
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර, කොටුව ජනාධිපති විද්‍යාලයට අලුතින් පත් කළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු එම තනතුරින් ඉවත් කරන්නැයි ඉල්ලා එහි දෙමාපියන් හා ආදී ශිෂ්‍යයින් පිරිසක් අද (28) උදෑසන මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට ආරම්භ කළ උද්ඝෝෂණයක් නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
එම විද්‍යාලයේ අසල සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් පිරිස මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු කිරීමේදී පොලීසිය ඔවුන් පාර මැදින් ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දී එම තත්වය ඇති විය.
කෙසේ වෙතත් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත පැමිණී මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් දරා විරෝධතාකරුවන් පිරිස ප්‍රධාන මාර්ගය මැදින් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඒ සදහා පොලීසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.
පසුව මාතර පොලිස් අධිකාරී 1 සුසිල් විජේගුණවර්ධන මහතා ද එම ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත පස් දෙනෙකුට මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත කැදවා ගෙන ගොස් සාකච්ඡාවක් ලබා දීමට එකඟතාවය පළ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් වැඩද මල්ලී ඕවත් වැඩද.?
මම හිතුවේ ගොඩගම පැත්තේ පාසලකට කියලා..
බොරු සහතික හදලා දාපු ළමයි ඔක්කොම ඉවත් කරන්න කියලා උද්ඝෝෂන කලොත් ඔය පාරේ ඉන්න අය ගෙදර නවතීවි.
විදුහල්පති මාරුකරන්නත් 2/3 ඕනේ...
අලුතෙන් දාපු වයිස් ප්‍රින්සිපල් නිපුණගේ ගෝලයෙක්ලු. ඉතින් අපරාදේ උද්ඝෝෂණය කලේ..