(රවින්ද්‍ර ප්‍රභත් නෙත්තසිංහ)
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවරුණු විශේෂ රාජකාරි වෙනුවෙන් තම නිලධාරීන්ට ලැබිය යුතු දීමනා සහ වරප්‍රසාද නිසි ලෙස ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට වයඹ පළාතේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (01) දිනයේදී ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ සභාපති අමල් නිශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
මෙම තීරණය හේතුවෙන් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 200 ක් පමණ හෙට දිනයේ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟෙ විශේෂ රාජකාරී ලෙස ඇතැම් අවස්ථා වලදී දිවා රාත්‍රී සේවය කිරීමට සිදුවීමත් සමඟ ප්‍රධාන ලේකම්වරයා විසින් දින 20 ක විශේෂ දීමනාවක් ගෙවීමට පොරොන්දු වුවත් එය මේ වන විට වරු 20 ක් දක්වා අඩුකර ඇති බවයි. තවද පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරින් වෙනුවෙන් පසුගිය මාර්තු මාසය සඳහා අතිකාල පැය 150 බැගින් ලබාදී ඇති නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම මාසයට අතිකාල ලබාදී නැති බව ඔවුහු පෙන්වා දෙති.
පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට මේ වනවිට මාස තුනක් සඳහා දුරකථන දීමනාව ලබාදී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම දීමනාව ලබාදී ඇත්තේ මාස දෙකක් සඳහා පමණි.
පසුගිය ජූනි මාසය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අතිකාල පැය 150 ක් ලබාදී ඇතැත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට ලබාදී ඇත්තේ පැය 100 ක් පමණක් බවද එම නිලධාරීහු කියති.
එකම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක යටතේ පාලනය වන වයඹ පලාතේ මෙම දිස්ත්‍රික්ක දෙක සඳහා ආකාර දෙකකින් කටයුතු කරනු ලබන්නේ කෙසේදැයි නිලධාරීහු ප්‍රශ්න කරති.
මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන ලේකම්වරයා කිහිප අවස්ථාවක් ලිඛිතව දැනුවත් කලත් යහපත් ප්‍රතිචාරයක් නොලද හේතුවෙන් ඉහත තීරණයට එළඹි බව සංගමයේ සභාපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
337
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
427
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ වෙති
wijaya Wednesday, 01 July 2020 02:20 AM
මේ රජය විපක්ෂයේ ඉන්න කාලේ කලින් ආණ්ඩුවට බැන බැන හිටියේ මිනිසුන්ගේ දීමනා සහ වරප්‍රසාද දෙන්නේ නැහැයි කියලා. වැඩියෙන් දේවල් ගන්න මේ ආණ්ඩුව පත් කර ගත්තා. දැන් මිනිස්සුන්ට සැප ඇතිනේ...
MD Wednesday, 01 July 2020 04:10 AM
හමුදාව, දොස්තර මහත්තයා හෙද හෙදියන් පමණයි අගයන්න ඕනෑ නේද? මෙයාලා බොරු ජාති අාලයක් පෙන්නලා තියෙන්නේ? කණගාටුව පල කරමි. පසුගිය කාලයේ ඔබව අගයමින් කළ කමෙන්ට් නැවත කැඳවා ගනිමි.
Asanka Wednesday, 01 July 2020 06:17 AM
මෙය නුසුදුසු වැඩක්.. මේ මිනිස්සු නොහිටින්න අපි ඉවරයි.