ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඇමරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් 83 500ක් තහවුරු වී ඇති අතර චීනය රෝගීන් 81 782ක් සහ ඉතාලිය රෝගීන් 80,589ක් වාර්තා කළේය.

ඒ අනුව ඇමරිකාව චීනය සහ ඉතාලිය ද අභිබවා ගොස් තිබේ.කෙසේ වුවද ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයට හා ඉතාලියට වඩා අඩු අගයක් ගන්නා අතර එය මරණ 1 200ක් ලෙස සඳහන් වෙයි.
ඉතාලිය මරණ 8 215ක් සහ චීනයෙන් මරණ 3 291ක් වාර්තා විය.
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම මේවනවිට කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පහසුකම් ලබාදී ඇති බවද, 552,000ක පමණ පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකර ඇති බවද ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා පැවසීය
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අද දෙවියන් අපගේ මූණ බැලුවා -කාලෙකට පස්සේ - ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකානුවන්.................
චීනය හැම වෙලාවේම ඇමරිකාව අභිභවා යන්න උත්සාහ කරනවනේ. ඒ උනාට මේ දිනුමත් ඇමරිකාවට!!
අනුන්ගේ විපතකදී සතුටුවීම නිග්‍රහයක් ලෙස සලකන්න ඕනේ. අපි තවම අපේ රටේ තිබෙන තත්වයේ දිග පළල දන්නේ නැහැ. කට පියාගන ඉම්මු. අපි මොන කයිය ගැහුවත් මේ ලෙඩට බෙහෙත් හොයන්නෙත් ඔය රටවල් තමා.
කලබල වෙන්න එපා ජයත්. තාම වසංගතේ ඉවර උනේ නැ. මුලින් 80 ගණනක් ඉන්නේ කිය කියා උඩ පැන්නට දැන් කීයද? අපේ රටේ පණ්ඩිතයෝ සහ මුහුණු පොතේ දොස්තරලා ඉක්මනටම ඕක වැඩි කරලා දේවි.