබා පැමිණියවුන්. අපේ රටේත් ශිෂ්‍යත්වය ඇතිකිරීමේ මූලික අරමුණ වුනේ ඒ දක්ෂ දරුවන් හඳුනාගෙන ප්‍රතිපාදන වැඩියෙන් වෙන්කර පහසුකම් ඇති පාසල්වලට ඒ දරුවන් අතුලුකරගෙන උගතුන් බිහිකිරීමයි. නමුත් අද ජාතික පාසල්වල ඉන්නේ ධනවතුන්ගේ සහ දේශපාලකයින්ගේ මැටි පුතාලා සහ සහජ දක්ෂතාවයන් ඇත්තවුන් අතළොස්සකුයි. වෙන විභාග කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පන්ති පැවැත්වීම තහනම් කළ යුතුයි. එමෙන්ම පදිංචි දුර ප්‍රමාණය, ආදී ශිෂ්‍යභාවය, ආදිය නොසලකා දක්ෂතාව මත පමණක්ම ඇතුළු කරගන්න ජාතික පාසැල් පද්ධතියක් බිහිකළ යුතුයි. එසේ නොමැතිව නියම දක්ෂයින් සුළුතරයක් සිටින පාසල් වලට ජාතික පාසල් යැයි කියාගනිමින් ප්‍රතිපාදනවලින් වැඩි කොටසක් වෙන්කර මේ කරන ක්‍රමයෙන්, අවශ්‍ය නිසි ප්‍රතිඵල නොලැබී යනු ඇති...
ජාතික පාසල් වලට යන්නේ හොඳට ඉගෙන ගන්න කියන එක බොරුවක්. ඒවාට යන්නේ සමාජයේ පිලි ගැනීමක් ගන්න. ඉගෙන ගන්න එක කොහේ ගියත් ඉගෙන ගන්නවා. නැති එක නැහැ. හැබයි පාසලෙන් පස්සේ මේ පාසල් දෙකේ ළමුන් දිහා බලන්නේ සමාජේ වෙනස් විදිහකට..... අන්න ඒක තමයි අපි නැති කල යුත්තේ. මම හොඳ දෙයක් කියන්නම්. මම 1996 ගුවන් හමුදාවේ සම්මුක පරික්ෂනෙට ගියා. ඇවිත් හිටිය 10,000 ක් විතර . මම පෝලිමේ ඉන්න තැනට අව ලොකු ලොක්කෙක්, ඇවිත් කිව්වා අහවල් ඉස්කෝලේ ඉන්න එවුන් වරෙල්ල මා එක්ක කියල. එක ලංකාවේ නම ගිය ඉස්කෝලයක්. මට එතකොට තමයි මේක වැටහුනේ ලොකු ඉස්කෝලෙක තියෙන වටිනාකම්. හැබයි ඒක ඉගෙනීමම නෙමෙයි.