IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය බාගෙට වැඩ

(බිඟුන් මේනක ගමගේ)
 
 රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මාස දෙකක් තිස්සේ සවස 4.00න් පසුව වසා දමා ඇතැයි ද මේ නිසා රෝගී ජීවිත රැසක් අවදානමට ලක්ව ඇතැයි ද නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’යට පැවසීය.
 
 හදිසි ප්‍රතිකාර ඒකකය නව ගොඩනැගිල්ලකට ගෙනයාමෙන් පසුව ඊට අවශ්‍ය ඉඩකඩ හා කාර්ය මණ්ඩලයක් නොමැතිවීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද වෛද්‍ය ප්‍රනාන්දු මහතා කීය.
 
 හදිසි ප්‍රතිකාර ඒකකයක් යනු 24පැයේම සේවාව ලබා දිය යුතු ප්‍රතිකාර ඒකකයක් වුවද සවස 4.00න් පසුව වසා දැමීම නිසා හදිසි ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ට  මූලික වෛද්‍ය පරීක්ෂණ නොකරම වාට්ටුවලට යොමුකිරීමට සිදුව ඇතැයි ද ඒ මහතා කීය. 
 
 මේ තත්ත්වය නිසා හදවත් රෝගීන් වැනි පිරිස්වල ජීවිත දැඩි අවදානමකට හෙළා ඇතැයි ද වෛද්‍ය ප්‍රනාන්දු මහතා චෝදනා කළේය.
 
 වෛද්‍යවරුන් දොළොස් දෙනෙකුගේ පමණ සේවය අවශ්‍ය වුවත් රාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට සේවය කරන්නේ වෛද්‍යවරුන් තිදෙනකු යැයි ද ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
 
 හදිසි ප්‍රතිකාර ඒකකයේ කාර්ය මණ්ඩලයේ සේවය කළ බොහෝ වෛද්‍යවරුන් සේවා මාරු ලබා වෙනත් රෝහල්වල රාජකාරිවලට වාර්තා කළේ යැයි ද ඉන්පසුව හදිසි ප්‍රතිකාර ඒකකයේ වැඩි කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ සීමාවාසික වෛද්‍යවරුන් විසින් යැයි ද වෛද්‍ය ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට නම් රෝහල් පරිපාලනය බිඳවැට්ටිය යුතු යැයි ද එනිසා මෙය නිදහස් සෞඛ්‍ය සේවය කෙරෙහි පොදු ජනතාව කලකිරවීමට කරන වැඩක්දැයි සැකයක් උපදින්නේ යැයි ද වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
 
 මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටර් පෙරේරා මහතා සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සේවා ස්ථාන මාරුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවය.
 
 රාගම ශික්ෂණ රෝහලේ සේවය කළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 42 දෙනෙකු එකවර වෙනත් රෝහල්වලට සේවා මාරු ලබා ගිය නමුත් පුරප්පාඩු සඳහා සේවයට වාර්තා කළ යුතු වෛද්‍යවරුන්ගේ පැමිණීමේ ප්‍රමාදය ඊට ප්‍රධාන හේතුව වී යැයි ද පෙරේරා මහතා කීය. 
 
හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට වෛද්‍යවරුන් තිදෙනෙකු සේවය කරන්නේ යැයි ද මෙම සතිය අවසන් වනවිට පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි ද අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  



අදහස් (2)

රාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය බාගෙට වැඩ

Don Monday, 18 March 2019 03:31 PM

හදිසි ප්‍රතිකාරවලට රාගම පුද්ගලික රෝහල් වැහි වැහැලා, එයාලගේ කල්ල-මරේ.

:       0       5

ප්‍රීති Monday, 18 March 2019 07:25 PM

මේ දවස් වල අපේ දොස්තර මහතුන්ලා දේශීය එළකිරි කර්මාන්තය වෙනුවෙන් දිවි හිමියෙන් දිවා රාත්‍රී නොබලා සටන් කරනවා. ඔච්චරටම හදිස්සි නම්, පෞද්ගලික රෝහල් වල ඉතාම සාධාරණ මිලකට පැය විසි හතරම බෙහෙත් දෙන්න

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 34 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site