සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන විශ්වාසභංග යෝජනාවකට බව කියමින් ලියවිල්ලකට අත්සන් ගැනීමට ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් හා ඊට විරෝධය පළ කළ කණ්ඩායමක් අතර ඊයේ (24) පෙරවරුවේ නාගොඩ මහ රෝහලේදී උණුසුම් තත්ත්වයක් හට ගැනිණ.
රාජිත සේනාරත්න මහතාට විරෝධය දැක්වීමක් ලෙස නාගොඩ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් හා රෝහලට පැමිණ සිටි රෝගීන් ඇතුළු පිරිසකගෙන් ලියැවිල්ලකට අත්සන් ගැනීමේ වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, වෛද්‍ය නවින් සොයිසා ඇතුළු නිලධාරීන් පිරිසක් ජනතාව දැනුවත් කරමින් එම පත්‍රිකාවට අත්සන් ලබා ගනිමින් සිටියදී ඊට විරෝධය දක්වමින් රෝහල ඉදිරිපිට විරෝධතාවක යෙදුණු පිරිසක් එක්වරම රෝහලට කඩා පැන රෝහල තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළ නොහැකි බවත්, වෛද්‍ය සංගමයේ වැඩපිළිවෙළ නිසා රෝගීන්ට බාධා පැමිණෙන බවටත් චෝදනා කිරීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
වෛද්‍ය සංගමය හා ඒ පිරිස අතර එම උණුසුම් තත්ත්වය පවතින අවස්ථාවේදී ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි විශාල පිරිසක් ද රෝහල් පරිශ්‍රයේ සිටියහ.
දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වය දැඩි වූ අතර රෝහලට කඩා වැදුණු පිරිස වෛද්‍යවරුන් අත තිබූ අත්සන් ලේඛන උදුරා ඉරා දැමූ අතර පසුව රෝහල පරිශ්‍රයේම ඒවා ගිනි තබා විනාශ කරනු දක්නට ලැබිණ.
විරෝධතාව උත්සන්න වෙද්දී පොලිසිය ද පැමිණි අතර දෙපාර්ශ්වය සන්සුන් කරවීමට පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණි.
ඒ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරෝධය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ද රෝහල් පරිශ්‍රයට පැමිණියහ.
ඒ අනුව පාර්ශ්ව තුනක් ගැටුමට මැදි වූ අතර ඒ හේතුවෙන් ඊයේ පෙරවරුවේ පැය කිහිපයක්ම නාගොඩ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳවැටිණ.
පසුව පොලිසියේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිස රෝහලේ පිටුපස ගේට්ටුවකින් පිටත් කරවනු දක්නට ලැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය විසින් අතීතය පිළිබඳව තීරණ ගන්නවා ඇත.
තමන්ට අයිතියක් දිනාගැනීම සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීම මානව අයිතියක් කියලා නොතේරීම අවාසනාවක් .
ඉතා හොඳ ක්‍රියාවක්. GMOA ත්‍රස්තවාදී සංවිධානය වහාම තහනම් කල යුතුයි.
මෙහෙම තමා වෙන්න ඕන.
වෛද්‍යවරු වූ පමණින් රෝහල් භූමියකට පැමිණ, රෝහල් කටයුතු අඩාල කරමින් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමින් බලෙන් අත්සන් ලබා ගැනීම කල හැකිද? රෝගීන්ගේ මුලික අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දොස්තර මාෆියා නඩය අත් අඩංගුවට ගත යුතුයි. මෙය ශිෂ්ඨ සම්පන්න වෛද්‍යවරු සිටින රටක සිදු නොවිය යුත්තක්. සියල්ලටම ප්‍රථමයෙන් මහජන මුදලින් වැටුප් ලබන මේ දොස්තරලා ඔවුන්ගේ රාජකාරිය නිසි වෙලාවට සිදුකරනවාද යන්න සොයා බැලිය යුතුයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තියෙන්නේ හැමදාම ගහ මරා ගැනිලි දුක් අදෝනා.මිනිස්සු රෝහලට එන්නේ ඔය නාඩගම් බලන්න නෙවි බෙහෙත් ටිකක අරන් යන්න.
හරියට හිටියනම් මිනිස්සු මේකට අත්සන් කරන එකක් නැනේ.. ඉතින් මෙයා මොකද එච්චර බිය.
