නීතිවිරෝධී ලෙස, ඉන්දියානු රුපියල් ලක්ෂ 37කට අධික වටිනාකමකින් යුතු රත්රන් තොගයක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික යුවළක් චෙන්නායි ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ඉන්දියා ටයිම්ස්’ වෙබ් අඩවිය අද(14) වාර්තා කළේය.
කොළඹ සිට චෙන්නායි බලා ගමන් කළ සිවකුමාර් පලනියන්ඩි සහ එස්ගමාරි නැමැති ලාංකික යුවළක් චෙන්නායි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවෝ 42 සහ 35 හැවිරිදි පුද්ගලයෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රත්රන් ග්‍රෑම් 973ක් සොයාගෙන ඇත.
මෙම යුවළ පසුගිය සිකුරාදා දිනයේ කොළඹ සිට චෙන්නායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ චේන් එකත් මීට වඩා වටිනවා. රෝලෙක්ස් ඔරලෝසුව මේ හා සමානව වටිනවා. මේවා පැළඳගෙන රටකට ඇතුළුවෙන්න බැරිද?
කොහොමද? මේ අය පරීක්ෂණයකට භාජනය නොවී ලංකාවෙන් පිට වන්නේ, කටුනායක ගුවන් තොටුපලෙත් මාර වැඩේ වෙනවා අප්පා...
දකුණු ආසියාවේ රේගුව ගැන කියල වැඩක් නැහැ