(විනීතා එම් ගමගේ)
සංක‍්‍රමණික පක්ෂයෙකු වන සිලූටු දෑතුඩුවා වසර 148 කට පසු ශ්‍රී ලංකාවේ දී බිත්තර දමා ඇතැයි බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු අජිත් ගුණතුංග මහතා හෙළි කරගෙන තිබේ.
මෙම පක්ෂියා මීට පෙර ශ්‍රී ලංකාවේ දී බෝවී ඇතැයි වාර්තා වී ඇත්තේ 1872 දී තිස්සමහාරාමයේ උඩුවිල වැව ආශ්‍රීතවය.
සංක‍්‍රමණික පක්ෂියෙකු වුව ද සිලූටු දෑතුඩුවා මෙරට යම් ප‍්‍රමාණ්‍යකට ව්‍යාප්ත වී සිටි බවට පක්ෂි විද්‍යාඥ වින්සන්ට් ලෙගී විසින් ලියා ඇති හිස්ට‍්‍රි ඔෆ් ද බර්ඞ්ස් ඔෆ් සිලෝන් ග‍්‍රන්ථයෙහි සදහන් වන බව ද, 1872 දී උඩුවිල වැව ආශ්‍රීතව කූඩු අටක පැටවුන් සිටි බව ද එහි වාර්තා කර ඇතැයි පරිසර වේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය
නමුත් පසුකාලිනව මෙම සත්වයා මෙරටින් තුරන් වූයේ ඇයි දැයි මේ වනවතුරු හෙළි කරගත නොහැකි වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
අනතුරුව දිවයිනේ ස්ථාන කිහිපයකින්ම මෙම පක්ෂියා වාර්තා වූ නමුත් බෝවීමක් වාර්තා නොවූ බවත් මෙසේ යළිත් මෙම පක්ෂියා මෙරට බෝවීම සුවිශේෂී සිද්ධියක් බවත් ගුණවර්ධන මහතා කීයේය.
මේ සිලූටු දෑතුඩුවාගේ මෙරට නේවාසික ගහනයක් ඇතිවීමේ ප‍්‍රවණතාවයක් ද නැතිනම් අහඹු සිද්ධියක් පමණක් ද යන්න කීම අපහසු යැයි ද කෙසේ වෙතත් ජාති වනෝද්‍යාන තුළ මෙම පක්ෂියාට බෝවීමට
අවශ්‍ය ප‍්‍රශස්ත තත්ත්වය පවතින බව පැහැදිලි බවත් හෙතෙම සදහන් කළේය.
රම්සා ප‍්‍රඥප්තිය යටතේ මෙරට පළමුවෙන්ම නම් කරන ලද රම්සා තෙත් බිම වන බුන්දලින් මෙම සුවිශේෂී අවස්ථාව සැමරිීම ද සුවිශේෂී තත්ත්වයක් බවත් ගුණවර්ධන මහතා පැවැසීය.
කෙසේ වෙතත් වසර 148 කට පසු හමුවූ මෙම පක්ෂීයා නැවත වරක් නේවාසික පක්ෂියකු ලෙස සැළකීමට කළබල විය යුතු නැතැයි ද එසේ කරන්නට නම් මෙරට බෝවීම මෙන්ම වසර කීහිපයක් තිස්සේ මෙරට එම පක්ෂී ගහනයක් රැදී සිටීම නිරික්ෂණය කළ යුතු බවත් ඔහු සදහන් කළේය.
දැනට මෙම පක්ෂියා හමුවී ඇත්තේ බුන්දල වනෝද්‍යානයේ අතුරු මාවතකින් වන අතර එය ජීප් රථ ගමන් කරන මාර්ගයක් බවත් දැනට වසා ඇති වනෝද්‍යාන විවෘත කිරීමෙන් පසුව වුවද එම මාර්ගය වසා දැමීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත.


(ඡායාරූප සැපයීම - සමන් අබේගුණවර්ධන)
2025 නොවැම්බර් මස 21
32
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වසර 148 කට පසු සිලුටු දෑතුඩුවා ශ්‍රී ලංකාවේදී බිත්තර දමයි
විජිත් Sunday, 24 May 2020 11:37 AM
කොරෝනා නිසා ඇතිවූ.. අසුබ කාලයක ආ සුබ ආරංචියක්..
liyange Sunday, 24 May 2020 01:44 PM
සත්‍ය වශයෙන්ම සොබාදහමේ ඇතිවී තිබෙන වෙනස සතුන් පවා හඳුනාගෙන ඇත...
පූජා Sunday, 24 May 2020 08:11 PM
මෙවැනි මනරම් දුර්ලභ පක්ෂියෙක්.., පින්තූරයකින් හෝ දකින්නට, අප වාසනාවන්තයෝ වී සිටීම ගැන නම් ඇත්තටම සතුටුයි. වසර 148 කට පසුව බිත්තර දමා ,පැටවුන් බිහි වුණාට පසුව, පෙර අපේ රටින් තුරන් වුණා වගේ වෙන්නේ නැතුව, බූන්දල වනෝද්‍යානයේම තම වාසස්ථානය කර ගත්තොත්, පරිසර හිතකාමී පිරිස්වලට එය මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.. ඇත්තම තමයි විජිත්, ඔයා කීවා වගේම එය සුබම ආරංචියක් වෙයි සියලු දෙනාටම...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 May 2020 02:18 PM
ඉතාමත් සතුටට කරුණක්...! මේ පක්ෂියාගේ ඡායාරූප වලට මා ජාත්‍යන්තරයේදී විචාර ලියා තිබෙනවා. ඒත්, මේ සතාගේ මේ ඉතිහාසගත තොරතුරු මා දැනසිටියේ නැහැ. අද මෙන් නොව පෙර කාලේ කුරුල්ලන් දඩයම ගැන එතරම් තැකීමක් තිබිලා නැහැ. කුරුල්ලන් මරණ තනි මුණිස්සම යොදන වායු රයිපල් ඒ කාලයේ තිබිලා තියෙනවා. එලෙස මේ කුරුල්ලන් වඳවුණා වෙන්නත් පුළුවන් නේද?
රිතික් Monday, 25 May 2020 05:48 AM
ඒ කියන්නේ මේ දෑතුඩුවා හෙන්රි ටර්නර් ආණ්ඩුකාරයගෙ කාලේ බිත්තර දාලා ගියාට පස්සේ දැන් තමයි ඇවිත් තියෙන්නේ.