IMG-LOGO

‘ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා’

(ඩයනා උදයංගනී)

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළත් ඔහු විසින් මඩකලපුව ප‍්‍රදේශයේ ගොඩ නගා ඇති ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීම වෙනුවෙන් ගෙන යන සටනේදී හිතවත්කම් පසෙක දමා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

මේ සඳහා හිස්බුල්ලා මහතා ඇතුළු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරන ඔහුගේ පවුලේ අය විශාල මුදලක් ආයෝජනය කර ඇති බව පෙනෙන්නේ යැයි කී තිලංග සුමතිපාල මහතා එම වැය කළ මුදල් සොයා දී හෝ විශ්වවිද්‍යාලය රජයට පවරා ආරක්‍ෂක විද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව ද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි ‘පරිවර්තන කේන්ද්‍රයේ’ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සඳහා වන යෝජනාවක් තමන් විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව කී සුමතිපාල මහතා එය කඩිනමින් විවාදයට ගෙන සම්මත කිරීමට සහය දෙන ලෙස තමන් සියලු දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා ඇතැයි ද කීවේය.

එමෙන්ම මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීම සඳහා බල කෙරෙන අත්සන් දස ලක්‍ෂයක පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරෙන බව කී සුමතිපාල මහතා ඒ වෙනුවෙන් දැනටමත් අත්සන් ලක්‍ෂ 7ක් පමණ ලැබී ඇතැයි ද පැවසීය.



අදහස් (17)

‘ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා’

පුරවැසියා Wednesday, 12 June 2019 01:43 PM

නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගන්න බව අගමැතිවරයා කියා තිබියදීත් තිලංග සුමතිපාල පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි ‘පරිවර්තන කේන්ද්‍රයේ’ සිට අනවශ්‍ය සටනක් දියත්කර තිබෙන්නේ කුමක් අරභයාද? සමාජය යළිත් කුපිත කරවීමේ අරමුණින්ද යන්න සැකසහිතයි..

:       1       342

DilanThursday, 13 June 2019 04:50 AM

සුමතිපාල මෙහෙම කියන්නෙ මොන අරමුණකින්ද කියන්න නම් දන්නෑ. ඒත් අගමැතිවරයා කියන දේවල් ගැන විශ්වාසය තියන්න පුළුවන්ද? ඔහු කියපු කිසිම දෙයක් මේ දක්වා කරල තියනවද?

:       70       85

Nuwan Wednesday, 12 June 2019 01:57 PM

ඔය වගේ ගොඩනැගිල්ලක් හදන්න දේශපාලනේට එන්න කලින් හිස්බුල්ලා කෝටිපතියෙක්ද? ඒ වගේම ඔය කරන්න යන්නෙත් සයිටම් එකට හොර ගිවිසුම් ගහලා සෞඛ්‍ය ඇමතිතුමා කරපු මහජන මුදල් නාස්ති කිරීම නොවේද? දන්නේ නැති නිසා අහන්නේ...

:       76       57

Nishantha Wednesday, 12 June 2019 02:09 PM

ක්‍රියාවෙන් පේනවා..

:       0       41

Buddika Wednesday, 12 June 2019 02:16 PM

ඉතාම හොඳ තීරණයක්. ඔබට ඒකට ශක්තිය ලැබේවි. හැබැයි ගිය 2013 අවුරුද්දේදී මේකට අනුමැතිය දෙද්දී මේ විරෝධය කළා නම් මුලින්ම අවුල ලිහාගන්න තිබ්බා. ඒ අතරම දුප්පත් ලාංකිකයන්ගේ ආර්ථික සුභසිද්ධිය විනාශ කරන පවුල් අවුල් කරන රේස් බුකි ටික වහන්නත් ඔබම මුලික වුණොත් හොඳයි. මොකද ආදර්ශය ගෙදරින් පටන් ගනිමුකෝ. අහිංසක මිනිස්සු හම්බ කරන සොච්චම සූරාකන්න ඔය රේස් බුකිවලින් තමයි.

:       20       497

Kumara Wednesday, 12 June 2019 02:17 PM

ඔයා මේ රට කරලා තියෙන හරිය හොඳටම ඇති අපේ දරු පරපුර වත් ඔයාගෙන් බාරගන්න තමයි අපිට තියන ලොකුම සටන...

