IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම මේ මස 28 දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (22) දින නියම කළේය.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ කැඳවූ අතර එහිදී අධිකරණය මෙම නියෝගය ලබා දෙන ලදී. අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර සහ විනිසුරු අචල වෙංගප්පුලි යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
 
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු තිබිණි.
 
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටිති.
 
මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට බාර දෙනු ලැබීය. අභියාචනාධිකරණයේ භාෂා පරිවර්තකවරිය විසින් චෝදනා පත‍්‍රය කියැවිමෙන් පසු එම චෝදනා වලට වරදකරුද, නිවැරදිකරුද වෛද්‍ය පාදෙණිය මහතාගෙන් විමසන ලදී. එහිදී වෛද්‍ය පාදෙනිය මහතා තමන් නිවැරදිකරු බව පවසන ලදී. ඒ අනුව මේ පිළිබඳව විභාගය ආරම්භ විණි.
 
එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කිරීම, ලිපි පළ කිරීම, ප‍්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලදී.

ගොනු කරනු ලැබූ එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන, එම ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් ජනවාරි 31 වැනිදා තීන්දුවක් ලබා දෙන ලදී. එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉකුත් අපේ‍්‍රල් 07 වැනිදා දීපව්‍යාප්තව පැවැත්වූ  නැමැති සංකේත වැඩවර්ජනය පැවැත්වූ අතර  එම වර්ජන ක‍්‍රියාමාර්ගයෙන් පසුව එදිනම සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති රැස්වීමේදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව ගැන වගඋත්තරකාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා  අපහාසාත්මක හා නිර්දය ලෙසින් විවේචනයට ලක් කර ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති.


එලෙස විචේනය කිරීම අභියාචනාධිකරණයේ අධිකාරී බලය හෑල්ලූවට ලක් කිරීමක් බවත් ,එයාකාරයෙන්  අධිකරණ තීන්දුවක් විවේචනයට ලක් කිරීම  අධිකරණයට කරන  අපහාසයක් යැයිද පෙත්සමේ සඳහන් විණි.
 
එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය යටතේ වගඋත්තරකරුට එරෙහිව අධිකරණ අපහාස කිරීමේ චෝදනා යටතේ විභාගයක් පවත්වා දඬුවම් පමුණුවන්නැයි පෙත්සම්කාර මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
 
නීතීඥ චිත‍්‍රානන්ද ලියනගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ,නීතීඥ ලක්ෂාන් සෙනෙවිරත්න, නීතීඥ සිතාර සේනානායක යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. විත්තිකාර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය.

 



අදහස් (2)

වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

Channa Wednesday, 22 May 2019 01:55 PM

නඩුවක් දාන්න ගත්ත තීරණය ඉතාම හොද තීරණයක්. මේ දොස්තරලා හිතන් ඉන්නේ රටේ සේරම ඒ අයට යටත් වෙලා ඉන්න ඕනා කියලා.

:       0       0

sirisena Thursday, 23 May 2019 04:21 AM

වෛද්‍ය මාෆියා නායකයාට විරුද්ධව පියවර ගැනීම අගය කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site