IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්



ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී ඇත.

අවසන් පැය 24 දී හඳුනාගත් ආසාදිතයන්ගෙන් 37දෙනෙකු සමාජය තුළ පැතිර යාම නිසා මෙසේ සිදුවූ  බවත් අනෙක් ඒවා තරමක් සංකීර්ණ බවත් වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පැවැසීය.

ඉතිරි සිදුවීම් 360 සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ද හෙතෙම කීය.

සිකුරාදා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාධිතයන් 600කට වඩා හඳුනාගෙන තිබිණි. ඒ අනුව සිකුරාදා දිනයට සාපේක්ෂව සෙනසුරාදා දිනයේදී හමු වූ වයිරස ආසාධිතයන්ගේ ගණන අඩු වී ඇත. එසේ වුවත් වයිරස ආසාධිතයන් 300 ක් වුවද සැලකිය යුතු ගණනක් යැයි ප්‍රාන්ත ආණ්ඩු ප්‍රධානියා පැවසීය.

වයිරසය ආසාදනය වීම හේතුවෙන් අවසන් පැය 24 දී මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 80 සහ 90 වයස්වල පසු වූ කාන්තාවන් දෙදෙනකු බවද ඔහු සඳහන් කළේය.   

අවසන් පැය 24 දී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණනත් සමඟ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාධිතයින්ගේ සමස්ත ගණන 5,919ක් බවත් 379 දෙනකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඩැනියෙල් ඇන්ඩෲස් කීය. ඔවුන්ගෙන් 41 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් 24 දෙනකු වෙන්ටිලේටර්ස් (ස්වසන සංවාතන යන්ත්‍රවලට) සම්බන්ධ කර ඇතැයිද ඔහු කීවේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල තත්ත්වය ඉතා බරපතළ යැයි ද හෙතෙම කීය.

ප්‍රාන්තයෙන් වාර්තා වන “අබිරහස් සිදුවීම්” වැඩිවෙමින් තිබෙන බවත් එය “විශාල අභියෝගයක්” බවත් ඔහු කීය.

“ප්‍රජා ව්‍යාප්තියටත් එහා ගිහින් වයිරසය පැතිරෙනවාදැයි නිශ්චිතව කියන්න බැහැ. වයිරසය ආසාධනය වූයේ කෙසේදැයි නිශ්චිතව කිව නොහැකි විශාල ගණනක් ඉන්නවා. ඔවුන්ට වයිරසය ආසාධනය වූ ආකාරය සොයාගන්න බැහැ. මෙය විශාල අභියෝගයක්” යැයි ඔහු තවදුරටත් කීය.


රොයිටර්ස්/ද ගාඩියන්
- 055



අදහස් (0)

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site