(තිළිණි ද සිල්වා)

ජූලි 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටී.

කෙසේවෙතත් අද (12) සහ හෙට (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සුපුරුදු පරිදි ගෙන්වා ගැනීම සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.