IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


රාජිතට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්

(දසුන් රාජපක්ෂ)

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම අමාත්‍යංශයට අයත් රුපියල් ලක්ෂ තිස්දහසක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත මුලින්ම මෙම පැමිණිල්ල ගොනු කිරීමට ගියද මේ වන විට පැමිණිලි භාර ගැනීම නතර කර ඇති බව එහි නිලධාරීන් සඳහන් කළ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉන් අනතුරුව ගොස් පැමිණිලි කළ බව මුසම්මිල් මහතා පැවසීය.

මෙම චෝදනාවලට අදාළ නිවැරදි සාක්ෂි තමන් සතුව පවතින බව පැවසූ මුසම්මිල් මහතා ඉදිරියේදී ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව වැඩිදුරටත් කීය.



අදහස් (11)

රාජිතට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්

Cisco Friday, 13 December 2019 11:57 PM

බොරු කියනවාට විරුද්ධව කාටද පැමිණිල කරන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා නම් කිඹුලට සහ සුදුවෑන් රියදුරු ගැන පැමිණිල්ලක් කරන්නත් පුළුවන්

:       1       55

samSaturday, 14 December 2019 05:01 AM

අන්න ඒ ගැන පුවතක් තිබෙනවා... එහෙම පැමිණිල්ලක් දාලා ඒ සම්බන්ධව රාජිත සමග ඒ කතා කියපු දෙන්නව අත්අඩංගුවට අරගෙන කියලා. රාජිත යහපාලනේ ඉන්නකම් එෆ්සීඅයිඩී නොයා මගහැරියා. දැන් ගෙන්නුවම හරි... අර ඒ කාලේ එකට කාපු බීපු අජිත් පෙරේරා දැන් කියනවනේ රාජිත එයාලගේ කෙනෙක් නෙවෙයි රාජිතට බොරු කියන්න පුළුවන් කියලා. දැන් එයාව රකින්න එවුන් නැති නිසා නැව්‍ ගිල්ල හැටි ඉඳලම දැනගන්න පුළුවන් වෙන්න ඕනෑ...

:       0       31

Pappa Saturday, 14 December 2019 12:49 AM

පැමිණිල්ල දාපු මිනිහ දැක්කම හිනා යනවා .නඩු කන්ද්දක් තියෙනවා

:       135       141

Hafeel Saturday, 14 December 2019 12:57 AM

දැන් පැමිණිල්ල ඉදිරිපත් කළා. ඊට පස්සේ සීතල කාමරයතුල කටඋත්තර ගන්නවා. පසුව නඩු පවරනවා. අවසානයේ නිදොස්කොට නිදහස්.

:       1       57

gunda Saturday, 14 December 2019 02:05 AM

වැඩක් නැහැ මුසම්මිල් මහත්තයෝ, රාජිතට විරුද්දව මේ වන විට පැමිණිලි නම් කොපමණ කරලා තිබෙනවද ? රජිතගෙන් එක කට උත්තරයක් ගත්තද? ඔක්කොම පැත්තක තියල බලන්න , රජය ලෝකය තුළ අපහසුතාවයට පත් කරන්න ස්විස්ස් කාන්තාව ගැන කියූ බොරුව. මොවුන් මන්ත්‍රීවරු වන විට රටට හානියක් නොකරන බවට ප්‍රතිඥා දෙනවා. එය උල්ලංගනය කිරීම යටතේ වහාම අත් අඩංගුවට ගත හැකියි . නමුත් කෝ? අප අසරණ වෙලා වගේ දැනෙනවා .

:       164       258

wipulaSaturday, 14 December 2019 07:47 AM

බොරුව කවදාවත් ජය ගන්නේ නැහැ. එ්ක ලෝක සත්‍යයක්. සාර්ථක වෙන්න සත්‍ය පැමිණිල්ලක් කරන්න.

:       0       19

king Saturday, 14 December 2019 02:35 AM

අනේ යකෝ නෙවිල් එකේ වීරවංශ ගේ බිරිද නැවතිලා ඉන්නකොට රාජිතගේ බිරිද තමා බේරාගත්තේ සුජාත අක්ක මතකද

:       252       91

Mahesh Saturday, 14 December 2019 03:07 AM

ආණ්ඩුව කන්නේ ඡන්ද පදනමක් නැති මේ වගේ දෙකයි පනහේ චරිත තමයි. මිනිස්සු ඡන්දේ දුන්නේ වැඩ කරන්න. මොකද මිනිස්සු දන්නවා හොරු අල්ලන කතා මිනීමරුවන් අල්ලන කතා බොරු කියලා. ඔක්කොම හොඳයාලුවෝ. 2010 ආපු ආණ්ඩුව, 2015 ආපු ආණ්ඩුව ගෙදර ගියෙත් මෙවැනි විකාර කරලා. ජනාධිපතිතුමා ජනතාවගේ හිත දිනාගෙන අලුත් ගමනක් යමින් තියෙනවා. හොඳම දේ ජනාධිපතිතුමනි මෙවැනි විහිලුකාරයින් අතේ දුරින් තියාගැනීම තමයි.

:       15       2

sirisena Saturday, 14 December 2019 04:19 AM

මේ මිනිස්සුන්ට වැඩක් නැහැ. රාජිතට පරීක්ෂණ කීයක්ද? (ජනාධිපති කොමිසම, අල්ලස් දූෂණ කොමිසම FCID තියෙනවද? තවත් පරීක්ෂණ කුමකටද? වරදක් කර තිබේ නම් දඬුවම් දෙන්න ඒ පරීක්ෂණ හොඳටම ඇති. මේ වගේ අය තමයි ඕනෑම ආණ්ඩුවක් විනාශ කරන්නේ...

:       1       11

waruni Saturday, 14 December 2019 04:24 AM

මෙයා කියලා තිබෙනවා කැබිනට් මණ්ඩලේ නොමග ඇරලා කියලා... කැබිනට් මණ්ඩලයේ ඉන්නේ බබ්බුද?

:       2       3

කපුරුහාමි Saturday, 14 December 2019 11:30 AM

ඔය කියන පෙරමුණේ නායකයා කියන කෙනා කරපු හරියත් රටම දන්නවා. ඔක්කොම සුද්දවන්තයින් කියලා හිතාගෙන ඉන්නේ.. එකාට එකා හොරුනේ...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site