එෆ්.අස්ලම්
බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඌව පළාතේ එකම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී සදහා එම රෝහලේ වෛද්‍යවරුන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මෙම වෛද්‍යවරුන් 150 දෙනා විවිධ ඒකකවලට අනියුක්තව කටයුතු කරන වෛද්‍යවරුන් බවත් ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදී කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු කිරීමට කැමැත්ත පලකර තිබෙන බවත් කී වෛද්‍යවරයා එම වෛද්‍යවරුන් මධ්‍යස්ථානයේ රාජකාරි අවසන් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහාද යොමු වන බවද කියා සිටියේය.
කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කර තිබෙන බදුල්ල පළාත් මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා දැඩි සත්කාර ඒකක සදහා අවශ්‍ය ඇදන් 38ක ප්‍රමාණයක් සහ දැඩි සත්කාරක ඇදන් 08ක පමණ ප්‍රමාණයක් පවතින බව කී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍යවරුන් දක්වන දායකත්වය ප්‍රශංසනීය බවද කීය.
තවත් ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් ද මෙම පිළිවෙත අනුගමනය කරමින් සිටින බවත් සියළු රෝහල්වල වෛද්‍යවරුන් මෙය සාමූහික වගකීමක් සේ සලකමින් කටයුතු කරන්නේ කරන්නේ නම් ඉතා කෙටි කලකින් කොවිඩ් 19 වෛරසයෙන් සමාජය බේරා ගත හැකි යැයිද කීය.
එමෙන්ම බදුලු රෝහලේ වෛද්‍යවරුන් දක්වා ඇති ස්වේච්ඡා දායකත්වය නිසාවෙන් අනෙකුත් රෝගී සත්කාර කටයුතුවලට කිසිදු හානියක් හෝ බාධාවක් සිදුනොවන බවත් බෙදා වෙන්කර ගනිමින් සාමුහික ලෙස වැඩ කිරීම මෙහි අරමුණ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කීය.
COMMENTS
දොස්තරවරුනි, ඔබේ සේවය සහ උතුම් ක්‍රියාව සැමදාම ජයවෙවා...
ඔව් ඔව් කොහොම හරි ඇස් ඉස් මස් දන්දීලා හරි මේ ලෙඩේ වඳ කර ගන්නම වෙනවා. නැතිනම් ඉතින් ආයේ ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කියන ජාතිය තමයි.
විෂිෂ්ඨ වැඩක්... ඉතා අගය කර සලකනවා..
ඉහත චන්දිම වගේ පුතාලා ඉන්නවා මේ රටේ ඕන තරම්..ඉරිසියාකාර හැතිකරේ ... මොනවද දන්නේ නැහැ මේ රටට කරලා තියෙන්නේ...? හරියට නිදහස් අධ්‍යාපනය දීලත් ඉගෙන නොගත් කෙනෙක් වෙන්න ඇති... දැන් උන් දන්නවා ආරක්‍ෂිත ඇඳුමම ඇදගෙන ඉන්න එක කොච්චර දඬුමවක්ද කියල...? දොස්තරවරුන් , හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයින්ට අපගේ හදපිරි ප්‍රණාමය... ඒ වගේම චන්දිම වගේ හිතෙන එවුන් කොරෝන හැදිලා ලෝකෙන් තුරන් වෙනවානම් තමා හොඳ....?
අනිවාර්යයෙන්ම දොස්ටරලා වැඩ කරන්න ඕන. මොකද කොන්දොස්තරලට මේ වැඩේ කරන්න බෑ. ලෝකේ පූරා දොස්තරලා ජිවිත පුජකරගෙන තමන්ගේ රටවල් බෙර ගන්න වැඩ .
ඇදිරි නීතිය යටතේ අනෙක් සේවකයෝ ගෙවල් වල නිදහසේ ඉන්නවා සෞඛ්‍ය සේවකයෝ පුදුම කැපවීමකින් වැඩකරනවා. ඒ නිසා මේ කාලයේ වැඩකරපු එම සේවකයන්ට වෙටුපට සමාන තව වෙටුපක්වත් ගෙවන එක සාධාරණයි...
සයිටම් එක වහල දාන්න උද්ඝෝෂණය කරපු වෛද්‍යවරු එක දාගන්න කරන වැඩක් මේ. ඒ ලෙවල් නෑ කියල අපිව හිර කරන්න හැදුව. ඒත් අන්තිමේ අපි දිනුවා. සයිටම් වෛද්‍යවරු හිටිය නම් රටේ වෛද්‍ය හිඟයක් නෑ. කොරෝනා ලේසියෙන් මර්ධනය කරන්න අවස්ථාව තිබුණ.
ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි.....!
චන්දිම ගෙදරට වෙලා දොස්තරවරුන්ට බනිනවා. දොස්තරවරු රෝහල් වලට වෙලා ජීවිතයට අවධානමක් ජීවිතයට අවධානමක් අරන් සේවය කරනවා. කවුරු මොනවා කිව්වත් චන්දිම කියන දේ බිංදුවක්වත් වටින්නේ නෑ.
අගයකළ යුතු වැඩක්. තෙරුවන් සරණයි හැමෝටම !