IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


රතුපස්වල සිද්ධියට හමුදා ලොක්කෙකු ඇතුළු සිව්දෙනෙකුට නඩු

(මනෝප‍්‍රිය ගුණසේකර)

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11) නඩු පැවරිණි.

මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග්‍ර විනිශ්චකාරවරයාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් පසුව නීතීපතිවරයා විසින් මෙලෙස මහාධිකරණයේ නඩු පවරන ලදී.

වසර හයක කාලයකට පෙර රතුපස්වල ප‍්‍රදේශයේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීමට අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් පත් කරන ලදී.

2013 අගොස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිවේරිය රතුපස්වලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව උද්ඝෝෂණයකින් පසුව විසිර යමින් සිටි පිරිසකට පහරදී වෙඩි තැබීම අරමුණු කරගත් නිතී විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකු වන අනුර දේශප‍්‍රිය ගුණවර්ධන, හමුදා සෙබළුන් වන ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 94 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

 



අදහස් (6)

රතුපස්වල සිද්ධියට හමුදා ලොක්කෙකු ඇතුළු සිව්දෙනෙකුට නඩු

athula Wednesday, 11 September 2019 01:07 PM

එතකොට කෝ මේ අපරාධයට හමුදාව එවපු කෙනා? එයාට නීතියක් නැතිද? මේක පුදුම රටක්නේ යකෝ..

:       2       108

ciscoThursday, 12 September 2019 03:15 AM

අතුල මහතාණෙනි. කොහොමත් මේවට වග කියන්න වෙන්නේ පහළ නිලයන්ට පමණයි. මතක් කර ගන්න සූරියකන්ද, ඇඹිලිපිටියේ ශිෂ්‍ය ඝාතන වගේ දේවල්. ඒ හැම සිද්ධියකදීම අන්තිමට හිටිය පුරුක් තමයි දඬුවම් වින්දේ...?

:       0       4

raviThursday, 12 September 2019 07:21 AM

ඔය හදන්නේ මේ මනුස්සයාව එල්ලුම් ගස් යවන්න නේද...?

:       0       0

ලාල් Wednesday, 11 September 2019 04:58 PM

ඔවුන්ගේ රාජකාරි නියෝග ඉටු කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැත. ඔවුන් මුහුණ දුන් සැබෑ තත්වය අපි නොදනිමු. උද්ඝෝෂණය රැලිය පාලනය කිරීමේදී අවම බලය භාවිතා නොකර ගොනාට ඇඳගත්තා නම් ඔවුන් මෝඩයන්. කෙසේ වුවද දේශපාලකයන්ට, සූදුකාරයන්ට කඩේ ගිහිල්ලා සමහරු හිරේ යන්වා. දේසපාලුවෝ, සූදුකාරයෝ බේරෙනවා.

:       75       341

Chanak los angeles Wednesday, 11 September 2019 08:45 PM

මේ නඩුගොන්නේම කතානායකයා පච ගොන්නක් කියමින් රටේ බලය පැහැරගන්න මාන බලනවා. මේ කතානායකයා මේ සියලුම අපරාධ සිද්ධිවලට ඝෘජුවම අණ දීලා කියන සාක්ෂි එමට තිබියදීත් අත්අඩංගුවට නොගැනීම මහත් ප්‍රහේලිකාවක්...

:       0       0

Mahinda Thursday, 12 September 2019 06:04 AM

උසාවියේදී සියල්ල හෙළිවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 890 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site