IMG-LOGO

රෝහිත බෝගෝල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස්

(නිමන්ති රණසිංහ)
 
 
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(13) නියෝග කළාය.
 
 
කොළඹ මහාධිකරණයෙන් ලද නියෝග ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 78 -1 වගන්තිය යටතේ අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම නඩුව ගොනුකිරීම හේතුවෙන් මෙම චෝදනාවලින් චූදිතයා නිදහස් කරන ලෙසට  කොළඹ මහාධිකරණය නියෝග කර තිබිණි.
 
 
ඒ අනුව, අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව නැවත නඩු පැවරීමට හැකි බවද එම නියෝගයේ සඳහන් විය.
 
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම දූෂණය වගන්තිය යටතේ මෙම චෝදනාව ගොනු කර තිබිණි.



අදහස් (21)

රෝහිත බෝගෝල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස්

Perakum Friday, 13 December 2019 08:42 AM

මෙයා ගැන.. කුරුණෑගල මිනිස්සු හොඳට දන්නවා කව්ද කියලා..

:       0       187

sharm warn Friday, 13 December 2019 08:51 AM

ආහ්... තව නඩුවක් අහක...

:       0       189

Hafeel Friday, 13 December 2019 03:30 PM

Sharm, තවත් ඡන්ද ප්‍රතිඵලයක්... ඉදිරියේදී තවතවත් බලාපොරුත්තු වෙන්න පුළුවන්...

:       0       72

IndikaSaturday, 14 December 2019 07:09 AM

මෙයා එජාප... පොහොට්ටුවේ නෙවෙයි.

:       2       5

sam Friday, 13 December 2019 08:53 AM

මේ නඩුව "තාක්ෂණික දෝෂ" සහිතව ඉදිරිපත් කිරීම, අතපසුවීමක් හෝ අහඹු සිදුවීමක් නොව කාගේ හෝ වුවමනාවට හිතාමතා සිදුකළ දෙයක් බව මගේ හැඟීමයි.

:       2       108

Achini Friday, 13 December 2019 10:52 AM

ඒකත් ඉවරයි...

:       0       140

විජිත් Friday, 13 December 2019 10:55 AM

නඩු කාරයින්ගේ කොඳු කඩලා. එහෙම නැතිනම් මොල හෝදලා. එහෙමත් නැතිනම් නඩුකාරයන් අල්ලස් කාලා...!!! මට මතකයි නාගානන්ද මහත්මයා කීවා එතුමා ඡන්දයෙන් ජයග්‍රහණය කළා නම් මුලින්ම ලොකු නඩු කාරයෝ ටික ගෙදර යවනවා කියලා. මොනවා කරන්නද..? අවාසනාව ...

:       40       285

MaheeFriday, 13 December 2019 01:50 PM

ඔබ සමග 100% ක් එකඟයි. පොදුවේ එහෙම වුණත් මෙතන තවත් දෙයක් සිදුවී තිබෙනවා. නඩු පැවරීමට චෝදනා පත්‍රය අත්සන් කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්... මේ කියන හැටියට ඔහුට ඒ සඳහා කොමසාරිස්වරු තුන්දෙනා අනුමැතිය දියයුතුයි. ඒ අනුමැතිය නැතුව නඩුව පවරන කොටම එ්ක අහක යන බව අධ්‍යක්ෂ ජනරාල් දන්නවා. එහෙනම් ඇයි නඩුව පැවරුවේ? පැහැදිලිවම, නොදන්නාකම නම් නෙමෙයි නේද? එහෙනම්? අන්න මිලියන් ඩොලර් ප්‍රශ්නය...

:       0       161

විජිත් Friday, 13 December 2019 03:18 PM

ඔබගේ කතාව හරි..., අධ්‍යක්ෂක ජෙනරාලුත් ජරාව ඉස්මුරුත්තාවට එන්නම කාලා වගෙයි. කාලා ළඟඉන්න අයටත් බලෙන්ම කවනවනේ...

