IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රාහුල් - ප්‍රියංකා පොලිසියෙන් රඳවා ගනී

රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දෙදෙනා හත්‍රාස් බලා යමින් සිටියදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් රඳවා ගනු ලැබූ සිටිති. ඔවුන් දෙදෙනා පසුගියදා සමූහ දූෂණයට ලක්ව මියගිය උත්තර් ප්‍රදේශ් කාන්තාවගේ පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා හත්‍රාස් බලා යමින් සිටියහ.

රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකාගේ ගමන යමුණා අධිවේගී මාර්ගය අසළදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් නතර කරන ලදි. පසුව වාහනයෙන් බට දෙදෙනා පා ගමනින් හත්‍රාස් බලා යාමට ගත් උත්සාහයේදී ඔවුන් දෙදෙනා උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් රඳවාගන්නා ලදි. 

සමූහ අපයෝජනයකට ලක්වූ කාන්තාවක ඉකුත් දා මරණයට පත්වූවාය. දිල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය එලෙස මරණයට පත්වූවාය. එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් හමු වීම සඳහා කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සහ ප්‍රියංකා ගාන්ධි මහත්මිය වද්‍රා දිල්ලියේ සහ උත්තර ප්‍රදේශ් හරහා හත්‍රාස් වෙත පාගමනින් ගමන් කරමින් සිටියහ. ඔවුන් සමඟ ඔවුන්ගේ ආධාරකරුවෝ ද මෙම පාගමනට එක්ව සිටියහ. පොලිස් නිලධාරීන් පැමිණ රාහුල් ගාන්ධි මහතා තල්ලු කළ බව ද බැටන් පොලුවලින් පහර දුන් බව ද ඔවුන් ආධාරකරුවන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

කොරෝනා වයිරසය හේතුවෙන් විශාල පිරිසකට රැස්වීම තහනම් යැයි පවසමින් පොලීසිය පාගමෙන් යෙදුණු කොංග්‍රස් පක්ෂ ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්විණි.

පාගමනේ යෙදුණු පිරිසට ඉදිරියට යෑමට නොදීම නිසා රාහුල් ගාන්ධි සිය ආධාරකරුවන් සමඟ මාර්ගයේ වාඩි වී ඇත.

‘‘මේ දැන් පොලිසියට මට බැටන් පොලුවලින් පහර දුන්නා. ඔවුන් මා බිමට තල්ලු කළා. මං අහන්න ඕනෑ. මෝදි ට විතරද මේ රටේ ඇවිදින්න පුළුවන් ? සාමාන්‍ය මනුස්සයෙක්ට ඇවිදින්න බැරිද ? අපේ වාහන නැවැත්තුවා. ඒ නිසා ඇපි ඇවදගෙන යන්න පටන් ගත්තා’’ අත්අඩංගුවට පත්වීමට පෙර රාහුල් ගාන්ධි මහතා පැවැසීය.

(එන්.ඩී.ටීවී.)
055



අදහස් (1)

රාහුල් - ප්‍රියංකා පොලිසියෙන් රඳවා ගනී

ලුම්බිණි Thursday, 01 October 2020 11:39 PM

ඉන්දියාවත් ටික ටික වැරදි පැත්තට යමින් ඉන්නවා.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site