හොඳ වැඩේ.
නියමයි නියමයි. ඉතිහාසගත වන වැඩක්.
තම තමන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග වලට අහිංසක ජනතාවගෙන් පලිගැනීම සහගහන අපරාදයකි. සියලුම වෘත්තික සංගම්වල නිලධාරින්ව ජපානයට යවා එහි වෘත්තිය ක්‍රියාමාර්ග වැඩ පිළිවෙල දැනුවත් කලොත් රටටත් වෘත්තියේ ගෞරවයත් රැක ගැනීමට හැකිවේ. ජපානයේ වෘත්තිය ක්‍රියා පටිපාටියේ මුලික පියවරක් නම් තම තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම.
ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය.. කහ බළල්ලු, ප්‍රා එකේ කට්ටිය එහෙමත් එව්වද දන්නේ නැහැ. ජවිපෙට පුලුවන්ද මේවගේ පුද්ගලයන්ට සහය දෙන්න. රාජිතගේ අතීතය හොදින්ම දන්නේ කළුතර ජවිපෙ සාමාජිකයන්..
ඔය කට්ටියක්රුපියල් 2000 ගානේ දීලා අරක්කු පොවලා එවලා තියෙන්නේ. උන්ව ගෙනාවේ අර වීමෝල් කාරයාගේ ලොරියකින්.
රජයේ වෛද්‍යවරු කියන්නේ රජයේ සේවකයෝ. ඒ අය කොහොමද රජයේ ආයතනයක් ඇතුලේ තමන්ගේ පුද්ගලික කුහකකම් පිරිමහගන්න පාවිච්චි කරන්නේ? ඒක ඒ අයගේ පුද්ගලික බූදලයක්ද?
කලක පටන් අමාත්‍යවරයා සහ වෛද්‍ය නිළධාරීන්ගෙ සංගමය අතර ඇති දේශපාලනික හා පුද්ගලික අර්බුදය නිසා හැමදාම බැටකන්නේ මහජනතාව. දෙපාර්ශවයම මහජන මුදලින් නඩත්තු වෙමින් ජනතාවට හිරිහැර වන ලෙස සිදුකරන වෘත්තිය නාමයෙන් වන මෙවැනි කටයුතු නැවතීම සාමාන්‍ය ජනතාවට යහපතක්වේ .
GMOA කරන්නේ වෘත්තීය සමිතියක වැඩවලට වඩා දේශපාලන වැඩ...
කළු තර උද්ගොෂකයින්ට ජයවේවා උගත් දොස්තරවරුන් මහතුන්ගේ සටන බංගවේවා!
ජනතාව සහයෝගයෙන් වැඩවර්ජන වගේ දේවල් කරන සියලුම දොස්තරවරුන්ට ගල්මුල් වලින් පහර දෙන්නට පටන්ගන්න කාලය දැන් හරි. මෙම කාලකන්නින් අඩුම තරමේ පැය අටවත් වැඩකරන්නේ නැතුව ඔවුන්ගේ පුද්ගලික ඩිස්පෙන්සරියට යන කාලකන්නි කොටසක්... මොවුන්ට ගහන්නම ඕනෑ.
කවුරු කවුරුත් වර්ජන කරන්නේ දැනෙන්නනේ? හුරතලේට කරන වර්ජන වලින් ඉල්ලීම් දිනපු අය ගැන දන්නා කවුරුවත් ඉන්නවා නම් කියමුකෝ බලන්න දැනගන්නත් එක්ක.. මේ රටේ ඉන්න හොර දේශපාලකයන්ට කඩේයන පගා මරුවන්ටයි ඔවුන්ගේ රෙදි අපුල්ලන අයටයි. මේ ලෙඩ්ඩු ගැන රුදාවක් නැහැ. මේක මේ ලෙඩාගේ පිටින් යවන්නේ රාජිතයට කඩේ යන අය. තමන්ගේ එදාවේල රැකගන්න විතරයි. අත්සනක් ගත්තේ මිනිස්සුන්ව බය කරලා බලෙන් එහෙම නෙවෙයි නේ? මොකද ඉතින් මෙච්චර කලබලයක් ඕක දුන්නට උන්දෑ පිරිසිදු නම් හානියක් කොරන්ඩ බෑ නොවැ..?