:       0       163

Amila Wednesday, 12 June 2019 02:34 PM

වැලේ වැල් නැතුව හිටපු ක්‍රිකට් කාපු බුකී කාරයොත් දැන් පාස්කු හුටපටෙන් ගොඩ යන්න දඟලන හැටිනේද?

:       0       322

Hafeel Wednesday, 12 June 2019 03:02 PM

ඕකට අනුමැතිය දෙනකොටත් සහ රජයට අයත් ඉඩම දෙනකොටත්, ඔයාත් එම ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්නේ... දැන් බොරුවට පම්පෝරි ගහන්නේ...

:       18       242

saliya Wednesday, 12 June 2019 03:09 PM

හොඳ ප්‍රගතිශීලී අදහසක්. ඊට කලින් රේස් බුකී තහනම් කරමු. සිංහල බෞද්ධ පවුල් කොච්චර විනාශ වෙනවද මේ සූදුවෙන්? මන්ත්‍රීතුමා පෙරමුණ ගන්න එ්කටත්...

:       0       222

Chanak los angeles Wednesday, 12 June 2019 03:23 PM

සූදුව කියන්නේ හොරකමක්.. උදුරාගන්න බැරිකමට කූට උපක්‍රමවලට මිනිසුන් පොළඹවා අහිංසකයන්ගේ සාක්කු වලට විදීමයි.. නමුත් මේ සූදුකාරයෝ රටේ දානපතියෝ බෞද්ධ සම්මේලනවල සභාපතිවරු සහ සිවිල් පාලනයේ .. මොවුන්ගෙන් රටට සෙතක් වෙනවා කියා හිතනවා නම් වෙලා තිබෙන්නේ මහා රැවටීමක්..

:       0       188

lanka Wednesday, 12 June 2019 03:25 PM

ඕවා ඔක්කොම "රජයට" අරගෙන ඕවා නඩත්තු කරන්නට කව්ද බදු ගෙවන්නේ?

:       13       89

Appuhami Wednesday, 12 June 2019 03:46 PM

මම කවදාවත් සූදුවට ගිහිල්ලා නැහැ. රේස්බුකිවල බලෙන් මිනිස්සු ඇදලා ගන්නේ නැහැ. මිනිස්සු කැමැත්තෙන්නේ යන්නේ..

:       240       8

Kumara Wednesday, 12 June 2019 04:27 PM

මීට කලින් පටන් ගත් ඊනියා ආරක්ෂක විශ්ව විද්‍යාලය දැන් සිවිල් පුරවැසියන්ට මුදලට උපාධි විකුණන කඩයක් වී හමාරයි. ගෝඨාට තිබූ බය නිසා අන්තරය හෝ වෙන කිසිවෙකු හෝ ඊට විරුද්ධ වුනේ නැහැ. මේක රජයට පවරා ගතයුතු වුණත් තව ආරක්ෂක විශ්ව විද්‍යාලයක් රටට අවශ්‍ය නැත...

:       53       151

ටි ඉන්දික Wednesday, 12 June 2019 08:34 PM

ශරියා විශ්ව විද්‍යාලය තවම ආරම්භ කරලා නෑ අනුමැතිය නොදුන්නාම ඇති..

:       0       0

de silva Wednesday, 12 June 2019 10:00 PM

ඕවා කරන්න බොරුවට මාධ්‍ය හරහා සටන් කරන්න උවමනාවක් නැහැ, තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන්ට පුළුවන් අවශ්‍යනම් මේක පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිම්න්තුවට ඉදිරිපත් කරන්න, එතකොට මේක සම්මත වුනොත් ඕක රජයට පවරගන්න පුළුවන් කිසිම ප්‍රශ්‍නයක් නැතුව, එහෙම වුනේ නැත්නම් සටන් කරමු

:       0       0

Saththaya Thursday, 13 June 2019 02:31 AM

මේ මොනවාද කියන්නේ. ප්‍රශ්නේ ඇතිකරලා දැන් කතා කරනවා. විස්තර හෙළි වෙලත්, කාටද මේ බේගල් ඇද බාන්නේ.

:       0       185

i.o.sirisena Thursday, 13 June 2019 04:56 AM

ඕක පටන් ගන්න කාලයේ මෙයා ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක වෙලා හිටියේ ..... එතකොට මීක් කියලා සද්ද නොකර රිලව් වගේ බලාගෙන ඉදලා අද එනවා සටන් කරන්න.

:       0       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 80 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site