:       0       64

SamanSunday, 15 December 2019 01:00 AM

හොර වැඩ කරනවාට මමත් එකඟ නැහැ. නමුත් ඔබේ නාගානන්දත් අන්තිමට කරේ මොකක්ද. ඔහුව විශ්වාසකර මුදල් දුන් මිනිසුන්ගේ විශ්වාසය කඩකිරීම නේද කරේ. ඒනිසා තවදුරටත් නාගානන්ද සහ සමාගම අවංකකමත් සමග සම්බන්ධ කිරීම නවත්වමු.

:       0       0

රවින් Friday, 13 December 2019 11:18 AM

කාගේ වුවමනාවටද? හරියට නඩුවක් ගොනු කරගන්න බැරි නම් ඇයි එම ආයතනවලට අනුයුක්තව නීති නිලධාරීන් ඉන්නේ? බොරු පම්පෝරි ගහන්නේ නැතිව සුදුසු අයව තනතුරු තානාන්තරවලට පත් නොකිරීමේ වරද නේද? හොරු ටික විහින්ම නුසුදුසු අයව පත්වීම්වලට ඇතුළත් කරාම වෙනදේ. මේ රට හැදෙයිද? නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉන්නෙත් හරියට නීති අර්ථකථනය නොදත් අයද? වරදක් වී ඇතිබව මුලදී නොදැක්කේ ඇයි? මේ විදියේ වැඩකට නොමැති නිලධාරින් නඩත්තු කිරීමට වැයවන්නේ මෙරට අහිංසක මිනිසුන්ගේ බඩගින්න, දහදිය, දුක්කඳුලු නේද?

:       0       87

සත්‍යපාල Friday, 13 December 2019 03:50 PM

මෙයා විදේශ ඇමති වෙලා හිටපු කාලේ කරපු හරිය කවුරුත් දන්නවා. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රට සවාරි ගහපු එක මිසක් වෙන මොනවද කෙරුවේ...?

:       0       84

maheshika Friday, 13 December 2019 07:58 PM

මේ වගේ අය මොන උප්පරවැට්ටි දාලා බේරුණත්, අපේ ඡන්දෙන් ගෙදර යවමු.

:       0       0

nalin Saturday, 14 December 2019 01:35 AM

වෙනස සැපද ආ.......

:       32       46

සිරිමා හෙන්ද Saturday, 14 December 2019 02:48 AM

කෝට්ටේ ඉඩම් ගොඩ කර කර අල්ලා ගත්තා, අද බිලියන පතියෙක්

:       6       1

විසුධි ජයතිලක Saturday, 14 December 2019 03:27 AM

වහාම නැවත නඩුව ගොනු කරන්න.

:       18       26

isurandi Saturday, 14 December 2019 07:05 AM

මම නම් කියන්නේ මේ වගේ කැකිල්ලේ තීන්දු දෙන අයට විරුද්ධව ජනතා හඬක් ගොඩනැගිය යුතුයි. නැතිනම් වෙන්නේ හොරුන්, දූෂිතයන් එන්න එන්න රටේ බිහිවෙන එකයි.

:       0       28

ධම්ම Saturday, 14 December 2019 02:12 PM

අවුරුදු හතර හමාරක් මේවගේ නඩු දාලා හිටි අයට දැන් පුළුවන් උද්ඝෝෂණය කරන්න.

:       0       2

Meeharaka Saturday, 14 December 2019 05:00 PM

ඔහොම යං ඔහොම යං .. තව නඩු දුසිම් පහයි තියෙන්නේ.

:       0       0

රාජුන් Saturday, 14 December 2019 10:32 PM

අපේ නීති පොතේම තියෙනවා තාක්ෂණික දෝශ සහිත නඩු තීන්දුව දීමෙන් පසුව පවා නීතිපතිගේ උපදෙස් පරිදි අවශ්‍ය නම් නැවත ගොනු කළ හැකි කියා.

:       0       0

MaheeSunday, 15 December 2019 01:57 PM

ඔව්, ඔව්.. එහෙම තියෙනවා තමයි. නමුත් අල්ලා විසිකරන බව දැනදැනම නඩුව පවරන්නේ ඇයි? නීතිය ගැන හොඳට දන්නා අයනේ ඔය කොමිසමේ ඉන්නේ... ඒවා මහජන මුදල්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 771 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1192 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site