IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


රට අවදානම් අඩියක - ඉන්දීය අගමැති මෝදි

නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය පාලනය කර ගත්තද රට ඇත්තේ "අවදානම් තත්ත්වයක" යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (30) පැවැසීය.

සජීවීව රට වැසියන් අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය.

ඉන්දියාව තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතූ හයවැනි අවස්ථාව මෙය වේ.

අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 560,000 ඉක්මවා ගොස් ඇති අතර එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 16,000 පසු කර ගොස් ඇත.

"ජනතාව දැන් වගකීම් විරහිතව හැසිරෙනවා. වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව පියවර ගන්න ඕනෑ" යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

මේ වනවිට ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ  ඉන්දියාවෙනි. නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය පැතිර යෑම පාලනය කිරීම සඳහා ඉන්දියාව පසුගිය ජූනි මාසයේදී "ලොක්ඩවුන්" සීමා පැනවූ අතර සති 10කට පසු ජූනි මස මුලදී එම සීමා ලිහිල් කළේය . එහෙත් ඉන්පසුව ඉන්දියාවෙන් දිගින් දිගටම, දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

අල්ජසීරා/රොයිටර් 

055

 



අදහස් (0)

රට අවදානම් අඩියක - ඉන්දීය අගමැති මෝදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 363 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site