IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ

(විනීතා එම් ගමගේ)
 
කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය  ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ලංකාදීපයට පැවැසීය. 
 
ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවන්හිදී සමාජ දුරස්ථකරණය තබා නොගැනීම නිසා මේ වනවිටත්  අති විශාල පිරිසකට මෙම වයිරසය වැළඳී ඇතැයි සැක කළ හැකි බවත් ඉදිරි දින 14 අවසන් වන අප්‍රේල් 08  වැනිදා වන විට රටතුළ රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් බලාපොරෙතාත්තු විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
 
දැනටමත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් සමග ස්පර්ශක සබඳතා පැවැත්වූ 19000 කට ආසන්න පුරවැසියන් පිරිසක් සෞඛ්‍ය අංශයන්හි ආරක්ෂක අංශයන්හි හා පරිපාලන අංශයන්හි නිරෝධායන නිරීක්ෂණය යටතේ රට පුරා විසිර සිටිතියි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නේය.
 
කෙසේ වෙතත් සියලු පුරවැසියන් බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති දෙක තුල දී සතුටුදායක ප‍්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි යැයි ද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. 
 



අදහස් (11)

වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ

SL Thursday, 26 March 2020 09:05 AM

මිනිස්සු එක පාරටම ටවුමට එනවිදියට තමයි ඇඳිරි නීතිය අරින්නේ. ආණ්ඩුවට රටේ මිනිස්සු දවසෙන් හදන්න බැහැනේ. ප්‍රයෝගික විදියට මිනිස්සු සුළු ප්‍රමාණය බැගින් පාරට ගන්න. ඒවාට තමයි ප්‍රාදේශීය සභා තියෙන්නේ. උන් මොනවද කරන්නේ නේ දවස් වල? මධ්‍යම පළාත නම් අන්තිමයි

:       1       4

siri Thursday, 26 March 2020 09:22 AM

ඒ අතරේ සේරම දේවල් හමුදාවට බාර කරලා චීනයෙන් ලැබුන මුදල් කන්දරාව විතරක් අයියට බාර කරලා. බලන්නකෝ ශාන්ත ඒ වියත් ක්‍රියාදාමයේ අපුරුව.

:       0       1

ravi Thursday, 26 March 2020 09:46 AM

මුදල් තෑගි දීලා හරි. ඔත්තුකරවන්ගේ මාර්ගයෙන් , මොවුන් ගැන තොරතුරු සොයා ගතයුතුයි.

:       0       2

Akila Thursday, 26 March 2020 09:47 AM

මෙතන තියන ලොකුම භයානක කරුණ තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යංශය දැන් කියනවා ( අවශ්‍ය ප්‍රමාණයට මුක ආවරණ ලබාදීමේ නොහැකියාව නිසා ), ලෙඩේ තියන අය විතරක් මුක ආවරණ පැලදුවම ඇතිලු , අනිත් සාමාන්‍ය මිනිස්සු එය පැලදීම අවශ්‍ය නැතිලු.

:       0       2

සනත් වීරකෝන් Thursday, 26 March 2020 10:03 AM

මෙයාල බටහිර වෛද්‍යවරුන් වුනාට උපකල්පන මත වැඩකරන පිරිසක් විදියටයි පෙනෙන්නෙ.

:       152       0

චමින්ද Thursday, 26 March 2020 11:52 AM

මෙම 500 දෙනා මානසික රෝගීන් යැයි කිව හැකිය. මොවුන්ට එක්වරම සති දෙකක නිරෝධයනයත් සමගම මානසික ප්‍රතිකාරත් ලබාදෙන්න.

:       42       64

tttt Thursday, 26 March 2020 01:14 PM

ඒක දන්නෙ නැතුවද මාස්ක් දාන්න එපා කියන්නෙ.

:       1       88

duminda Thursday, 26 March 2020 01:24 PM

බරපතල තත්වය මේ 500 තමන් අසාදිත බව නොදැනීමයි...

:       0       149

anura Friday, 27 March 2020 07:24 AM

අනතුරු ඇඟවීම හොඳ දෙයක්.... නමුත් කරුණු මත නොවී තර්ක මත පමණක් තීරණ ගත හොත් සමහරෙක්ට වටිනා දාර්ශණිකයෙක් වූ ඇරිස්ටෝටල් ලොවට කළ හාණිය හා සමාන හාණියක් විය හැකිය.

:       0       0

sampath Saturday, 28 March 2020 02:39 PM

හැමෝම ලොකු ලේන්සුවකින් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් හරි මුහුණු ආවරණ හදාගන්න එක නුවණට හුරු වෙන රටවල නම් මුහුණු ආවරණ අනිවාර්යෙන් පළදිනවා... කඩේ නැතිවුණාට කමක් නෑ'....

:       0       1

de silva Sunday, 29 March 2020 05:57 PM

මේකට මුලික හේතුව ගෙදර ගිහින් නිරෝධනය වෙන්න කියල රට ඉඳන් ආව මුස්ලිම් මිනිස්සු ගෙදර ඇරිය එක , ඔවුන් සිකුරාදා නොවරදවාම පල්ලි යන බව හැමෝම දන්නවා , ඉදිරියට මේ වරද නොකරමු . කොහොම නමුත් මේ කියන විදිහට තව 500 කට විතර රෝහල් වල ඇදන් ලැහැස්ති කරගන්න සිදු වේවි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1431 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site