වසර 2400කට වඩා පැරණි ග්‍රීක වෙළඳ නැවක් කළු මුහුදේ බල්ගේරියානු වෙරළට නුදුරින් තිබි සොයාගෙන ඇතැයි වාර්තා වේ.
දිගින් මීටර් 23ක් වන මෙම නෞකාව ලෝකයේ දියබත්වූ නෞකා අතරින් පැරණිම නෞකාව ලෙස හැඳින්වේ.
මිනිස් පහසින් නොඉඳුල්ව දීර්ඝ කාලයක් මුහුදු පත්ලේ රැඳී තිබූ මෙම නෞකාවේ සුක්කානම, ආසන ඇතුළු බොහෝදේ සුරක්ෂතව පවතින බව ගවේෂකයෝ සඳහන් කරති.
"එය වෙනත් ලෝකයක් වගෙයි, මුහුද යටට යැවූ කැමරාවෙන් එහි අපූර්වත්වය දක්නට ලැබෙනවා" යැයි ගවේෂක කණ්ඩායමේ සාමාජිකා හෙලන් ෆා පවසයි.
ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈත කාලයට අයත් නෞකාව මෙතරම් හොඳින් සුරක්ෂිත වී තිබීමට හේතුව ජලයේ ඔක්සිජන් රහිත වීම බව විශ්වාස කෙරේ. කිමිදුම්කරුවන්ට ද ලඟා වීමට අපහසු මීටර් 2000ක් පමණ ගැඹුරේ පැවතීමද මෙය සුරක්ෂිතව තිබීමට හේතුවී ඇත.
මුහුද යට සෙවීම් සඳහාම නිර්මිත රොබෝ ගවේශකයන් දෙදෙනකු යොදාගෙන නැව පිළිබඳ සම්පූර්ණ විස්තර ලබාගෙන ඇත.
(බිබීසී ඇරසුරිණි - 085)
ඡායාරූප - බිබීසී ඇරසුරිණි


2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වසර 2400ක් පැරණි නැවක් මුහුදු පත්ලේ තිබී සොයා ගනි
Darme W Wednesday, 24 October 2018 07:20 AM
ලංක වෙන් ගිය සිංහල නැවකු වගෙයි