(නිමල කොඩිතුවක්කු)
වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවත්වා ඇතැයි වෘත්තීය සමිති එකමුතුව කියයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් හේතුවෙන් තාවකාලිකව වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගෙන තිබේ.
චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
COMMENTS
සමහරු කිව්වනේ දැන් පත්වෙලා ඉන්නේ කෙළින් වැඩ කරන නායකයෙක් කියලා. කෝ ඉතින්? MCC ගිවිසුමත් අත්සන් කරන්න ලකුණු දැන් පේන්නේ... කලින් ආණ්ඩුව ගිවිසුමට කලින් මුදල් ගත්තයි කියලා එ්කට හේතුත් කියලා. මේ පාලකයින් දෙගොල්ලන්ම පාට විතරයි වෙනස්. එකම ප්‍රතිපත්තිය. අද මේ රට ඉන්දියාවේ, චීනයේ සහ ඇමරිකාවේ පාපන්දු පිට්ටනිය බවට පත් වෙලා.
වරාය යනු අවදානමට ලක්විය හැකි ස්ථානය, ඔවුන්ව ආරක්ෂා කරන්න.
කොහෙද වර්ජනය අතහැරලා තියෙන්නේ...? වරායට ගියා කොහෙවත් වැඩ කරන්නේ නෑ. තුන්දෙනෙක් තාම උඩ... මිනිස්සුන්ගේ රස්සාවල් කීයක් නැතිවෙනවද? නැගෙනහිර පර්යන්තය දුන්නම... රටේ කෑලි වෙන රටවලට දෙනවා. ඔහොමද වගකිවයුතු මාධ්‍ය හැසිරෙන්නේ?