පුෂ්පකුමාර මල්ලවාරච්චි
මේ වනවිට සමස්ත දිවයින පුරා ක්‍රියාත්මකව පවත්නා ඇදිරි නීතිය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට 30 සදුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර යළි එදින පස්වරු 2.00 සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව 30 සදුදා පස්වරු 2.00 සිට යළි සමස්ත දිවයින පුරා ඇදිරි නීතිය බලපැවැත්වීමට නියමිතය.
එසේ ක්‍රියාත්මක වීමට නියමිත ඇදිරි නීතිය යලි ඉවත් කෙරෙන දිනයක් හෝ වේලාවක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර පසුගිය 26 වැනිදා පස්වරු 2.25 ට නිකුත් කළ ප්‍රවෘත්ති නීවේදනය පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියලුම ෆාමසි වැහුවේ බෙහෙත් තුන්ඩු අරගෙන මිනිස්සු වෙනත් දේවල් වලට යන එක නවත්වන්න නේද? නමුත් දැන් ඔසුසල විතරක් ඇරලා තියන කොට ඔසුසලට මිනිස්සුන්ට යන්න වෙන්නෙත් බෙහෙත් තුණ්ඩුව පෙන්නලා නේද? ඉතින් එතකොටත් වෙන වෙන ගමන් යන්න පුළුවන් නේද?. අනෙක ෆාමසි ඇරලා තියනකොට නගරයේ ෆාමසි කිහිපයක්ම තියන නිසා මිනිස්සු ෆාමසි වලට බෙදෙනවා. නමුත් ඔසුසල විතරක් ඇරලා තියනකොට මිනිස්සු සේරම බෙහෙත් ගන්න එතනට එකතුවෙනවා. එවිට විශාල ජනතාවක් එක විටකදී එකතු වෙනවා. මේවා අපේ ලොක්කන්ට තේරෙන්නේ නැත්ද කියන එක තමයි පුදුමේ. මිනිස්සු නිකම් ඇවිදින්න යනවා නම් ඒ අයව අත්අඩංගුවට ගන්න. ඇත්තටම බෙහෙත් ගන්න ඕන කෙනාට ෆාමසිය ඇරලා තියන්න. මට නම් හිතෙන්නේ ෆාමසි වලට යන ආදායම රජයටම ගන්න කරපු වැඩක් කියලයි. අනෙක ඔසුසලේ සමහර බෙහෙත් නැහැ එතකොට මොකද කරන්නේ ෆාමසියක් කඩලා බෙහෙත් ගන්නද? අනෙක එක දිගට ඇදිරි නීතිය නිසා එදිනෙදා රැකියාව කරලා ජීවත්වෙන සේරම ගෙදර. බඩු මලු ආවාට දැන්නම් ගන්න සල්ලි නැහැ. මෙහෙම ගියොත් මුළු රටම අවුල්වෙලා කොරෝනා වලට වඩා වැඩි විනාසයක් සිද්ද වෙනවා. දේශපාලකයන් බඩු මලු අරගෙන යන්නෙත් තමන්ගේ පාක්ෂිකයෝ ඉන්න පැති වලට විතරයි.
ඇඳිරි නීතිය ගැන විස්තර දුන්නට ලංකාදීපට ගොඩක් ස්තුතියි.