( රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 40 දෙනෙකුට කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) රාත්‍රියේදී තහවුරු වී ඇතැයි වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
ප්‍රධාන කාර්යාලයේ සේවකයින් දෙදෙනකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව තවත් සේවකයින් 78 කුට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිපල අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත.
මෙම ආසාදිතයින් වෙන්නප්පුව, ලුණුවිල, ගාලවත්ත, වයික්කාල, නයිනමඩම මිරිස්සන්කොටුව දන්කොටුව හා මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් අතර කාන්තා ආසාදිතයින් 15ක් මේ අතර සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියති.
ආසාදිතයින් ඊයේ (21) රාත්‍රි බිංගිරිය හා දඹදෙණිය කොව්ඩි -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් නිරෝධානයට ලක් කල බව වෙන්නප්පුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එච්.එස්.ලුසේනා මහතා පැවැසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.