(රංජිත් රාජපක්ෂ)
වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා යළිත් ස්වෙච්ඡාවෙන්ම අමාත්‍යවරයාගේ නිවසේ අද (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත.
පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යය අරුන්ධික ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 වයිරසය අසාදනය විම නිසා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා අමාත්‍යය සි.බි.රත්නායක මහතා ස්වෙච්ඡාවෙන්ම ස්වයං නිරෝධානයට යොමු වි ඇත.
වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂෙත්‍රයට අදාල නිෂ්පාදනකරුවන් වෙත භාණ්ඩ බෙදාදිමේ උත්සවයක් අමාත්‍ය සි.බි.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍යය අමාත්‍යය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් 24 දින වලපනේ ප්‍රදේශයේදි පැවැත්විණ.
එම උත්සවයට වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්දු හිත්තැටිය ඇතුළු පිරිසක් සහභාගි වි ඇති අතර, එම පිරිස නිරෝධායන උපදෙස් වලට අනුකුලව උපකරණ ලබාදිමේ උත්සවයට සහභාගි වි සිටි බවත් , එම උත්සවය පැවැත්විමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාගෙන තිබු බව වලපනේ ප්‍රාදේශිය සභාවේ නිලධාරියෙකු කියා සිටියේය.
ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාටද මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා අමාත්‍ය සි.බි.රත්නායක මහතා එම සභාපතිවරයා තලවකැලේ ලිදුල නගර සභාවේ පැවති උත්සවයෙදි ළගම ආශ්‍රිතයෙකු විම නිසා අමාත්‍යවරයා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වි ස්වයං නිරෝධානයේ සිට සිදු කරගත් පි.සි.ආර් පරික්ෂණ වාර්තා දෙකෙන්ම අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.
COMMENTS
එහෙම ඇමැති කෙනෙක් ඉන්නවද? රට පුරා වනාන්තර සමතලා කරනවා. අලි ගම්වැදිලා මිනී මරනවා.
සිරගත වූවා නම් රටට බරක් නැති වෙනවා.
තාම පාර්ලිමේන්තුවෙන් සුබ නිවුස් එකක් ආවෙ නැහැ. බලමු කවුද කියලා..?
මේවත් ප්‍රවෘත්තිද?
ස්වයං වාරණය වෙනවා කියලා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගැනීම ඉන්නවද? නැද්ද? කියලාවත් දන්නේ නැති දේශපාලකයන්ගේ අලුත්ම උපාය වෙලා.