IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන සඳහා දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පළමු වැනි චෝදනා පත්‍රයට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම මැයි මස 29 වැනිදා තෙක් කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට වෙනත් කරුණකට රිමාන්ඩ්  භාරයේ පසුවන වගඋත්තරකාර රංජන් රාමනායක මහතා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී.

මෙම පැමිණිල්ල අද(26) සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

අද දින මෙම නඩුවට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනත් කරුණකට අදාළව රිමාන්ඩ්  බාරයේ පසුවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලේ යම් වෙනසක් මේ වන විට සිදුව ඇති නිසා දැනට ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත මෙම නඩුව පවත්වාගෙන යන්නේ ද? නැතිනම් අලුතින් සාක්ෂි කැඳවීමට පියවර ගන්නේද?  යන්න සළකා බැලීමට හැකියාවක් තිබෙන බව සඳහන් කළේය.

අධිකරණ සංවිධාන පනත අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීමේ බලය අධිකරණය සතු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් තම සේවාදායකයා ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවද සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුවට අදාළ වාචික දේශන මැයි මස 29 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට නියම කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරන ලද ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වාචික දේශන ඉදිරිපත් කරන අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රශ්නගත ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය අධිකරණයේ වාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

2017 වසරේ අගෝස්තු මස 21 වැනිදා අරලියගහ මන්දිරයේ දී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් බව ප්‍රකාශ කර තිබිණි.

ඒ තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියමින්  ගුවන් හමුදා නිලධාරියෙක් වු සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ල පදනම් කරගෙන නීතිපතිවරයා විසින්  රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම අධිකරණ අපහාස චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන සඳහා දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site