IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ශ්‍රී ලංකාවේ කටයුතු රැසකට ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති එකඟතාව

(අංජුල මහික වීරරත්න)
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ නීත්‍යනුකූලව ක්‍රියා කිරීම සඳහා ඉන්දීය සහය ලබාදීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ එකඟතාවය පළ කළේය.


ඉන්දීය සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දුත පිරිස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරිණි. 


පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා සහය ලබා දීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ​සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පැවසීය.


නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් සාකච්ඡා ශාලාවේ දී මෙම හමුව සිදුවිය. 



අදහස් (4)

ශ්‍රී ලංකාවේ කටයුතු රැසකට ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති එකඟතාව

රවින් Sunday, 21 October 2018 10:26 AM

එතකොට දේශපාලන සුදුවට ?

:       0       0

මාලති Sunday, 21 October 2018 11:13 AM

ලෝකේ වටේ ගිහින් අපට කන්න හොයන් එනවා හොඳ තාත්තා කෙනෙක් වගේ

:       0       0

Hafeel Sunday, 21 October 2018 01:54 PM

මහ බැංකු වංචාවට හවුල් වූ මේ අගමැතිට කිසිම සදාචාර අයිතියක් නැහැ. ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවන තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ කතාකරන්න...

:       2       19

එම්.ඒ.ජේ Sunday, 21 October 2018 03:33 PM

දිනෙන් දින රටේ ස්වාධීනත්වයද ස්වෛරිත්වය විනාශ වෙමින් ඇත. අදවන විට රට අරාජීක වි ඇත. අප ආත්ම අභිමානයක් නැති ජාතියක් බවට පත්වෙමින් සිටිමු. එක පැත්තකින් චිනය, අනිත් පැත්තෙන් ඉන්දියාවද, විවිධ අාකාරයෙන් රට ගිල ගැනීමට උත්සාහ කරති. ඔවුන් ලංකාව විවිධ ආකාරයෙන් ඔවුන්ගේ විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට උත්සාහ දරති. අපේ රටේ පාලකයෝ ඔවුන්ගේ හෙංචයියන් වී ඇත. තුන්වන ලෝකයේ නායකත්ව ලක්ෂණද, ගතිගුණද ඇති කිසිඳු නායකත්ව පෞරුෂයක් නැති අපේ රටේ නායකයෝ ඔවුන් සොයාගොස්ම අප රටට ඔවුන්ව කැන්දාගෙන එති. අනේ අපේ රට මේ ආගාධයෙන් ගොඩ ගන්න කෙනෙක් නැද්ද?

:       1       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site