IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


වැලිකඩ පහරදීමට ගෝඨාභය අණදුන් බව අධිකරණයේදී පිළිගන්නැයි මර්වින් කිව්වා

(***මුදිතා දයානන්ද)

වැලිකඩ පහරදීම සිදුවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව කියලා පිළිගත්තොත් ඉක්මනට එළියට එන්න පුළුවන් කියලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බන්ධනාගාරයේදී තමා හමුවී කිව්වේයැයි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඊයේ (01) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ විශේෂ කාර්යාලයකදි රැස්වූ අවස්ථාවේදීය.

2012 නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම පදනම් කරගනිමින් අත්අඩංගුවට ගෙන රාජකාරි තහනමක් පනවා තමන්ට අනර්ථයක් සිදුකළේ යැයි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ කොමිසම හමුවේ කළ පැමිණිල්ලකට අදාළව ඊයේ සාක්ෂි කැඳවනු ලැබීය.  

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවය කරන්නන් හා සන්නද්ධ හමුදාව හා පොලිසියේ සේවය කරන්නන් මුහුණ දුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සඳහා විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම පිහිටුවා තිබේ.

මෙම කොමිසමේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු වන අතර හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු හා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රතිලක මහත්වරු එහි සාමාජිකයෝ වෙති.
එහිදී පැමිණිලිකරු වන එමිල් රංජන් මහතාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උපමාලිකා ලියනගේ මහත්මිය හරස් ප්‍රශ්න විමසුවාය.

නීතිඥ උපමාලිකා ලියනගේ මහත්මිය - වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීමෙන් පසු ඔබට කාගෙන් හෝ තර්ජන හෝ බලපෑම් ඇති වුණාද?
එමිල් රංජන් මහතා - ඔව්. අවස්ථා කීපයකදිම ඇති වුණා. 2018 වසරේ එක දවසක මර්වින් සිල්වා මහතා බන්ධනාගාරයට පැමිණි අවස්ථාවක මා හමුවී වැලිකඩ පහරදීමට ගෝඨාභය මහතා අණදුන් බව අධිකරණයේදි පිළිගන්නා ලෙස පැවසුවා. එහෙම කළොත් ඉක්මනට එළියට එන්න පුළුවන් වෙයි කියලත් කිව්වා. ඒ අවස්ථාවේ මා අසල රංගජීව මහතාත් සිටියා.
 
කොමිසමේ සාමාජික විශ්‍රාමික විනිසුරු දයා චන්ද්‍රතිලක මහතා - ඔහු කොහොමද ඇතුළට ආවේ? එහෙම බන්ධනාගාරයට ඕන ඕන වෙලාවට ඇතුළු වෙන්න බැහැ නේද?
එමිල් රංජන් මහතා - ඒක නම් මම දන්නේ නැහැ. මම හිතන විදිහට ඔහු ආවේ බලය පාවිච්චි කරලා නෙවෙයි. මොකද ඔහු එකල ඇමැතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් නෙවෙයි. බන්ධනාගාරයේ සිටි යුධ හමුදාවේ මේජර් කෙනෙක් ඇතුළු පිරිසක් බලන්න ආපු ගමන් තමයි මාව දැකලා කතා කළේ. ඔහු ළගට එනතුරුම මා දැක්කේ නැහැ.                                                                           
නීතිඥ උපමාලිකා ලියනගේ මහත්මිය - වැලිකඩ බන්ධානාගාරයේ සිදුවීම වූයේ 2012 නොවැම්බර් 09 වැනිදා. ඒ සිදුවීමට ආසන්න කාල වකවානුවේදි සිදුවූ බලපෑම් පිළිබඳ මතකයක් තිබෙනවාද?
එමිල් රංජන් මහතා - නැහැ. යහපාලන රජය බලයට ආවාට පස්සේ තමයි මට බලපෑම් ඇති වුණේ. එතෙක් මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ප්‍රශ්නය - මුලින්ම බලපෑම් ඇති වුණේ කවද්ද?
පිළිතුර - 2015 ජනවාරි 30 වැනිදා මාව ස්ථාන මාරු කර පරීක්ෂණවලට යටත්ව කියලා බන්ධනාගාර මුලස්ථානයට යොමු කළා. ඒ කියන්නේ මාව සංචිතයට දැම්මා.
යහපාලන රජය පත්වූ පසුව වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් පත් කළා. එහිදී තමයි මගේ නම මුලින්ම කියවුණේ.

ප්‍රශ්නය - මේ සිදුවීම සම්බන්ධයෙන් යම් කිසි ආයතනයකින් පරීක්ෂණයක් සිදුකළාද?
පිළිතුර - ආයතන කීපයකින් පරීක්ෂණ සිදුකළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බොරැල්ල පොලීසිය, කොළඹ අපරාධ කොට්ඨාසය සහ එකල සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වික්‍රමසේන මහතාගේ මැදිහත්වීමෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර එයින්ද පරීක්ෂණයක් සිදුකළා.

