(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මත්ද්‍රව්‍ය, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීමේ නිරත පුද්ගලයෙක් බත්තරමුල්ල කපුවාදෙනිය ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 10 ක් වන වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් ,හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1800 ,ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් දෙලක්ෂයකට අධික මුදලක් ,විද්‍යුත් තරාදියක් ,අයිස් පානය සඳහා යොදා ගන්නා යොදා ගන්නා උපකරණයක් , ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත .
කපුවා දෙනිය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු හොරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වූ බවත් ඉන් අනතුරුව එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ඇඳ යට සඟවා තිබූ ජාවාරමෙන් උපයා ගත් මුදල් විද්‍යුත් තරාදිය සහ අනෙකුත් උපකරණ සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
දැනට ඩුබායි රටේ සහ ඉන්දියාවේ සැඟවී සිටින වැල්ලේ සුරංග සහ සංජු යන අයවලුන්ට මෙම මත්ද්‍රව්‍ය අයත් බවට සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් ම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේසුදා, මධූෂ්, අංගොඩ ලොක්කා, ලඩියා, තාරක, දැන් සීන් එකෙන් අවුට්... බන්ධනාගාරයේ සිට කරන ජාවාරමත් අවුට්... මොකද දැන් සේරටම නාකොටික් හවුල්.... දැන් විදේශගත අයගේ බඩු.... විදේශයේ සිට රෑට අහසින් වෙන්න ඇති ගෙනත් දාන්නේ...