(ජයන්ත සමරකෝන්)
රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
අද පෙරවරුවේ සිට ‘‘එල්‘‘ ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිරවාට්ටුවේ පිටතට පැමිණ ආහාර වර්ජනයක යෙදී සිටින බවද පැවසේ.
චැපල් ශාලාවේ ඒ 3, බී 3, සී 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් මේ වනවිට වහලය මත සිටින සිරකරුවන්ට සහය දක්වන්නට පටන් ගෙන ඇතැයිද දැනගන්නට තිබේ.
ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ද දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටින බව වාර්තාවේ.
මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ආහාර වර්ජනය කර සිටි සිරකරුවන්ගෙන් පිරිසක් ආහාර ලබාගත් බවය.
වහලය මත නැග සිටින සිරකරුවන් දෙදෙනා සවස් වනතුරුත් වහලයෙන් නොබැස සිටි බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන යකා කොරහත් බිඳගෙන යනවා කිව්වලු... කුඩුකාරයන් එල්ලන්න පොරොන්දුවෙලා.. වෙලා.. අන්තිමේට මිනීමරුවන් නිදහස් කළා කියමුකෝ...
ඇත්ත, ගරු අධිකරණය සමච්චලයට ලක්කිරීමක් නොවේද? ගරු අධිකරණයෙන් දඬුවම් නියම කෙරුණු අයෙකුට තම බලය අයුතු ලෙස භාවිතාකර නිදහස් කිරීම කිසිවෙකුටත් යෝග්‍ය නොවේ. එසේ නම් සියලු මරණීය දණ්ඩනය නියම වූවන් නිදහස් කළයුතු නොවේද? ගරු හිටපු අගවිනිසුරු අනිසි පරිදි ඉවත් කිරීම නුසුදුසුයි කියා මහ හයියෙන් කෑගහලා කියලා පොදු ජනයා රවටා බලයට පැමිණ දැන් කරන අමන වැඩ අනුමත කරන්න අපි මෝඩයෝ කියලා හිතුවාද?
ජනාධිපති ගත් තීරණය සාධාරණිය කිරීමට උත්සාහයක් ගෙන ඇතිබව ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිවේදනයක් නිකුත් කිරීම තුළින් පෙනීයන බව සමහරු කියනවා. එ් අතරේ නිදහස් කරනලද පුද්ගලයා හා එක්තරා "මල්ලී" කෙනෙකුගේ සමීප නෑකමක් තියෙනවා කියලත් කියනවා. කොහොම වුණත් "කුඩුකාරයෝ එල්ලනවා කියලා අන්තිමේට එල්ලන්න හිටිය කෙනෙක් නිදහස් කරපු එක විතරයි කලේ" කියලා කියන අයත් ඉන්නවා...
හාමුදුරුවෝ වැඩලා, කරුණාවෙන්, මෛත්‍රියෙන්, සොයලා, බලලා, රෙකමදාරුවක් කරාවි. ඉවසලා ඉන්න...
සිරකරුවන් මෙතනදි නිවැරැදිය. ලොකුඅයට වරප්‍රසාද යටතේ සමාව ලබාදෙන්නේ නම් ඉතා වැරදිය. මාධ්‍ය වාර්තා පළ වූ අකාරයට මුදල් කුට්ටයකට මෙය සිදුකළ බව පැහැදිලිය. අනිකුත් මරණ දඬුවම ලැබූවන් අතර යහපත් කල් ක්‍රියාවෙන් සිටින අය නැතිද..? මෙය ප්‍රේමදාස මහතා එවකට පාතාලයින්ට සමාව දීම වැනි බරපතල කැත නින්දිත තීරණයකි...
ජනාධිපති සමාවත් දැන් සල්ලි වලට. එතුමාට විශ්‍රාම ගිහින් සැපට ඉන්න සල්ලි එපැයි...
මරණ දඬුවම දෙන්න ආපු කෙනා අන්තිමේ සාහසික මිනීමරුවන්වත් නිදහස් කරලා යනවා. අපේ රටේ මෙහෙම නායකයෙක් උන්නු බව මම අපේ දරුවෙක්ටවත් කියා දෙන්නේ නැහැ.
කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තේ කවුද දැන්?
රටේ නීතිය සැමදෙනාටම එක සමාන නොවුණාම වෙන දේවල් තමයි...
දන්නේ නැති හැම මගුලකටම අතදාලා රට අවුල් කරනවා
ජනාධිපති සමාව දෙන්න පගාව ගන්න ජනතා මුදලින් පුද්ගලික සංචාරයක් වෙන රටකට කරන්න අැති... මොකද තව පාරක් පගාව ගහලා අහුවෙන්න චක් ගෝලයෝ එයාට නැහැ. කොහොම වුණත් නීතිය මුදලට යටයි. දප්පුලගේ කට විතරයි. නඩුවක් ඉවර වෙන්න අඩු තරමින් අවුරුදු 10ක් විතර යනවා.
දැන් ඉන්න ජනාධිපති සමාව දෙන්නේ අල්ලස් ගත්ත අයට වෙන්න ඇති... විරෝධය පාන අය එවැනි දෙයක් කරලා නැතිනම් සමාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
අනාගතයේ යම් දිනක තව අය නිදහස් කිරීමට හොඳ පූර්වාදර්ශයකි මෙය.
