කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2715 දක්වා ඉහළ ගොස් ඇත.
 
පුද්ගලයන් 78,000ක් ආසාදිත බවද වාර්තා වේ.
 
මේ වනවිට වයිරසය ආසියාව, යුරෝපය සහ මැද පෙරදිග රටවල් කරා වේගයෙන් පැතිර ගොස් තිබේ.
 
ඒ අතර,  ඉරානයේ පුද්ගලයන් 15දෙනෙකු මේ වනවිට මිය ගොස් සිටින අතර 100දෙනෙක් පමණ ආසාදිතයන් බවට පත්ව සිටිති. ඒ අතර ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාටත් කොරෝනා ආසාදනය වී තිබේ.
 
වයිසරය බවට සැක සිදුවීම් හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ කැනරි දූපත්වල හෝටල වසාදමා ඇත.
 
දකුණු කොරියාව නව ආසාදිතයන් 169දෙනෙකු අද වාර්තා කර ඇති ඒ අනුව, 1,146ක් දක්වා ආසාදිතයන් සංඛ්‍යා ඉහළ ගොස් ඇත. එසේම, 11දෙනෙකු මිය ගොස් ඇත.
 
(ඒඑෆ්පී ඇසුරිනි)