IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


වායු බලාගාර දෙකක් හදන බව ඩලස් කියයි

(ඩයනා උදයංගනී)

ඉදිරියේදී රට තුළ ඇතිවන විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාර දෙකක් 2023 වසර වන විට ඉදිකරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එල්.එන්.ජී. බලාගාර සම්බන්ධයෙන් 2007 වසරේ සිට කතා කළ නමුත් වසර 13ක් යනතුරු එක් බලාගාරයක්  හෝ ඉදිකිරීමට නොහැකි වී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය රජය පැවති 2015 - 2019 දක්වා වසර 05 ක කාලයේදී ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එක්කර ඇත්තේ මෙගාවොට් 300 ක් පමණක් බව කී ඇමතිවරයා වසරකට විදුලි ඉල්ලුම සියයට 6 කින් වර්ධනය වන බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිරීක්ෂණයකට පසුගියදා එක්වූ අවස්ථාවේදී පැවති සේවක හමුවක් අමතමිනි.

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුධයට මුහුණදීම සඳහා ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් 2030 වසර වනවිට මෙරට විදුලි බල පද්ධතියට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 70 දක්වා වර්ධනය කළයුතු බවද ඇමතිවරයා කීවේය.

එමෙන්ම මේ වනවිට සියයට 32ක් වන ඩීසල් විදුලි දායකත්වය සියයට 5 දක්වා අඩු කළ යුතු බව කී ඇමතිවරයා ලංකා විදුලි පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ‘ලෙකෝ’ අයතනය රජයේ  අරමුණු වෙත ළඟාවීමට ශක්තියක් වේ යැයි තමන් බලාපොරොත්තු වන බව ද පැවසීය.

මේ වනවිට පුනර්ජනනීය විදුලියෙන් මෙරට විදුලිබල පද්ධතියට ලබාගන්නා දායකත්වය මෙගාවොට් 900 ක් පමණක් බව කී ඇමතිවරයා  2023 වනවිට එම ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරගැනීමට  බලාපොරොත්තු වන බව ද කීවේය.



අදහස් (10)

වායු බලාගාර දෙකක් හදන බව ඩලස් කියයි

chandima Friday, 18 September 2020 05:36 PM

හැබැයි වැඩේ කරන කෙනා කට මැත දොඩ දොඩා ඉන්නේ නැහැ...

:       143       418

Hafeel Sunday, 20 September 2020 06:53 AM

මේ තනතුරට පත්වූ සියලු ඇමැතිලා මුලදී මෙහෙම තමයි ප්‍රකාශ නිකුත් කළේ. නමුත් කරපු දෙයක් නම් පේන්න නැහැ.

:       0       0

sachith Saturday, 19 September 2020 02:44 AM

අපේ කට්ටිය හැමදාම වගේ බයිලා කියනවා. අන්තිමට පුද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් කියලා විදුලිය ගන්නවා. බංග්ලාදේශයේ තමන්ගේම න්‍යෂ්ටික බලාගාරයක් හදන්න පටන් අරන් දැන්. හරියට සැලැස්මකට වඩා කරනවා නම් එහෙමයි.

:       123       784

සමරේ Saturday, 19 September 2020 03:35 AM

කරපු දෙයක් නම් නෑ. ඇමතිකම් මාරුවෙන ගානෙ කතා කියනවා විතරයි.

:       205       625

KooralageSaturday, 19 September 2020 04:59 AM

කොමිසමේ වාර්තාව එනකොට..., ඩලස් ගාලා සති ගාණක් හැංගිලා හිටියා. දැන් ආයිමත් කොහෙන්ද මතුවෙලා.. පට්ටපල් බොරු බේගල් කියවනවා. කරපු කිසිම දෙයක් නම් නැහැ.

:       250       763

buru burus Saturday, 19 September 2020 03:43 AM

කැබිනට් මණ්ඩලයේම බහුතරය 70 පැනලා රටේ පත්වුණු වැඩිහිටිම කැබිනෙට්ටුව වෙලා..

:       438       287

රොශාන් Saturday, 19 September 2020 07:07 AM

කරුණාකර ස්වභාවික වායු හෝ ගල් අඟුරු බලාගාරකයක් හැකි ඉක්මණින් ඉදි කරන්න. ඩීසල් විදුලිය නිසා රටට දිනකට අහිමි වන විනිමය කෝටි ගණනක්. බැටරි තාක්ෂණය දියුණු වෙනකන් කිසිම රටකට සූර්ය බලය මත යැපෙන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නං ඒ මනුස්සයාට රෑට විදුලිය නැතුව ඉන්න කියන්න වෙනවා.

:       107       5

SachithSunday, 20 September 2020 03:27 AM

ඔබතුමා පොඩ්ඩක් පුනර්ජනනීය බලශක්ති ගැන හොයලා බැලුවොත් හොඳයි. වියළි කෝෂම නෙමෙයි, දවල්ට සූර්ය බලයෙන් ශක්තිය අරගෙන ඒකෙන් ජලාශයකට වතුර පුරවලා, රාත්‍රියට ජලවිදුලිය නිපදවනවා. ඔයවගේ කරන දේවල් ඕනෑ තරම් තියෙනවා.

:       0       0

Bamunuarachchi Saturday, 19 September 2020 02:48 PM

කරන්න ඉස්සෙල්ලා කියවන්න එපා. ඒකනේ හරක් මරන එක නවත්වනවා කියලා අතරමගදී අනාගත්තා.

:       0       527

Rohana Sunday, 20 September 2020 01:18 AM

ඩලස් කියන්නේ කතාව පමණක් ඇති ක්‍රියාව නැති කෙනෙක් බව නම් අප දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site