ප්‍රශ්නය - ඔබ අත්අඩංගුවට ගනු ලැබුවේ ඇයි?
පිළිතුර - බන්ධනාගාර කැරැල්ල මා මෙහෙයවූ එකක් බවටයි, මට චෝදනා එල්ල වුණේ.
එහිදි එමිල් රංජන් මහතාගේ මිතුරෙක් වන පී.එච්. හේමචන්ද්‍ර මහතාද සාක්ෂි ලබාදුන්නේ ය. එමිල් රංජන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමල් ප්‍රනාන්දු මහතා ඔහුගේ සාක්ෂිය මෙහෙයවනු ලැබුවේ ය.

ප්‍රශ්නය-  ඔබ එමිල් රංජන් යන අය අඳුනන්නේ කෙසේද?
පිළිතුර - ඔහු මාගේ මිතුරෙක්. වසර දහයක පමණ කාලයක සිට අපි අඳුනනවා.

ප්‍රශ්නය - ඔහු රිමාන්ඩ් භාරයේ සිටි කාලයේ ඔබ ඔහුව බලන්නට ගියාද?
පිළිතුර - ඔව්. මමත් තවත් මිතුරෙකුත් ඔහු බලන්න නිතර ගියා.

ප්‍රශ්නය - 2018 දෙසැම්බර් මාසයේ දවසක ඔහු එහි ගිය විටදී තවත් කවුරුහරි මුණ ගැසුණාද?
පිළිතුර - ඔව්. අපි දෙන්නා ගේට්ටුව ළඟට වෙලා කතා කරමින් ඉන්නකොට අශෝක ජයතුංගත් ආවා. ඔහු කිව්වා අගමැතිගේ පණිවුඩයක් අරන් ආවේ කියලා. ටික වෙලාවකින් අපි දෙන්නා එමිල් රංජන් බලන්න ඇතුළට ගියා. අපි ඇතුළට ගිහින් විනාඩි කීපයකට පස්සේ අශෝක ජයතුංගත් ආවා.

ප්‍රශ්නය- ඔහු මොනවද කිව්වේ.
පිළිතුර - ඔහු එමිල් එක්ක ඇතුළට ගියා. ටික වෙලාවක් දෙන්නා කතා කර කර සිටියා. එයා ආපසු ගියාට පස්සේ එමිල් අපිට කිව්වා අගමැතිගේ පණිවුඩයක් අරගෙන අශෝක ඇවිත් තියෙන්නේ කියලා.

ප්‍රශ්නය - මොකක්ද පණිවුඩය කියලා කිව්වද?
පිළිතුර - ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව තමයි වැලිකඩ පහරදීම සිදුවුණේ කියලා පිළිගන්න, එහෙම කළොත් ඉක්මනට එළියට එන්න පුළුවන් කියලා අගමැති කියා එවා තිබූ බව එමිල් අප සමග කිව්වා.

එහිදි සාක්ෂි ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් පරීක්ෂිකා රසාංගා නිල්මිණි මෙන්ඩිස් මහත්මිය 2012 නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට තමන්ද ඇතුළත් වූ බව පැවසුවාය. ඒ අනුව තමන්ද සිරකරුවන්ගෙන් හා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවද ඒසේ ප්‍රකාශ ලබාගත් අයගේ රෙජිස්ටරයක් පෞද්ගලික පහසුව සඳහා පවත්වාගෙන ගිය බවද පැවසුවාය. තමන් බන්ධනාගාර ජේලර් කුඩාබණ්ඩාර යන අයගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශය පසුව කිසිවෙකු විසින් රැගෙන ගොස් ඇති නමුත් නැවත තමන් වෙත ලබාදී නැති බවද ඇය කොමිසම හමුවේ පැවසුවාය.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ හිටපු විනිසුරු බන්දුල අතපත්තු කමිටුවේ සාමාජිකයකු වන ගුණසේන තේනබදු මහතා සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ සිදුවීමෙන් දින තුනකට පසු පැවති රජය විසින් තමන් ඇතුලු කමිටුව පත් කළ බවය. එම කමිටුවෙන් විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන සිදුකළ විමර්ශනය අනුව පිටු පන්සීයක වාර්තාවක් සකස් කර භාරදුන් බවද ඔහු පැවසීය. එහෙත් 2015 ආණ්ඩුව පත්වූ පසු එම වාර්තාව පසෙක දමා මේ සම්බන්ධයෙන් සෙවීමට කණ්ඩායම් ගණනාවක් පත් කළ බවද ඔහු පැවසීය. එසේ සිදුකරනු ලැබුවේ රාජපක්ෂවරුන් අපහසුතාවයට පත් කිරිමේ අවශ්‍යතාවය අනුව බව තමන්ට හැඟී ගිය බවද ඔහු පැවසීය.

 



අදහස් (1)

වැලිකඩ පහරදීමට ගෝඨාභය අණදුන් බව අධිකරණයේදී පිළිගන්නැයි මර්වින් කිව්වා

Bamunuarachchi Thursday, 02 July 2020 01:45 PM

පුළුවන් නම් මර්වින්වත් ඇතුළට ගන්න වැඩේ ලෑස්ති කරන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site