IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


රත්තරන් කැබලි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි හතරක් පමණ වටිනා කැරට් විසි හතරේ රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ගුවන් මගීන් නව දෙනෙකු අද (20) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

මොවුන් අතරින් තිදෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර මෙයින් එක් අයෙකු 23 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවනෙකු වූ අතර ඉතිරි පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.

මීට අමතරව ඉතිරි ගුවන් මගීන් 06 දෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර අවට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මොවුන් මෙම රත්තරන් කැබලි ඔවුන්ගේ මුඛයේ සහ ඔවුන් ඇඳ සිටි ඇදුම් අතරත් ඔවුන්ගේ ගමන් භාණ්ඩ පටවා ගෙන ගුවන් තොටුපළ තුළ තල්ලු කරගෙන යන ට්‍රොලි රථ වල යට කොටස් වලද අලවා ගෙන සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි කැරට් විසි හතරේ රත්තරන් කැබලි 59 ක් තිබූ අතර ඒවා කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 271 ක බරකින් යුතු වූ රුපියල් තුන් කෝටි අනූ දෙලක්ෂ හතලිස් හත් දහස් අට සිය දහයක් 3,92,47,810 ක් වටිනා බවද වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

රත්තරන් කැබලි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

sampath Wednesday, 20 March 2019 01:50 PM

60ක් ගෙනාවලු දැන් තියෙන්නේ 59 ක්ලු...

:       15       4

Uditha - London Thursday, 21 March 2019 04:16 AM

මම මේ දාල තියන පින්තුරේ දිහා බැලුවේ.. එක රන් කැබිල්ලට එකට එක රේගු නිලධාරියා ගානේ ඉන්නවද කියල... මේ ඔක්කොමල එකතු වෙලාද ඔය ටික ඔක්කොම අල්ලාගෙන තියෙන්නේ?

:       0       3

SLJ Thursday, 21 March 2019 06:51 AM

දැන් කුඩු එහෙම එන්නෙම නැහැ රේගුව හරහා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1106 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site