(තිළිණි ද සිල්වා)
සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි.
යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදු වන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණක් බවයි.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන තානාපති කාර්යාල ද එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලයේ ද එකඟතාව මත මෙම නිවේදනය නිකුත් කර ඇත.
සියලු ප්‍රජාවන් අතර සාමකාමී සහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.
එකිනෙකා අතර ගරුත්වය, සාධාරණත්වවය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
ඉකුත්දා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
COMMENTS
ඔක්කොම මුස්ලිම් ප්‍රජාව යුරෝපයට ගෙන්නගත්තනම් හරි!. මේක හොද අවස්තාවක් මුස්ලීම්වරුන්ට!
2100 දී යූරෝපයේ බහුතරයක් මුස්ලිම් වනු ඇත. එයට හේතුව මුස්ලිම් ජනතාවගේ වේගවත් වර්ධනය සහ සංක්රමනයයි. එවිට යුරෝපයේ ෂරියා නීතිය ක්‍රියාත්මක වීමට පුළුවන. යුරොපයේ සම ලිංගික විවාහ, ගබ්සාව, සම ලිංගීකයන් දරුවන් ගර්භාෂ කුලියට ගෙන සෑදීම මේ නිසා නැතිවී යතැයි බලාපොරොත්තු විය හැක.
ඉතා හොඳ ප්‍රවණතාවයක්. ශ්‍රී ලංකාව කියන්නෙත් ලෝකයේ කොටසක් බව නොදැන ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ බොහෝ අය වැඩ කරනවා. එය එසේ නොවන බව ඔවුන්ට දැන්වත් අවබෝධ විය යුතුයි
මේ ප්‍රහාරයට කලින් මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැ , මනුෂ්‍යෙයා් 300 විතර මැරිලත් , ආර්ථිකය විශාල ලෙස කඩ වැටි තිබියදීත් මිනිස්සු 83 කළු ජූලියේ වගේ හැසිරුනේ නැහැ .....
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ රටවල් සමග අයිසිස්ලට සංහිදියාවෙන් ජීවත්වීමට කටයුතු උදා කල යුතුය..
මුස්ලිම් අයටද වැරැද්ද උනේ ?
යුරෝපා සංගමේ බළලෙක් මල්ලෙන් එලියට පැන්නලු ඔන්න. එයාලට ඉස්ලාම් ත්‍රස්තවාදෙන් බැටේ වැදෙනකොටත් අනුන්ගේ කිල්ලෝට වල හුණු හොයන්න එනවා. වැඩි කල් නොයා යුරෝපය ඉස්ලාමිකරණය වෙන්නේ මේ මෝඩ වැඩ නිසා තමයි. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. අප්‍රේල් 21 මැරුනේ සිංහල සහ දෙමල මිනිස්සු. නැති භීෂණයක් මවන්න උත්සහ කරන අන්තර්ජාතික අවස්තාවාදින්ගෙන් රට බේරා ගැනීම රජයේ වගකීමක්. ප්‍රශ්නේ තියෙන්නෙත් එතන. අපිට වගකීමෙන් වැඩ කරන රජයක් නැතිකම..
බෝම්ව ප්‍රහාර වලින් දුක් විඳින ජනතාව ගැනත් අවධානය යොමු කරනවනම් හොඳයිනේ.
සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ සිංහල (කතෝලික) ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ මුස්ලිම් දේශපාලනික හා ආගමික ත්‍රස්තවාදී ක්‍රියාව පිළිබඳව දැඩි අවධානය යොමු කලොත් වඩා හොඳයි. ඒ පිළිබඳව අපි යුරෝපා සංගමය පිළිබඳව දැඩි අවධානයෙන්. හොඳේ.
මේකේ ඉන්න අයට පේන්නෙම ලොකු ගානක් මැරුණට පස්සේ තත්ත්වය විතරයි.
පාස්කු ප්‍රහාරය , පල්ලිවල තිබූ අසීමිත ආයුධ , ඔවුන්ගෙන් කියැවෙන අන්තවාදී ප්‍රකාශන මෙයාලා දැකලා නෑ. මේක තමයි මෙයාලාගෙ න්‍යාය .පුදුම විය යුතු දෙයක් නෑ
අපිත් කියන්නේ ඕකම තමයි
මෙම රටවල් එකතුවෙලා ලංකාවෙන් කරන ඉල්ලීම අනුමත කල නොහැක , මේක ලංකාවේ විතරක් තිබෙන ප්‍රශ්නයක් නොවේ යුරෝපයේත් තිබෙන ප්‍රශ්නයක්, ලෝකයේ මුස්ලිම් සුළුතරයක් ලෙස ජිවත්වන මුස්ලිම්වරු බහුතරය සමග සුහදව එකට ජිවත් වුන, නමුත් දැනට අවරුදු 10 ක පමණ කාලයක් සිට මේ සුළුතර ප්‍රජාව බුර්කා වැනි ඇදුම් අදින්නත් , බහුතරයෙන් ඈත්ව කල්ලි ගැසෙන්නත් පටන් ගත්තා, ඉන්පසු is වැනි කල්ලිවලින් එම රටවල ජනජීවිත වලටද කරදර සිදු වුණා, ප්‍රංශය ,ඉතාලිය ස්විස්ටරලන්තේ වැනි රටවල් එක්ක සන්සන්ධනය කරනකොට ලංකාවේ සුළුතරයක් වන මුස්ලිම් ජනතාවට පසුගිය ආණ්ඩු සහ මෙම ආණ්ඩුව උපරිම අයුරින් සලකලා තිබෙනවා , මෙහෙ මුස්ලිම් වරුන්ගේ ආගමික උත්සව වල නිවාඩු රජයේ නිවාඩු දින බවට පත්කරලා තිබෙනවා , මුස්ලිම් කටයුතු භාර ඇමති කෙනෙක් ඉන්නවා, මුස්ලිම් අයට විශේෂ නීතියක් තිබෙනවා, පසුගිය කාලේ ඔවුන් ඔවුන්ට ඕනේ විදිහට රටපුරා පල්ලි හදන්න නිදහස දීලා තිබෙනවා, මුස්ලිම් ආණ්ඩුකාරවරු , මුස්ලිම් ඇමතිවරු රටේ ඉන්නවා. තත්වය මෙසේ තිබියදී මේ රටවල් අපෙන් කරන ඉල්ලීම අයුක්තිසහගතය .
