
නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තය අද (2) ‘ආපදා තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කළේය.
‘කොවිඞ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මේ වනවිට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර මෙල්බර්න් නුවරට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ද පියවර ගෙන ඇත.
මෙල්බර්න් යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරයයි. මෙල්බර්න් නුවරට වැසියන්ට මේ වනවිට නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කර ඇති අතර එය සති හයකට ක්‍රියාත්මක වේ.
වික්ටෝරියා ප්‍රාන්තය මෙන්ම මෙල්බර්න් නුවර ද වයිරසය ව්‍යාප්ත වීම පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන අතර සෞඛ්‍ය බලධාරීහු ඒ සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.
රොයිටර්
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.