
( තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.
අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.
සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි.
( පින්තූරය - ජයමාල් චන්ද්‍රසිරි )
වැඩිදුර පින්තුර සඳහා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? මිනීමරුවන්, කුඩුකාරයින් නිදහස් කරනවා ... මේ වගේ ජනතාව වෙනුවෙන් යමක් කරන අවංක මිනිස්සු හිරේ යවනවා.
පිල්ලෙයාන් එළියට දාලා රංජන් ඇතුළට දාමු.
ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි, හැබැයි හැමෝම මතක තබා ගත යුතුයි අපි හැමෝම හැදිලා තියෙන්නේ මස් ලේ, ඇට වලින්, සදාකාලික ජීවත් වෙන්න බැහැ. ඒ ජීවිතේ අතරේ කර්මය පටිසන් දෙනවා, අපි බලාගෙන ඉම්මු.
අවුලක් නැහැ.. දැන් පාර්ලිමේන්තුවක් ඇතුළේ සකසා ගන්න පුළුවන්. චොකා මල්ලි, දුමියා, ප්‍රාදේශීය අයත් ඉන්නවනේ. මීළඟ හඬපටය සිරකරු අයිතිවාසිකම් සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ...
හම්මේ ඉතින්.. සර්ගේ එක රටක්, එක නීතියක් අකුරටම ක්‍රියාත්මක වෙනවා.
හොඳයි...
2018 දී කල කතාවක් පදනම් කරගෙනයි මේ නඩුව ගොනු කලේ. ගිය වසරේ අගෝස්තුවේදී තමයි නඩුව නිමා වූයේ. මේ නඩුව මේ රජයෙන් දැමූ එකක් නොවේ.
රන්ජන් කරපු එකම වැරැද්ද පැත්ත ගියත් ඇත්ත කියන එක විතරයි. ඇත්ත කියපු රන්ජන්ව ඇතුලට දාලා සිල්වාව නිදහස් කරයි.
ඉතා කණගාටුදායක පුවතක්...
රංජන් ඊ.ටී.අයි. මිනිස්සු වෙනුවෙන් එක වචනයක් කතා කළේ නැහැ.
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්... එල්ලාපන්..
ජනාධිපතිතුමනි, දැන් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න. කට හින්දා එක මාලුවෙක් නැහුණා. කාටද ආඩම්බර මල්ලි?
රංජන් ඔබ වීරයෙකි. දූෂිත පාලකයට, අධිකරණයට එරෙහිව ඔබ නඩු හඬට බියෙන් ඔවුන් එක්ව ඔබව සිරගත කරලුවද? ඔබ නැගූ ඒ හඬ මිනිසුන්ගේ මනස තුළ රැඳෙනු ඇත.
දැන් ඉතින් නටන්න වෙන්නේ යකඩ කූරු අල්ලගෙන තමයි.
අද පිල්ලෙයාන් එළියට, රංජන් ඇතුළට... හෙට දුමින්ද එළියට, .... ඇතුළට?
චොකා මල්ලි සහ රන්ජන්... අපි බලමු නීතිය විපක්ෂයටත් OK ද කියලා.
අනේ පව් අහිංසකයා... මහ බැංකු හොරු නිදැල්ලේ.
රටක අධිකරණ පද්ධතිය හා නීතිය විවේචනය කිරීමට නීතිය පිළිබඳව මනා දැනීමක් අවශ්‍ය වෙනවා. ඒත්, හෙළා දැකීම කරන්නට බැහැ.. එක් අයෙකු වරදක් කළා නම්, රන්ජන්ට තිබුණේ ඔහුට හෝ ඔවුන්ට විරුද්ධව නඩු දාන්න. ඒත්, ඔහු කලේ කළයුතු දේ නොවෙයි. ඒත්, රන්ජන් කියන්නේ වෙනත් හොර මැරකම් හා දූෂිත වැඩ ඇති දේශපාලකයෙකු නොවෙයි. මේ රටේ මිනිසුන් 2000 ක් මැරුවා යයි වේදිකාවේ කියූ කරුණා අම්මාන් සුවසේ ඉන්නවා. මිනීමැරුමකට හිරෙ ගිය කෙනෙකු පාර්ලිමේන්තු එනවා. තවත් ඒ වගේ සිරගෙදර ඉන්නා කෙනෙකු නිදහස් කරගන්න සමහරුන් වලිකනවා. මේවාට කිසිඳු දඬුවමක් නැහැ.
මීට වඩා තව මොනවා බලාපොරොත්තු වෙන්නද මේ රජය යටතේ...? අපිට පාරට බහින්න කාලය හරි වගේ.
හරිම කණගාටුදායක සිදුවීමක්.
දැන් දුමින්ද හිරේ දැම්මේ දේශපාලන බලපෑමට කියන එක තීන්දුව දුන්නා නඩුකාරයන්ට කරන අපහාසයක් නොවේද?
