IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන

(මනෝප්‍රිය ගුණසේකර)

වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ එහි දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන එල්ල වී ඇත බවට කරුණු හෙළිවීම හේතුවෙන් එම නිලධාරීන්ට අවශ්‍ය ආරක්‍ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම පොලිස්පතවරයාට නියම කර ඇත.

පාස්කු ඉරිදා කතෝලික පල්ලි වලට සහ විදේශ මහ කොමසාරිස් කාර්යාල වලට ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ විසින් අනතුරට පෙරදී කරන ලද දැනුම්දීම් පොලිස්ථාන වලට දනුම්දුන් බවට අසත්‍ය සටහන් යොදන ලෙස හා පොලිස් පොත් වල තොරතුරු මකා දමන ලෙස කොළඹ ප්‍රදේශය භාරව සිටි ඉහළ පොලිස් නිලධාරියකුගේ නියෝග ක්‍රියාත්මක නෙකළ අදාල නිලධාරීන්ට මෙලෙස තර්ජන එල්ල වී තිබේ.

පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ වැරදි නියෝග ක්‍රියාත්මක නොකළ මෙන්ම එම නීතීවිරෝධී නියෝග පිළිබඳව කොමිසමට තොරතුරු සැපයීම හේතුවෙන් තර්ජන එල්ල වී ඇතැයි කියන වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට හා එහි දුරකතන ක්‍රියාකාරිනියට මෙලෙස ආරක්‍ෂාව ලබාදෙන ලෙස දැනුම් දී ඇත්තේ වින්දිතයින් ආරක්‍ෂා කිරීමේ පනතේ ඇති ප්‍රතිපාදනයන් අනුවය.

පාස්කු ඉරිදා කතෝලික පල්ලි තුනකට හා ප්‍රධාන පෙළේ හෝටල් වලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් ඝාතනය වීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්‍ෂණ කොමිසම එලෙස නියම කර ඇත.

අභියාචනාධිකරණ වනිසුරු ජනක් ද සිල්වා මහතා සභාපතිත්වය දරන මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ හිටපු අභියාචනාධිකරණ වනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න  , සුනිල් රාජපක්‍ෂ  , හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එච්.එම්.එස් අධිකාරී යන මහත්වරුන්ය.

කොමිසමේ ලේකම්වරයා වශ්‍යයෙන් එච්.එම්.බී.පී.හේරත් මහතා කටයුතු කරයි.

කොළඹ ප්‍රදේශය භාරව සිටි ඉහළ පොලිස් නිලධාරියකුගේ අනුදැනුම හා නියෝග මත එම නිලධාරියාගේ සහය නිලධාරියකු විසින් කොච්චිකඩේ පල්ලිය පිහිටි ප්‍රදේශය භාර වෙරළබඩ පොලිසිසේ හිටපු ස්ථානාධිපතිවරයාට කතා කර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු ලබාදුන් බවට අසත්‍ය සටහන් පොලිස් පොත්වලට ඇතුළත් කරන ලෙස දැනුම් දී ඇති බවත් ඒ සඳහා පොලිසියේ දෛනික තොරතුරු පොත් වෙනස් කර වෙනත් පිටු ඇතුළත් කරන ලෙසත් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පසුව ඔවුන් වෙරළබඩ පොලිසිසේ හිටපු දුරකතන ක්‍රියාකාරිනිය කොළඹ ප්‍රදේශය භාරව සිටි ඉහළ පොලිස් නිලධාරීයකුගේ කාර්යාලයට කැඳවා කරන ලද දැනුම් දීම මත පාස්කු ප්‍රහාරයට පෙර ෆැක්ස් පණිවිඩයක් ලැබුණත් එහි අකුරු මැකී තිබීම හේතුවෙන් එහි තිබූ තොරතුරු නොදන්නා බව පවසන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම ෆැක්ස් පණිවිඩයට පෙර හා පසු ෆැක්ස් පණිවුඩ පැහැදිලිව තිබියදී මෙම ෆැක්ස් පණිවිඩය පමණක් අපහැදිලි වීමේ හේතුව කුමක්දැයි අතිරේක සොලිසටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ විමසීමේදී මෙවැනි තොරතුරක් නොලැබුණු මුත් ඉහළ නිලධාරීන්ගේ බලපෑම මත එසේ සිදුකළ බව කොමිසම හමුවේ හඬා වැටෙමින් ඇය හෙළි කළාය.

කෙසේ නමුත් වෙරළබඩ පොලිසිසේ හිටපු ස්ථානාධිපතිවරයා නීතී විරෝධී කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුව ඔහු විසින් වෙරළබඩ පොලිසිසේ තිබූ දෛනික තොරතුරු පොත් වල හා එහි පිටු වල පොලිස් දින මුදා යොදා ඇති බවත් කොමිසමේදී තොරතුරු හෙළි වී ඇත.

ඉදිරිපත් වු සියලු කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසමට තොරතුරු හෙළි කළ වෙරළබඩ පොලිසිසේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ වෙරළබඩ පොලිසිසේ දුරකතන ක්‍රියාකාරිනිය ලෙස සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියට ආරක්‍ෂව සළසන ලෙස නියම කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (3)

වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන

Thiw Sunday, 08 December 2019 02:09 PM

ප්‍රහාරයේ තොරතුරු දැනගෙනත් ඒවා වසන්කළ හා ක්‍රියාත්මක නොවූ සියලු දෙනාට දඬුවම් ලැබෙනතුරු ප්‍රහාරවලින් මියගිය අයගේ සමීපතමයින් හා තුවාල වූ සියලුම දෙනා බලාගෙන ඉන්නවා.. මේ අයට සාධාරණයක් ඉටුවෙන දිනට ආත්මවලට සමාදානය ලැබේවි...!!!

:       0       294

මුණසිංහ Monday, 09 December 2019 01:12 AM

තර්ජන එවන අය සොයා බැලුවොත් තේරේවි පාස්කු ප්‍රහාරයේ නියම වැරදි කරුවන් කවුද කියලා...

:       0       122

Raveendra Thursday, 12 December 2019 04:31 AM

ඇයි පුවත්පත්වල ඔය කියන ඉහළ නිලධාරීන්ගේ නම් සඳහන් කිරීමට බැරි...? උසස් හෝ තනතුරින් පහළ වුණත් ඔය කියන කවුරුත් මහජන මුදලින් වැටුප් ලබන බැවින් මහජනතාවට අයිතියක් නැද්ද ඔය උසස් යයි කියන" හරකුන්ගේ, බුරුවන්ගේ" නම් ගම් දැනගැනීමට? මොකද ඒ කියන අයවලුන් සියලුම සැපසම්පත් ලබන්නේ අහිංසක මිනිසුන්ගේ බදුමුදල්වලින් බැවින් මාධ්‍යයේද වගකීමක් ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6105 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 309 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 338 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1271 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site