කෙරුවොත් ඉතින් කරන්නේ ඔය වගේ හත්පොලේ ගාගන්න වැඩක් තමයි. අනාගතයේදී ඔය වගේ තවත් මරණ දඬුවම ලබා සිටින කෝටිපතියන්ව නිදහස් කිරීමේ මංගල පියවර තමයි ශුභ මොහොතෙන් මේ අරඹා ඇත්තේ?
සිරකරුවන්ගේ ඉල්ලීම සාධාරණ බව පේනවා. නීතිය කාටත් පොදුයි. සාධාරණ විය යුතුයි. බලපුලුවන්කාරයින්ට එක නීතියකුත්, රටේ සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් තමයි අපේ රටේ තියෙන්නේ...
වහලේ උඩ නැගලා උද්ඝෝෂණ කළාට විතරක් නිදහස ලැබෙන්නේ නැහැ. මිලියන සීයක් හමාරක් වියදම් කරන්නත් පුළුවන්කම තියෙන්න ඕනෑ...
යන එන අන්තිමේ රටම ගිනි තියලද යන්න හදන්නේ ?
දියණියට තාත්තා ජනාධිපති කාලයේ කරපු වැඩ ගැන පොත් කාණ්ඩයක් ලියන්න පුළුවන්... ඒකනං උණු කැවුම් වගේ විකුණාගන්න පුළුවන්...
පොහොට්ටු වැඩක්ද? හංස වැඩක්ද?
ජනාධිපති සිරිසේන කියන්නේ එකක්, කරන්නේ තවදෙයක් යන්න නැවත වතාවක් ඔප්පු කරලා...
සමහර සිරකරුවන්ට මේක සාධාරණ ඉල්ලීමක්.
මේවා නොසන්සුන් වෙන එක අහන්න දෙයක්ද? මේ වගේ අය රටේ ජනාධිපති වුණාම. ඊළඟට එන කෙනා නිදහස් කරයි අර TV අයිති කෙනාගේ මල්ලිව...
ඇයි අපේ ඇමෙරිකන් කාරයා ආපු ගමන් නිදොස් කොට නිදහස් කරලා දේශප්‍රේමීන් කරනවා ඕං හා නැද්ද?
මල්ලිගේ ඥාතියෙකුට සමාව දුන්නා කියලා මේ අනිත් කුම්බිට්ටෝ මොනවටෙයි?
වහල උඩට නැගලා වෙලාව කන්න එපා. හැකි ඉක්මණට උපාධියක් ගන්න. එවිට සියලුම සිවිල් සංවිධාන, සංඝයා වහන්සේලා ඇතුළු කට්ටිය ඔබව නැවත සමාජයට අවශ්‍ය බව ජනපතිට කියයි.
සල්ලි තියෙනවනන් ඕන ජරා වැඩක් කරලා බේරෙන්න පුළුවන් රට ලංකාවයි කියන එකට හොඳම උදාහරණය තමයි මේක.
ග්‍රාමසේවක කෙනෙක්ගෙන් මෙයිට වැඩ දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ. කොට්ච්රනම් නිවැරදි මිනිස්සු සිරදඩුවම් විදිනවද ? සමස්ත ජනතාවට සහ නීතියට කළ බරපතල ද්‍රෝහිකමක් .මේ දේශපාලකයින් එළිපිට කරන වැරදි . තව කොට්ච්චරනම් දේවල් වහලා ගහනවද ? කවුරුත් දන්නේ නැහැ.
සිරකරුවන් කියන්නෙ හොඳ මිනිසුන් නෙවෙයිනෙ. එයාලා සමාජයට කරදර කරපු අය. පව් පුරවගත්තු අය. එයාලව හුරතල් කරන්න බෑ. මොකද නුවණ තියෙනවනම් වැරදි කරන්නෙ නෑනෙ. නුවණ නැති අය තද නීතිවලින් තමා දමනය කරන්න ඕන.
කරුණාකර සන්සුන්වන්න නිදහස් කිරීම ඉතා වියදම් යන වැඩක් හිරේ ඉන්න එක වඩා හොඳය. එළියේ රස්සවලුත් නැහැ
කෝ අර අහිංසකයන්ට උසාවියේදී පොඩි පොඩි දේවල් වලටත් අපහස කලා කියල හිරේ දාන නඩුකාරතුමාලා ?
අපේ ලොක්කා රෑට එකට ආප්ප කාලා උදේට අනිත් පැත්තට පනින ජාතියේ කෙනෙක්. දකුණට සිග්නල් දමලා වමට හරවන පොරක්.
ඊලඟට ජනාධිපති සමාව ලබන්නා දුමින්ද සිල්වා. පොහොට්ටු ජනාධිපතිගෙන් සමාව ලබන්නා ඔහුය. දෙනවා නම් සමාව ඔක්කෝටම දෙන්න. නැතිනම් අධිකරණයේ ගෞරවය රැකිය යුතුයි. හිරකාරයෝ වුනත් බුරුවන් නොවිය යුතුයි. ජයවේවා!
දෙන්න තව දෙන්න රට පෙරට අපි පස්සට...
උසාවිය නීතිය අපහායට අවමානයට පත් කළ අවස්ථාවක්.
මෙතුමා නිතරම කරන්නේ පොරොන්දු වුන දෙයට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක් ,විධායක බලතල භාවිතාකර රටේ විසදන්න පහුගියකාලේ මොන තරම් දේවල් තිබුනද.
මේ ප්‍රවෘත්තිය දවස් තුනක් එකම තැන