බැංකු මංකොල්ලකරුවන් රජයේ දේපල හොරුන් මෙකී නොකී අයව අද යහපත් පුරවැසියන් වෙලයි ඉන්නේ.. රජය විවේචනය කරන වැරදි පෙන්වාදෙන අයව හිරේ දාන්නම ඕනෑ... ඊළඟ අවුරුදුවල කරදරයක් නැතුව චන්දෙ කරන්න පුලුවන් එතකොටයි...
රන්ජන්ගේ අවුරුදු 4 = අාණ්ඩුවේ ඉතුරු ආයු කාලය, මේ ආණ්ඩුව අවසන් වෙනකන් රන්ජන්ගේ හඬ නිහඬයි.
එහෙනම් " සරත්".... එයාවත් ඇතුඅළට දාන්න ඕනෑ.. මතකයි නේ දවසක් කිව්වා මහින්ද එළියේ ඉන්නේ මං හින්ද කියලා...
මෙවැනි රටක, ජීවත් වෙන පුරවැසියෙකුට ඒ සරල යතාර්ථය පැවසීම දඬුවම් ලැබිය යුතු වරදක් වෙලා. පාපතරයින්ට දඬුවම් නොලැබුණොත් මේ ආගම්, දර්ශන, ධර්මයෙන් ඇති ඵලක් නැහැ. මේ මඩ වලේ ලොකුවට රඟන අයට වඩා, ලෝකය හොල්ලගෙන හිටපු, ගඩාෆි හා සදාම් හුසේන්ට අත් වුණු ඉරණම මතක ඇතිනේ..? වෙන කියන්න දෙයක් නැත. මේ කරන අපරාධවලට දඬුවම් දෙන දවස වැඩි ඈතක නැහැ..
දැන් දුමින්දව එළියට අරන් 69 ලක්ෂය සතුටු කරන්න. සරත් ෆොන්සෙකාව හිරේ දාලා ලැජ්ජාවට පත්වුණා. දැන් මේකෙන් වෙන්නේ හත්පොලේ ගාගන්න එකයි...
අජිත් කියලා කෙනෙකුත් දැන් ඉන්නේ රිමාන්ඩ්... ඔහුට විතරක් මේ කාලයට වඩා දඬුවම් කරන්න එපා... ඔහුටත් අවුරුදු 04ක්ම දෙන්න... අජිත්ව විතරක් අවුරුදු 10 ක් - 15 ක් හිරේ යවන්න එපා...
ඉතාම අසාධාරණ දෙයක්. මීට වඩා සිය දහස් ගුණයක් වැරදි කරපු අය නිදැල්ලේ.
හරිම කණගාටුදායකයි. රන්ජන් හැමදාම කතාකළේ අසරණ මිනිස්සු සහ දූෂිතයින්ට විරුද්ධවයි. විශේෂයෙන්ම පහුගිය දිනවල ප්‍රධාන මාතෘකාවක් වූ ‘‘රටවිරු‘‘ ප්‍රශ්නය මුලින්ම කතා කළේ රංජන්. ඔබට මේ කරන අසාධාරණයට ස්වභාවධර්මයෙන් කවදාහරි උත්තර ලැබෙයි. රංජන් ඔබට ජය...
කවුරු කොහොම කිව්වත් ... අපේ රටේ නීතිය, දූෂිතයි කියලා අපි හැමෝම දන්න දෙයක් නේද?
හොරු එළියේ... රංජන් ඇතුලේ... පුදුම රටක්..!!!
හොඳ මනුස්සයා.. දුමින්ද ළඟදීම එළියට...
දේශපාලන නායකත්වය ආරම්භයේදීම මොහුව නිසිපරිදි හසුරුවා ගත්තා නම් මේ අවාසනාවන්ත සිදුවීම වළක්වා ගන්න තිබුණා කියලයි මට හිතෙන්නේ...
කථානායක තුමාට ‘ලොක්කා‘ යනුවෙන් සරදම් ලීලාවෙන් සභා ගැබ තුල දෝංකාර කළ ඔහුට සිර දඬුවමක් ලැබිණි.
මේක නඩුවක්... යම් කෙනෙක් තව කෙනෙකුට සොරා යයි කිව්වා කියලා මේ කියපු කෙනාව හිරේට දාන්න ඉස්සෙල්ලා මෙතන හොරෙක් ඉන්නවද කියලා හොයලා බලන්න තිබුණා නේද? මේක මේ... කැකිල්ලේ තීන්දුවක්...
රංජන් මා කිසිවිටෙක UNP කාරයෙකු හෝ සජිත් ගේ පැත්තට කිසිම දවසක එක අකුරක්වත් ලියලා නැහැ. මම හිතනවා 2025දී ඔබට ජනාධිපති වෙන්න හොඳ අවස්ථාවක්... මේක අද පරණ යැයි කියලා හිතන පක්ෂ දෙකම ඉවරයි.
මරණ දඬුවමට නියම වුණ චොකාමල්ලි පාර්ලිමේන්තුවට එනවා. අවුරුදු 4කට පාර්ලිමේන්තු ගිය රංජගේ මන්ත්‍රීකමත් නැතිවෙලා. එකම රටක්...
