(හිරාන් ප්‍රියංකර ජයසිංහ, ඔගස්ටින් ප්‍රනාන්දු, රෝවන් පෙරේරා සහ එච්. චන්දන)
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද (18) අලුයම වූ රිය අනතුරකින් සිව් දෙනෙකු මරණයට පත්ව 07 දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
යාපනය සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක පුත්තලම සිමෙන්ති සමාගමක ටිපර් රථයක් ගැටී එය බඩු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයකද ගැටී අනතුර සිදුව තිබේ.
ලොරි රථයේ රියදුරු, වවුනියාව තේක්ක වත්තේ විසු මොහාන් රාජ් පක්ෂාන් (30) අනතුරින් මිය ගොස් ඇත.
අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ද මියගොස් ඇති අතර එයින් එක් කාන්තාවක් ගැබිනියක් බවද පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවෙක්ද සිටී.
පුත්තලම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු දෙදෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසය කියයි.


(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)


(ඡායාරූප - රෝවන් පෙරේරා)


(ඡායාරූප - එච්. චන්දන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග නීති කඩ කරන රියැදුරන් හට පොලිසිය විසින් දඩ නියම කලාම අපි කරන්නේ පොලිසියට විරුද්ධව වැඩ කරන එකයි. ඒත් මාරක අනතුරක් සිද්ධ උනාම තමයි තේරෙන්නේ නීති රීති හරියාකාරව පිළිපැද්දානම් කොපමණ අනතුරු ප්‍රමාණයක් වලක්වාගන්නට තිබුනාද කියා..
මාර්ග නීති පිළිපදින්න කියල රිදුරන්ට කොපමණ කිව්වත් අහන්නේ නැහැ. අනවශ්‍ය කලබලයයි ලොකුකමයි ඔලුවට අරගෙන වාහන එලවනවා. ප්‍රතිඵලය වන්නේ කීපදෙනෙකුගේ ජීවිත අහිමිවීමයි. හරියට එලවන අයටත් එම වාහනවල යන අයටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීම කණගාටුවට කරුණක්.
මාර්ග අනතුරු අවම කිරීමටනම් මාර්ග නීති උපරිමයෙන් පැනවිය යුතුයි දඩය වැඩිකර යුතුයි...... ඒ වගේම පොලිසිය දිවා රාත්‍රී අඛණ්ඩ සේවයේ යොදවා මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගත යුතුයි. ලංකාවේ සියලුම රියදුරන්ට හොද විනයක් ඉගැන්විය යුතුයි.
මට තේරෙන්නේ නැහැ රටක රජයක් මෙහෙම රිය අනතුරු වෙලා මිනිස්සු 10ක් 12ක් දවසකට මැරෙන කොට ඊට විධිමත් ක්‍රමයක් අනුගමනය කරලා රිය අනතුරු අඩු කරන්න උත්සහයක් ගන්නේ නැති හේතුව. හැම ආණ්ඩුවක් ම කරේ ඒ දෙයයි? වෙන රටවල් වල කරන්නේ එට හේතුව සොයා අනතුරු අවම කීරීමයි. ලංකාවේ දේශපාලනයෙන් උන්ට ඕන විදියට මාර්ග නීති සාදාගෙන රට කනවා. මන් හිතුවා රනිල් මෙයට විසදුමක් ගෙනෙයි කියලා. නමුත් එය වෙන පාටක් නැත.
ඔබ සියලු දෙනාගේම අදහස් ඉතාමත්ම නිවැරදිය. අප ඒවා අගය කරන්නෙමු.
මහින්ද මහත්මයා බැසිල්ට හොරා කන්න මාර්ග සංවර්ධනය කළ එක තමයි වරද... මෙහි වගකීම මහින්ද බාරගත යුතුයි. ජේපී නියාය. දිවි අහිමිවූ අයට නිවන්සුව හා අන්අයට ඉක්මන්සුවය....
කිසිම වගකීමක් රියදුරාට නොමැත. අධිකරණය මගින් දඬුවම් පමණි. ජීවිත හානි වූ අයට වෙන නඩු දමා අධිකරණ මගින් යමක් ගත යුතුව ඇත. රක්ෂණ නීති වෙනස්විය යුතුව ඇත.
ටිපර් රථ ඇතුළු බරවාහන රියදුරන් අනෙකුත් වාහන පිළිබඳ තැකීමක් නොමැතිව ධාවනය කරන බැව් නිරන්තරයෙන් දැකිය හැක. එයට හේතුව ලෙස මා දකින්නේ එවැනි රළු රැකියාවන්හි අඛණ්ඩව යෙදීම නිසා ඔවුන්ගේ සිත් සංවේදී බවින් ඈත්වීම නිසා හා ඔවුන් පදවන්නේ විශාල වාහන බැවින් ඒවා අනතුරකට ලක්වුවහොත් එහි ගමන් කරන්නන් හට හානි සිදුවීම අවම නිසා බවයි.
වේග සීමාව 30 සහ 50 අතර කළ යුතුයි. සෑමපාරක්ම 2 කින් සමන්විත විය යුතුයි. අපේ මිනිස්සුන්ගේ ප්‍රමිතිය බලවෙලා ඉවරයි. එ්ක හදන්න බැහැ. එකම විසඳුම භෞතික ක්‍රම පමණි... නැත්නම් වසරකට, 3000ක් මැරෙනවා. 6000ක් අබ්බගාතයෝ වෙනවා. ලක්ෂයක් වත් අනාථ වෙනවා. අපි කතාකරනවා.
මතකද රිය අනතුරකට මුහුණ දුන්නා කන්ටේනර් රථ රියදුරෙක්ට... නින්ද යාම නිසා? ඔහුට සහයකයෙක් වත් හිටියේ නැහැ. එකදිගට පැය ගණනක් එළවලා.. අනතුරක් වූ විට වාහනයේ හිමිකරු වගකීම් පැහැර හැරීම ගැනත් සොයාබැලිය යුතුයි. බල්ලෝ මරලා හරි සල්ලි අරන් ආ යුතුයි කියන එකයි, බස් රථ ලොරි රථ හිමිකරුවන්ගේ නීතිය..
මගේ පවුලේ සාමාජිකයන් 5 දෙනෙක් දැනට වසර 14කට පෙර ලංගම රියදුරුගේ වරදින් වරකාපොළදී ජීවිතක්ෂයට පත්ව තවමත් නඩු විභාගය අවසන් නොවී වරදකරු තවමත් නිදැල්ලේ ඉන්නවා. මේකයි ලංකාවේ අවාසනාවන්ත තත්ත්වය...
විනිසුරු කාමරයේ දොරවල් වහලා නඩු අහලා අැප දෙනකොට මිණීමරන්න කවුද බය?