(ඩී.ජී.සුගතපාල)
වෙළඳ නැවක සේවය කරන සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙකුට හදිසියේ ඇතිවූ උණ රෝගි තත්වයක් නිසා එම නැව අද (03) ගාලු වරායට සේන්දුවීමෙන් පසුව නාවිකයින් 9 දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.
වයස අවුරුදු 22, 23 සහ 25 යන වයස්වල පසුවන එම 9 දෙනා කරාපිටිය රෝහලේ 25 වාට්ටුවට ඇතුළත් කළ බවත් ඔවුන්ට කොරෝනා ආසාදනයවී තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා පී.සී.ආර්.පරීක්ෂණයට යොමු කරන බවත් කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
COMMENTS