( +++ සුජිත් හේවාජුලිගේ)
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් ලබන මස 18 සහ 19 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත.
වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් පසුගිය 22 හා 23 දිනවල පවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ) පාර්ලිමේන්තුවේදී ඉකුත් 21 වැනිදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව කතානායකවරයා එහිදී දැනුම් දුන්නේය.
මේ අනුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 24 වැනිදා පස්වරුවේ පැවැත්වුණු අතර ඉහත තීරණ ගෙන ඇත්තේ ඒ රැස්වීමේදීය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කතානායකවරයාට ඉකුත් දා බාරදෙනු ලැබූ අතර එම වාර්තාව මෑතක් වනතුරුම පැවතුණේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) බාරයේය.
වෝහාරික විගණන වාර්තාව සියලුම මන්ත්‍රීවරුන්ට බෙදාදෙන්නැයි පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාගෙන් ඉකුත් දා ඉල්ලා සිටියහ.
මේ අනුව සියලුම මන්ත්‍රීවරුන්ට ඒ වාර්තාව ලබාදීමට කතානායකවරයා පසුව තීරණය කර ඒ බව පාර්ලිමේන්තුවටද දැනුම්දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දෙවෙල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඒ වාර්තාව මේ වන විට බාරදී ඇති බවයි.
වෝහාරික විගණන වර්තාව දැනට මුද්‍රණය කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් යැයිද ඉද්දෙවෙල මහතා කීය.
වෝහාරික විගණන වාර්තාව සලකා බැලූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවද (කෝප්) මේ වන විට පවතින්නේ අක්‍රිය තත්ත්වයේය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම එම කමිටුව අක්‍රිය වී ගිය අතර තවමත් ඒ කමිටුවට සාමාජිකයන් පත්කර නොමැත.
COMMENTS
මී සහ එල හරක්ගේ නැටුම ගැන බලන් ඉඳීම...
නිකම් කාලේ නාස්ති කරන්න එපා. කවදත් මේ බැඳුම්කර නඩුව, රාජපක්ෂ වරුන්ගේ නඩුව, තාජුදීන් නඩුව. මේ නඩු කවදාවත් අහන නඩු නෙමේ... ජනතාවට දෙන ලණු. මේවා කවදා හරි නඩු ඇහුවොත් වැරැදිකරුවන් හිරේ දමනවද, වන්දි මුදල් අයකරනවද, නැහැනේ. කාට පේන්නද, කාව රවටන්නද මේවා කරන්නේ? 225ම එළවලා ඇතුළු දේව රූප ටික පාර්ලිමේන්තුවෙන් තියන්න.. ජනතාවයි, රටටයි දේව ආරක්ෂාව ලැබෙනවා සත්තයි...
මෙහම විවාද, කොමිසන් සභා පමණක් ප්‍රමාණවත් නැහැ. මේවාට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම් නොබලා දඬුවම් දියයුතුයි. මේවා නිකම් කල් මරන්න වැඩ. මේ පක්ෂ දෙකෙන්ම මේ හොරුන්ට දඬුවම් දෙන්න නැහැ. බලන්න රන්ජන්ගේ එදා පාර්ලිමේන්තුවේ කතාවෙන් පසු ඔහුගේ හඬ පට රස පරීක්ෂක වාර්තාවට යොමුකිරීමත් දැන් නවත්තල නේ.
බැඳුම්කර වංචාවේ සියලුම වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්න පුලුවන්ද? පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ටම දඬුවම් ලැබිය යුතුයි. නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතුයි.
හොරු හොරුන්ටම දඬුවම් දී ගත්තේ මොන රටේද?
"මොනා කළත් කොහොම කළත් නිදහසට කරුණු තියෙනවා" ---- අන්තිම කොටස "නැත්නම් ගහලා දුවනවා" නේද ? 18.19 පාර්ලිමේන්තුවට යන වියදම අපරාදේ .
බැඳුම්කර වංචාවේ වැරදිකරුවන් කිසිවෙක් නැත. පාර්ලිමේන්තු උත්තමයන් කිසි සේත්ම වැරදි නැහැ. වැරදිකරුවන් වන්නේ මහජනතාව බැවින් එහි බිලියන් ගානක පාඩුව ජයවේවා කියමින් ගෙවා දාන්න.
බොරු වැඩ. අපරාදේ කාලය සහ මුදල් නාස්තිය.
අපිටයි බනින්නේ... ආහාරයට හරක් මරනවා කියලා ඔහෙලා ඔක්කොම දුප්පත් ජනතාව නොමරා මරාගෙන කනවා. ඡන්දෙත් දෙනවා බුදුන් එහෙම දේශනා කරලා නැහැ..
මේක එජාපය බැංකු හොරු බේරන්න ගෙනෙන කෙහෙල් මලක්...
අමතක කරන්න එපා මෝල්ගහ මිනිමරුපු නීති සම්ප්‍රදායක් තියෙන රටක් මේක.
අනේ අපරාදේ කාලයයි කෑම බිලයි පාර්ලිමේන්තුවේ විදුලි බිලයි. පුලුවන්නම් ඒ වෙලාවට කොරෝනා වෛරස් එක ගැන කතාකරන්න. එහෙම නැත්නම් වෛරස් එක හැදිලා 225 ම ගියානම් හරි.
මේක ලැබුනේ නැහැ... අධ්‍යයනය කලේ නැහැ. ඒවගේ අයට මේක වැඩක් නැහැ...
ජනතාව හාමතේ.. මේ අය ව්‍යවහාරික මගුලක් අල්ලන් වැඩ කරනවා. මරා ගන්නවා. කාලකන්නි වැඩ කරපල්ලා.. තව පාරක් බෝම්බ ගහනකම් දන්නේ නැහැ.
18-19 විවාදයට 225 ම පාර්ලිමේන්තු එයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ගැන වරද කරුවන්ට දඬුවම් දෙන්න කියා පාර්ලිමේන්තුවේ සහ වේදිකාවල සද්දේ දැම්ම අයගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.
මොනවද ඉතින් දෙගොල්ලන්ගේ හොරා කෑමේ අනුපාතය 15 ට එකයි. ඒ ගැන කෑ ගැසීමේ අනුපාතය එකට පහළවයි.
ගෝඨාභය - මහින්ද ආණ්ඩුව දැනටමත් බංකොලොත්. හෙට අනිද්දා ආධාර නැතුව, GSP කපලා දැම්මම තවත් බංකොලොත්... බදු සහන දෙන්න ගිහින් පඩි ගෙවා ගන්නත් බෑ දැන්. දැන් සනීපද? දැන් රන්ජන්ගේ හඬ පටි කන්න දෙනවද? දැන් කඩේ ගිය හාමුදුරුවෝ කන්න ගෙනත් දෙනවද? සනීපද?
මේ දවස් දෙකේ පාසල් ළමයි පමණක් නොව වැඩිහිටියන්ටද ගැලරිය තහනම් කළා නම් හොඳයි. කුණුහරප කියන හින්දම නෙමෙයි. ඒක ඉතින් හැමදාම කරන දේ නොව. කාටවත් මොකවත් තේරෙන්නේ නැති හින්දා. ඒ කිව්වේ විවාදය කරන ගොයියලවත් දන්නේ නැ නොව මොනවද කියන්නේ කියලා. කටට එන මොනවා හැටි දොඩවනවා. අනික් පැත්තෙන් කෑගහන කොට කුණුහරප කියනවා. සභාව කල් තබනවා. දෙපැත්තේම කට්ටිය හිනා වෙවී භෝජනාගරේ පැත්තට යනවා. ඔන්න අපි දකින විවාදේ.