IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වාරි මාර්ග වනසා ලග්ගල මැණික් ගරති

(ඉන්දික අරුණ කුමාර)

ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ රාජ්‍ය ආයතන භූමි වල හා වාරි ඇල මාර්ග ආශ්‍රීතව නීති විරෝධී මැණික් පතල් කැපීමේ කටයුතු දැඩිව සිදුවන බව ලග්ගල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි ඉෂාර උදය බණ්ඩාර හේරත් මහතා පවසයි. අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

ලග්ගල පොලිස්ථානයේ ද සහාය ඇතිව මෙම මැණික් පතල් කැපීමේ කටයුතු සිදුවන බවට චෝදනා කළ මන්ත්‍රිවරයා කියා සිටියේ ජනතාව දැනුවත් කළ ආකාරයට අදාල ස්ථාන පරික්ෂා කර ලග්ගල පොලිසියට ද පැමිණිලි කළ බවයි.

ලග්ගල ප්‍රදේශයේ වැල්ලේවල ක්වාටස් වත්ත ඉදිරිපිට, 44 දෙවට පාර වාරිමාර්ග ඇල හා වාන සහ ජල පිටවුම් මාර්ග පස් කැනීම් හේතුවෙන් සම්පුර් ණයෙන්ම විනාශ වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මීට අමතරව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හතේ බටේ නම් ස්ථානය ද කැණිම් හේතුවෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව මන්ත්‍රිවරයා කියා සිටියේය.

පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කිරිමට ද මේ වන විට පියවර ගෙන ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මැණික් පතල් ව්‍යාපාරය කළුගග ප්‍රදේශයේ කලක් තිස්සේ සිදුවන බවත්, එය බලපත්‍ර සහිත පෞද්ගලික ඉඩම් වලට පමණක් එය සීමා වී තිබු බවත් කියා සිටින ඉෂාර උදය බණ්ඩාර හේරත් මහතා අවධාරණය කර සිටියේ රජයේ භූමී වල මැණික් පතල් කැපීම මාස කිහිපයක සිට සිදුවන්නක් බවයි.

ලග්ගල පොලිස්ථානාධිපතිවරයා ලග්ගල පොලිස්ථානය භාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය උදාවිම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ද හෙතෙම කියා සිටියේය.

රජයේ භූමිවල අනවසර මැණික් පතල් කැපීම සම්බන්ධයෙන් පොලිස්ථානාධිපති වරයා වගකීම දැරිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

චෝදනා එල්ල වන සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එස්. දර් ශන මහතාගෙන් කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම සිද්ධියට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

චෝදනා එල්ල වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන්නේ ද යන්න පිළිබඳ  කළ විමසීමක දි හෙතෙම කියා සිටියේ  ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට ලැබෙන පැමිණිලි මත අවශ්‍ය කටයුතු සිදුකර නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ලග්ගල ප්‍රදේශයේ සිදුව ඇතැයි කියන ඇල මාර් ග හා රජයේ භූමිවල මැණික් පතල් කැපීම් සම්බන්ධයෙන් රාජ්‍ය මැණික් සංස්ථාවේ නාඋල ප්‍රාදේශිය කාර්යාලයේ ප්‍රාදේශිය කළමණාකරු සංජීව මූණමල්පේ මහතාගෙන් ද විමසීමක් කළ  අතර එහි දි ඔහු කියාසිටියේ අධිකාරි බලතල ප්‍රකාරව අදාල ප්‍රදේශයේ පොලිසියට රාජ්‍ය දේපල ආරක්ෂා කිරිමේ බලය පවතින බවයි.

අදාල ප්‍රදේශයේ රාජ්‍ය දේපල විනාශවීමක් සිදුවි ඇති බව සදහන් කළ සංජීව මහතා කියා සිටියේ කැණිම් හේතුවෙන් ගොවීන්ට ජලය ලබාදෙන වාරි ඇළ මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවයි.

රාත්‍රී කාලයේ සිදුව ඇති කැණිම් සම්බන්ධයෙන් මැණික් සංස්ථාව මේ වනවිටත් පරීක්ෂණයක් කරන බව කියා සිටි සංජීව මහතා අවධාරණය කළේ පොලිසිය ද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධියට අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තා වන බවත් සාක්ෂි සහිතව එම තොරතුරු අනාවරණය වී නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ කළ සාකච්ඡාවේ දී අනාවරණය වු කරුණු වලට අනුව ලබන මස දී ගොවීන්ට ජලය නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව ද සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසියට පැමිණිලි කර ඇති බව ද සංජීව මූණමල්පේ මහතා කියා සිටියේය.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර සැකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇතයි සදහන් කළ සංජීව මහතා වැඩිදුරත් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මැණික් සංස්ථාවේ පරීක්ෂණ කටයුතු ද අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.

 

 



අදහස් (0)

වාරි මාර්ග වනසා ලග්ගල මැණික් ගරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 415 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2187 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site