(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් විසින් පියවර ගනු ලැබීය.
බී 75 ප්‍රධාන මාර්ගයේ මාණිප්පායි කුසුමන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි මෙම පාලම අඩි 30 ක් දිගින් හා අඩි 15 ක පළලකින් යුක්ත වූ අතර පාලම ඊයේ (06) සවස වැසි ජලයට කඩාගෙන යාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබුණි.
මේ පිළිබඳව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාට ප්‍රදේශවාසීන් විසින් දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ආඥාපති 10 වන ඉංජිනේරු රෙජිමේන්තුවට හා 16 වන ස්වේච්ඡා ගැමුණු බලෑනියට හැකි ඉක්මණින් පාලම යථා තත්වයට පත් කිරීමට උපදෙස් ලබා දෙනු ලැබීය.
එහිදී ක්‍රියාත්මක වූ යුද හමුදා සෙබලුන් ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වීමටත් පෙරම පාලම නැවත සාදා යථා තත්වයට පත් කළ අතර මේ වන විට එහි ගමනාගමන කටයුතුද යථා තත්වයට පත්ව ඇති බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පැවසීය.




COMMENTS
මෙන්න මේක තමයි කියන්නේ හමුදාව කියන්නේ මොන වගේ කුසලතාවයක් තියෙන අයද කියන එක... එ්ක තමයි මේ ගොල්ලෝ සංවර්ධන වැඩවලට යොදා ගන්නේ... මේක සමහරක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ... හමුදාවක් කියන්නේ තව එක්තරා රටක් වගේ එකක්..
කෙතෙක් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්...
බොහොම හොඳයි ළමයිනේ... ඔබලා කරන උතුම් කාර්යයන් උතුරේ ජනතාව හොඳටම දන්නවා. නමුත් ජාතිවාදී දේශපාලුවෝ ඔවුන්ගේ ඡන්ද බලේ අඩුවෙයි කියලා, ඔයාලා කරන උතුම් කාරියන් ගැන නිහඬයි.
මගේ ප්‍රණාමය. මෙන්න වැඩ. අපි ඉස්සර කාලේ වගේ නිකන් හිටන් හිටියනම් මේ වගේ දේවල් බොරු. දැන් කව්රුත් වැඩකරනවා. සමහරවිට බයට වෙන්න ඇති. ඒ උනත් කාරී නැහැ රට හැදෙනවානම්.
ජතිවාදී දේශපාලුවෝ කියන දේවල් ගැන තැකීමක් නොකර අපි දිගින් දිගටම අපේ සේවය කරගෙන යමු.