(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට අමුත්තන් කිසිවෙකුත් නොපැමිණෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඊයේ (23) සැකකාර මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇත්තේ නීතිඥවරයෙකු පමණක් බවද පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිසිවෙකුත් පැමිණ නැතැයිද දැනගන්නට තිබේ.
අමුත්තන් ලෙස සාමාන්‍ය ජනතාව කිසිවෙකුත් ගතවූ කාලය තුළ බන්ධනාගාරයට පැමිණි බවත් වාර්තා වී නැතැයි ද ඒ හේතුවෙන් අමුත්තන් හමුවීමේ ස්ථානයට සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සිදුවී නැති බවත් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ධර්මතාවය කාටත් පොදුයි.
වෙන කවුරුත් නාවට කමක් නෑ. මොකද අපේ මාධ්‍යවේදී මිතුරන් යනවනේ... හැමදාම විස්තර සොයන්න.
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී සිටින්නේ.
කවුරුවත් බලන්න නාවට ඔබ කම්පා වෙයි කියා මම නම් හිතන්නේ නැහැ. මට ඉහළින් කාක්කෙක්වත් පියාඹන්නේ නෑ වගේ ආකල්පයකින් විනිසුරන්ටත් මඩ ගසමින් ලකුණු දාගන්න දඟලන අය ඔබව වනසන්නට ආවත් ඔබ සැලෙන්නේ නැති බව ඔප්පු කළ කෙනෙක්... රන්ජා මම ඔබ සමගයි. ඔබ දිවුලපිටියෙන් තරඟ කරනවා නම් මගේ ඡන්දයත් ඔබටයි.
චුයිංගම් එකක් හපන්නේ රස දැනෙනතුරු පමණයි. ඊට පස්සේ එක තුක් ගාලා කටින් විසිකරනවා. රන්ජනුත් ඒ වගේ හපලා ඉවතලූ චුවින්ගම් එකක්. තමුන් වටා සිටිය අය කවුරුන්ද කියා දැනගෙන කටයුතු කළා නම් රන්ජන් අද ගොඩ...
කවදා හරි දවසක සත්‍යය ජයගනී. හොර, බොරු, වංචා නැති මන්ත්‍රීවරයෙක්. මගේ හැඟීම නම් මහජනතාව ඔබ පිළිගනියි කියලා..
මිනිස්සු යන්න බය ඇති...
ඔබේ හෘද සාක්ෂිය ඔබළඟ ඉන්නවනේ...
දැන් එජාපය එකේ කවුරුවත් යාවි කියලා හිතන්න බැහැ. එතුමා හෙළිකලේ ජඩකම්.... ඒක අපි අගය කරමු.
ඔබතුමා මහමැතිවරණයට තරග කරන්න. ජනතාව ඔබ සමගයි.
අමුත්තෝ කවුරුත් යන්නේ නැහැ. මෙයා කළ කතාවලට. ජේලර්ලත් බයේ ඇති වැරදිමකින්වත් කූඩුව ලඟට යන්න.
කරදරේක වැටුණාම තමයි සැබෑමිතුරන් අඳුරගන්න පුළුවන් වෙන්නේ...
ඕනෑම කෙනෙකුට මවක්, පියෙක් ඉන්නවා නේද? ඒ මිනිස්සුන්ටත් කුණුහරප කියන පුතා නිසා එළියට බහින්න බැරුවද එන්නේ නැත්තේ?
දන්නේ නැති නිසා අහන්නේ, ඕනෑම කෙනෙක්ට රන්ජන්ව බලන්න යන්න පුලුවන්ද?
ඔය දේ බලාපොරොත්තු වෙන්න ඕනෑ. කව්ද කැමැති විහින් නාගන්න.
මේ දවස්වල පාර්ලිමේන්තුව පැවැත්වෙන නිසා රන්ජන්ව පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනවා. එ්නිසා රන්ජන්ව මුණගැසෙන්න මේ දවස්වල බැහැ සිරගෙදරට ගිහිල්ලා.
ඇතිදා ළඟ උන්, නැතිදා යන උන් කුමකටද?
අනුවණ පුද්ගලයින් පාර්ලිමේන්තු යවන්නේ මොකටද?
මහත්තයෝ, මට එන්න පුළුවන්කමක් තියනවා නම් මම ඔබව බලන්න එනවා. එ්ත් ඉතින් ඔබ මාව නොදන්නා නිසා මම ආවාය කියලා ඇති වැඩකුත් නැහැනේ. කොහොම වුණත් මම ඔබ සමගයි. ඔබේ හඬපටි ඔබ කීවා වගේ තවම පාර්ලිමේන්තුවට බාරදුන්නේ නැහැ කියලා ඒකෙ ඉන්න සුද්ධවන්තයින් දැන් ජල්බරි දානවා.. තදියම් වෙලා. ඡන්දෙට ඉස්සෙල්ලා ඔය මිනිස්සු මහා ජනයාට දෙනවා කියලා පොරොන්දු වෙච්ච දේවලුත් ඒ වගේම පටස් ගාලා දෙනවද? ඔවුන්ගේ මෝඩ ක්‍රියා කලාපය නිසා ඔබ ඉබේටම ජනතා වීරයෙකු බවට පත්වුණු බව ඔවුන්ට තේරෙන්නේ නැහැ.
අපි ඔබ සමගයි..
අපි ඔබ සමගයි....
පාර්ලිමේන්තුවේ පර්මිට් කාරයින් වැඩියිනේ... ඉතින් එයිද බලන්න..?
ඔබ ජනප්‍රිය නළුවෙකි..
යාළුවෝ ආවත් අඳුනගන්න බැරිවෙයි. ඒකයි කවුරුවත් යාළුවෝ එන්නේ නැත්තේ...
පාර්ලිමේන්තුවේ ඉන්න කුඩුකාරයින් නම් රන්ජන් බලන්න කොහොමත් යන්නේ නැහැ. අනික් අතට මේවා දිගටම කරන්න බැරිවෙයි. අනික් හඬපටිත් එළියට අාවහම ඉදිරියට, කෙසේ වෙතත් රන්ජන්ට දෙවියන්ගේම පිහිටයි.
බොහොම හොඳයි...
රන්ජන් ඔබකළ දේ ඉතා හොඳයි. ඔබට ජය අපේ ඡන්දෙත් ඔබට.