
(නිමන්ති රණසිංහ)
අධිකරණයට බොරු සාක්ෂි ඉදිරිපත් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (31) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අද පෙරවරු 7.00 ට අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා රාත්‍රී 9.00 ට පමණ ගම්පහ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට අදාළව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධියකට අදාළව මෙම නඩුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බල්ලට තමයි. මෙවා ඉතාම පහත් පළිගැනීම්... එදා මෙදාතුර රහස් පාෙලිසියේ සිටිය කීර්තිමත්ම නිලධාරියා ඉතින් මෙහෙම රටක අවංක නිලධාරින්ට අත්වන ඉරණම...
මේ වටිනා නිලධාරියාව නිදහස් කරගන්න සියලු නීතිගරුක ජනයා පෙරට අා යුතුයි. ජඩඅාණ්ඩුවක්... පහත් පලිගැනීම්.. හරිම කණගාටුයි.
එදා මෙදා තුර රහස් පොලිසියේ සිටිය කීර්තිමත්ම නිලධාරියා... මේවා දේශපාලන දඩයම්... ඉතින් මෙහෙම රටක් යන්නේ කොහාටද..? හිරේ ඉන්න ඕනෑ අය රටේ පාලනයේ ඉන්න ඕනෑ අය හිරේ...
මේ රටේ නිලධාරියෙකුට ස්වාධීනව වැඩ කරන්න හැකියාවක් නැහැ.
ශානි අබේසේකරට බොරු නඩුදමා දේශපාලන පළිගැනීමට සැරසෙනබව පෙනේ. සත්‍ය කවදා හෝ ජයගනු අැත.
රාජ්‍ය සේවයේ ඇති අවිනිශ්චිත භාවය මෙයින් මනාවට පැහැදිලි වෙයි.
පළමුව අපගේ මෙම අදහස් " මෙයා නරකයි, අරයා හොඳයි හෝ මෙයා හොඳයි අරයා නරකයි කීමට" නොවන බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු.. අහිංසක දුප්පත් මහජනතාවගෙන් එකතුකර ගන්නා බදුමුදල් වලින් "සුළු වැටුපක් ලබාගන්න හෝ විශාල වැටුපක් ලබා ගන්නා "රජයේ නිලධාරියකුගේ යුතුකම මෙන්ම වගකීම තමන්ට වැටුප් ලබාදෙන අහිංසක මහජනතාවට තම හදවතට එකඟව අවංකව තම රාජකාරිය කිරීම බව රාජ්‍ය සේවයේදී සිටින වැඩි පිරිසකට අමතකවීම කණගාටුවකි. එබැවින් අහිංසක ජනතාවගේ බදුමුදලින් වැටුප් ලබමින් දියවන්නාව අසුචි වලේ පාදඩ දේශපාලුවන්ගේ අනුගාමිකයන් ලෙස සේවය කරන සහ එසේ සේවය කිරීමට බලාපොරොත්තු වෙන රජයේ සේවකයන්ට අප මෙසේ පැවසීමට කැමැත්තෙමු. "අහිංසක මහජනතාවගේ සාපයට " ලක්වුණු කිසිදු පාදඩයෙක් (ලොක්කෙක් හෝ සොක්කෙක් වුවත්) මියගියේ ඉතාම දුක්බර ලෙසත් ඒ අයගේ පවුල් පන්සල්ද සීසීකඩ ගොස් නන්නත්තාර වී ඇති බවට අතීතයේ ඕනෑතරම් උදාහරණ ඇති බවයි.. අපගේ මෙම අදහස් දියවන්නාව පට්ටියේ "225" මෙන්ම සියලුම රජයේ සේවකයින්ට කිසිඳු වචන වෙනසකින් තොරව කියැවීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
අතිදක්ෂ රහස් පොලිස් පරීක්ෂකයෙක්. නීතියේ ආධිපත්‍යයේ මළගම මෙයින් මොනවට පෙන්නුම් කරයි. අගෝ 5 ජනතාව නිවැරදි තීන්දුවක් නොගතහොත් අධිකරණය වසා දැමීම වඩා සුදුසුයි..
මේ වගේ අසික්කිත වැඩකරන අයනේ බලය ඉල්ලන්නේ. පිල්ලෙයාන්ටත් ඇමැතිකමක් දෙන්නත් ලෑස්තියිලු. අවාසනාවට තවමත් මේවාට කැමැති බයියන් අපේ රටේ ඉන්නවනේ.
දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදි දේශපාලුවන් ඉන්න රටක සිද්දවෙන දේවල් ගැන කවර කතාද?
ශානි කොහොම හරි හිරේට දාලා ඕනෑ කරන්නේ එකම එක දෙයයි. "දැනට උසාවියේ ගොනුකර ඇති නඩු සියල්ල ඉවත් කර ගැනීම, දැනට පරීක්ෂණ කරගෙන යන නඩු ෆයිල් සියල්ල විනාශ කර දැමීම, මින් ඉදිරියට කිසිම නඩුවක් ඔවුනට එරෙහිව ගොනු නොවීම, දැනට හිරේ ඉන්න "අවශ්‍ය පුද්ගලයින් එලියට ගැනීම" තත්වය කණගාටුයි ඒ වගේම අතිශය බරපතලයි.
සාමාන්‍ය පුරවැසියෙක් නීති විරෝධී ගිනි අවියක් තියාගත්තනම් ඔහුට ඇප හම්බවෙන්නේ නැහැ. නීතිය අවභාවිතා කරන රාජ්‍ය නිලධාරීන්ටත් ආදර්ශයකටත් එක්කම ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් හෝ මරණ දඬුවමක් දිය යුතුමයි..
ගොඩක් බලය අයුතු ලෙස පාවිච්චි කළා. හැබැයි ඒවා කළේ සති දෙකකට වඩා කළින්. සිංහල අයට මතක සති 2යි කියලා අහලා තියෙනවා.