IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
පළමුවැනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රටවල් 100කට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු සමත්විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ‘One Blood’කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව වෙනුවෙනි.
 
කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමකි. සිග්මන් ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය ද, ග්‍රීක පුරාණොක්තිවල සඳහන් ක්‍රෝනස් සහ සියුස් අතර ගැටුම ද, සිංහබාහු කතාන්දරයේ සිංහයා හා සිංහබාහු අතර ගැටුම ද මූලික වශයෙන් ‘One Blood’ප්‍රස්තුතයට සමානය.
 
Jaffna international film festival(2019), Agenda 14 film festival(2019),Pinwood studio London සංවිධානය කළ Lift off global first-time filmmaker session(2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ අතරට ද චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’කෙටි චිත්‍රපටය නිර්දේශ වී ඇත.
 
‘One Blood’සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.

(‘One Blood’කෙටි චිත්‍රපටයේ දර්ශන ඇසුරිනි)

(කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂක චතුර විමර්ශ ප්‍රනාන්දු)



අදහස් (8)

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු

sharm warn Friday, 14 August 2020 03:31 AM

උණුසුම් සුබපැතුම් ශ්‍යාම් මහත්තයා... ඔබ දිගු ගමනක් යන බව අපට වැටහෙනවා...

:       0       0

සුමන Friday, 14 August 2020 03:31 AM

සුබපැතුම්!

:       0       4

විජේ Friday, 14 August 2020 03:35 AM

අමුතු මෙව්වඑකක් තියන රංගනශිල්පියෙක්, ජයවේවා සම්බන්ද හැමෝටම!!!

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 14 August 2020 06:26 AM

රටට අභිමානයක් හා කීර්තියක් ගෙනා මේ ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්ට රට, ජාතියේ ප්‍රණාමය ... !!!

:       0       12

විජිත් Friday, 14 August 2020 02:46 PM

ශ්‍යාම් ප්‍රනාන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිභාව වේදිකා නාට්‍යයෙන් ඔපවත් වූ පසුවයි. සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස වෘත්තියෙන් ලැබූ විනයත්, උපතින් ගෙනා වාසනාවත්, වේදිකාවෙන් ලද පරිචයත්, ඔහුව සොයාගෙන ආ මේ සුබ ආරංචිය පසුපස හිටියා. සුබ පැතුම්.!!!

:       0       0

විජිත් Friday, 14 August 2020 02:46 PM

ශ්‍යාම් ප්‍රනාන්දු ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිභාව වේදිකා නාට්‍යයෙන් ඔපවත්වූ පසුවයි.. සිනමාව සහ ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයට අවතීර්ණ වුනේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස වෘත්තියෙන් ලැබූ විනයත්, උපතින් ගෙනා වාසනාවත්, වේදිකාවෙන් ලද පරිචයත්, ඔහුව සොයාගෙන ආ මේ සුබආරංචිය පසුපස හිටියා. සුබ පැතුම්.!!!

:       0       0

විජිත් Saturday, 15 August 2020 02:31 PM

මම පුදුම වෙන්නේ නැහැ ශ්‍යාම් ප්‍රනාන්දුගේ රංගනය ගැන. වේදිකාවෙන් ලද ප්‍රබල පන්නරය ඇතුළුව සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි ශ්‍යාම්, ඔහුගේ වෘත්තීයවූ ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම තුළින් ලද මහත් වූ විනය සහ රංගනයෙන් ලද පරිචය වගේම නිහතමානී බව ඔහුට මේ වාසනාව රැගෙන එන්න ඇති. සුබපැතුම්..!!!

:       0       7

Ramani Sunday, 16 August 2020 08:55 AM

දෙදෙනාටම සුබ පැතුම්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 998 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site