මහජනතාවගේ හැසිරිම ඉතා ප්‍රශංසනියයි, මාධ්‍ය හැසිරිම ඉතා අසතුටුදායකයි.
මෙහෙ ඉන්න කට්ටිය එක්කොම ගෙනිහින් යුරෝපා සංගමයේ පදිංචි කරගන්න කියන්න. එතකොට ප්රශ්නය ඉවරනේ. හැබැයි ඉතින් ඒගොල්ල දැනටමත් මුස්ලිම් ප්‍රජාවගේ ග්‍රහණයට අහු වෙච්ච බව තවම දන්නේ නෑ.
අර 254 මරුණ හේතුව ගැන කිසිම අවදානයක් නැද්ද මුන්ගේ රට වල නගර වල බෝබ්බ පුපුරද්දී අගමැති වරිය කෑගහනවා... අපි නීති වෙනස් කරලා ත්‍රස්තවාදය නවත්වනවා කියල මේවට කියන්නේ වැදී බන
ලංකාවේ කාටවත් අවදානය යොමු කරන්න දෙයක් නැහැ අපේ රටේ ප්රශ්නය අපි බේරා ගන්නම්.
යුරෝපයෙයි, ඇමරිකාවෙයි බෝම්බ පිපිරෙද්දී ඒ රටවල් වලට මිනිසුන් යන්න බය වෙනවා. ලංකාව ස්ථාවර නම් ලංකාවෙන් යන මිනිස්සුත් අඩු වෙනවා, ලංකාවට විනෝදෙට සංචාරයට එන මිනිස්සුත් වැඩිවෙනවා. එතකොට ආර්ථිකය ඉබේටම ස්ථාවරයි. ලංකාවේ යුද්දේ නතර වෙලත් මේ වගේ දෙකට ඉඩ ලැබීම ගැන මට තියෙන්නේ කනස්සලක්. මේ වෙච්චදේ අවුරුදු තිහක යුද්දය හා සමාන සුදුවක්. අනික ආගම්වල උගන්වන දේවල් වලින් මානසික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගෙන. අනවශ්‍ය ලෙස ආගම ඉස්සරහට දාගෙන රටේ නිදහසට බලපෑම් කිරීම සුදුසු දෙයක් නොවේ.
මෙයාලා මේ දේවල් තේරුම් ගත්ත නම් අද මෙහෙම දේවල් වෙන්නේ නැහැ. මෙයාලා තමයි ලෝකයේ ත්‍රස්තවාදය වපුරන්නේ.
අපිට අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මෙච්චරකල් අපිම තමා ප්‍රශ්න විසඳ ගත්තේ. අප හැමෝටම ප්‍රශ්න තියෙනවා.
බඳුනක් කැඩුනට පසුව අලවා සවිකරන්න පුළුවනි . නමුත් පෙර තිබුණු තත්වයට එය කිසිම ලෙසකින් ගන්න බැහැ.. අද වෙලා තිබෙන්නේ ඒ දෙයයි.අසුහාරදහසක් දර්මස්කන්ධය දේශනා කල බුදුවහන්සේ පිරිනිවී යන මොහෙතේ එම දේශනා සමුහයෙන්ම එක් දේශනාවක් අවසාන දේශනාව හැටියට ගෙන හැර සබ්බ පාපස්ස අකරනන් කියා වදාලන්න සිත්වූ පමණින් වරදේ තිබෙන අයහපත් ස්වභාවය තේරුම් ගත හැකියි.
සියලු මුස්ලිම් වරුන්ට සාධාරණයක් ලෙස ලන්කාවේ මුස්ලිම්වරුන් යුරොපයට යවන්න. Isis ප්‍රදාන කාර්යාලය යුරෝපයේ පිහිටවන්න.
යුරෝපා සංගමයට මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ලවුණා දාට මේ ප්‍රකාශය වෙනස් කරන්න සිදුවෙය්.
යුරෝපා සංගමය මහන්සි වෙන්න ඕනෑ නැහැ. මුස්ලිම් ජාතිකයන් සුරකින්න ඕන තරම් මැද පෙරදිග රටවල් තියෙන්නෙ...
සුරේෂ් බර්මිංහැම්, ලංකාවෙන් යුරෝපයට ගිය බොහෝදෙනෙකුට ඔය ලෙඩේ තදින්ම හැදෙනවා. කියන්නකෝ ලංකාවේ සිටින අපි අවබෝධ කරගත යුත්තේ මොනවාද කියලා? හම්බයින්ටයි, දෙමළුන්ටයි රට දීලා සිංහලයන් රටේ පැත්තකට යායුතුයි කියලද?