ශ්රී ලංකාවට මේ අවස්ථාවේ ‘කොවිඞ් 19’ මර්දන එන්නත ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට එරෙහිව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අදහස් දැක්වීමට යෑමෙන් අද (20) පාර්ලිමේන්තුව විනාඩි හයක පමණ කාලයක් උණුසුම් තත්ත්වයක් ගත්තේය.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා තමන්ට නියමිත කාලයේදී මෙසේ අදහස් දැක්වීම ආරම්භ කළේය.
“වැක්සින් එක ගෙන්න ඕඩර් කළේ නෑ. වැක්සින් එක තාමත් අත්හදා බලමින් තිබෙනවා. ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැන්ම ඉදන් මිලියන ගණනන් ඕඩර් කරලා ඇති. අපිටත් උවමනා වුණ දවසට ඕඩර් කරගන්නවා. ඒකට උවමනා කරන මුදලුත් අපි හොයාගන්නවා. වැක්සින් එක උවමනා වුණ දවසට”
“මම හිතන්නෙ නෑ දැන්ම අපිට වැක්සින් එක උවමනයි කියලා. ඒක උවමනයි ඇමෙරිකාවට. වැක්සින් එක වෙනුවට පාවිච්චි කළ හැකි දෙවල් තියෙනවා. අපි ඒවා පාවිච්චි කරමින් මේක පාලනය කරනවා.”
“වැක්සින් එක උවමනායි කියලා අපේ වෛද්‍යවරු කිව්වොත් ඒකත් කරනවා. ඔබතුමා දන්නවද? ‘ඩිසාස්ට මැනේජ්මන්ට්’ කියලා එකක් තියෙනවා”
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදීම සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා අදහස් දැක්වීමට යාමෙන් පාර්ලිමේන්තුව උණුසුම් විය.
“ගරු ඇමතිතුමා, මෙහෙට වැක්සින් එපා කියලා කියන්න එපා. දැන් එංගලන්තේ ‘ප්‍රයෝරිටි’ දිලා තියෙනවා. මට වෙලාව තියෙනවා”
එවිට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කෝපයෙන් මෙන් මෙසේ පැවසීය.
“එයාට පුළුවන්ද එහෙම මගේ කථාවට බාධා කරන්න. බාදා කරන්න එපා....ඔබතුමාගේ කථාවෙදී කියන්න. එහෙම කථා කරන්න පුළුවන්ද? හිතූ හිතූ වෙලාවට..?
“ඒවා හමුදාවේ. හමුදාවට යන්න හිතූ හිතූ වෙලාවට කොමාන්ඞ් දෙන්න. මෙහේ බෑ එහෙම. කරුණා කරලා තමන්ගෙ වෙලාවට කථා කරන්න. මේක පාර්ලිමේන්තුව. මේක හමුදාව නෙවෙයි”
“ලොකුවට හිතාගෙන ඉන්න එපා ඔබතුමා පාර්ලිමේන්තුවේදී ඕන ඕන දෙවල් කියන්න. කරුණාරලා නිකන් ඉන්නකෝ”
“වෙල් මුලාදැනියා, වෙල් මුලාදැනියා, නිකන් වාඩි වෙනවා” යැයි වාසුදේව අමාත්‍යවරයා දොස් නැඟීම අවසන් කළේය.
-048

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩක් නැති ප්‍රතිපත්ති පාවා දීපු කෙනෙක්ගේ මෝඩ කතා. මෙයාලා හැමෝටම පෙර වැක්සීන් එක ගන්න බව නම් ස්ථීරයි. වැක්සීන් එක එපා කියන්නේ මොවුන්ට ජනතාව ගැන හැඟීමක් නැති නිසයි.
මේ දෙන්නා මේ රටට කළ සේවය බලනකොට අහසයි පොළවයි වගේ.. එක්කෙනෙක් නාකි වෙනකම් පාර්ලිමේන්තුවට පැනලා සැප ගත්තා සමාජ වාදය කිය කිය.... අනික් එක්කෙනා රටට කළ මහඟු සේවය වචන වලින් විස්තර කරන්න බැහැ. ඔන්න දෙන්නාගේ වෙනස...
අපේ ජනගහනයට අවශ්‍ය වැක්සින් ලබා ගැනීමට අද රටේ මුදල් නැහැ. බොහෝවිට, අප වැනි දුප්පත් රටවලට අවශ්‍ය වැක්සින් WHO සංවිධානයෙන් නොමිලේ ලබා දෙනු ඇත. එබැවින් මේ කරුණ සඳහා වාද කිරීමෙන් පලක් නැහැ.
වාසුදේව කිසිම කමකට නැහැ. බොරු වාමාංශිකයෝ. අවස්ථාවාදියෝ. තවම කිසිම වැදගත් රටක හරියාකාරව පරීක්ෂණ කරනවා මිසක් තව මාස 2කටවත් එන්නත නොලැඛෙන පාටක් තියෙන්නේ...
පාර්ලිමෙන්තුවෙ නුසුදුසු වචන කියූ කෙනෙක් එක්ක මොකට වාද කරනවද?
වාසුදේව වාමාංශික වෙලා හිටියේ 90 දශකයේ මුල සහ 80 දශකයේ.. දැන් වාසුදේව යනු වාමාංශිකයෙක් නොවේ. හිට්ලර්ගේ වර්ගයේ අති දක්ෂිණාංශික පුද්ගලයෙක්... සිය ගණනක් බලා සිටියදී ප්‍රසිද්ධියේ අපරාධ සිදුවූ, උසාවියෙන් සාක්ෂි 50ක් විතර අහලා මරණ දඬුවම දීපු පුද්ගලයෙක්වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු යවන්න කියලා සිහිබුද්ධියක් තිබෙන වාමාංශිකයෙක් ජනතාවගෙන් ඉල්ලනවද?