රංජන් නලුවෙක් වගේම හොරෙක් නොවන දේශපාලකයෙක්...හැබැයි අනුන්ට අපහාස කලේ නිමක් නැතුව. කොට්ටෝරුවා වගේ කෙහෙල් ගහටත් කෙටුවා. හොට පැටලුණා. මේකෙ රංජන් වීරයෙක් කියලා කියන අයට මතක නෑ නඩුතීන්දු තමන්ට ඕනෑ විදියට ගන්න නඩුකාරයින්ට කරපු බලපෑම්. මේ දිට්ඨ දම්ම වේදනීය විදියට පලදීමක්...
හිත හොඳ මනුස්සයා.
නායකයෙක් වෙන්න ඕන කරන ගති ගුණ අත්දැකීම් ලබා ගන්න හොඳම විවේක කාලයක් රාමනායක මහතාට දැන් ලැබිලා තියෙනවා. අනාවැකි කියන්න ගොඩක් කල් වැඩි වුණත් රන්ජන් රාමනායක කියන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අගමැති, ජනාධිපතිවරයෙක් බව නොඅනුමානයි. ඒ වෙන කිසිවක් නිසා නොව..., ඔහු පෙනී සිටින සත්‍යය මේ ශ්‍රී ලංකාවේ අති මහත් බහුතරයකගේ කැමැත්ත නිසාවෙනි.
රන්ජන් කරපුවා කොහොමත් අනුමත කරන්න බැහැ. විනිසුරුවරුන්ට නඩුදාලා කතාකරන්න ඕනෑ. හිරේ දාන්න ඕනේ කවුද කියලා බලපෑම් කළේ ඔවුන්. තමන්ගේ වාසියට නඩු අහන්න බලපෑම් කිරීමත් ඉතා වැරැදියි. මොහුව වැරැදිකරු වෙලයි තියෙන්නේ..
රන්ජන්ට වඩා හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ මස් වැද්දෝ අද නිදහසේ, නිදැල්ලේ ඉන්නවා. දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන්... අධිකරණයට අපහාස කෙරුවාලු...
ඇත්ත කතාකළ රංජන් ඇතුළේ.. බොරුවෙන් රජකරන අය එළියේ.. රටේ ඉදිරිය ගැන හිතාගන්න පුළුවන්...
බොහෝ ප්‍රතිචාර වලින් අදහස් වන්නේ, විනිසුරුවන් දූෂිත යයි පැවසීමට රන්ජන්ට බලකර ඇත්තේ මේ රජය බවයි. එදා මේ රජය තිබුණේ නැත. එදා තිබුණේ යහපාලන රජයයි. කරුණු එසේ වුවද මේ රජයට දොස් පැවරීමෙන් ඇතැමුන්ගේ ආතතිය දුරලයි...
නගින්න තව කියවන්නේ නැතුව. අපිට ඕනේ ජම්පරය ඇඳන් ඉන්නවා බලන්න...
මෙය මම නම් කළින් බලාපොරොත්තු වුණා. හැබැයි රන්ජන් ඇත්ත කතාකළ අයෙක්.. ඒකම තමයි හෙනේට හිටියේ.. අපේ රටේ නීතිය හැඳි 2කින් බෙදනවා කියන එකට කදිම උදාහරණයක්.
2025දී රංජන් ඔබටයි 69 ලක්ෂයම .
හනුමා වගේ ගිනිතියලා ඉල්ලන් කෑවා...
අවුරුදු 4ක් මදි අනේ. හැමදාම ඇතුළේ තියාගන්නකෝ..!!!
සමහර අදහස් අනුව සම්පූර්ණයෙන්ම නළුවෙක් ගැන පමණක් දන්න අය ගොඩක් ඉන්න බව පේනවා. ඒත් හඬපට ඇහුවාම විකෘති මානසික ගති ලක්ෂණත් පෙනෙනවා. මුදල් හොරකම් නොකරාට ඊට වඩා භයානක ලෙස අශීලාචාර ලෙස පෞද්ගලිකත්වය සොරකම් කරන අයකු බවත් පෙනෙනවා... සභ්‍යත්වය සදාචාරය මායිම් නොකරපු අයකු බවත් පෙනෙනවා. කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නුවට අයුතු දේ බලාපොරොත්තු වන්නකු බවත් පෙනෙනවා. නීතියට බලපෑම් කරන්නකු බව ඉතාමත් පැහැදිලිවම පෙනෙනවා. තමන්ට හිතෙන හිතෙන දේ සත්‍යය යැයි සිතමින් අනුන්ට අවිචාරවත් ලෙස ගැරහූ අයෙකු බවත් පෙනෙනවා. ඡායාරූපයේ දක්වා ඇති අවස්ථාවේදී තමන්ගෙන් ප්‍රශ්න අහන ලෙසට මාධ්‍යය වෙත බැගෑපත් වීමෙන් කෙතරම් මානසික අවපීඩනයකින් සිටින අයකු බවද පෙනෙනවා. කිසියම් අරමුණක් උදෙසා කවුරුන් හෝ මෙහෙයවන අයකු බවත් පෙනෙනවා. ඒකට අහුවෙච්ච බුද්ධි හීනයකු බවත් පෙනෙනවා. චිත්‍රපටි විතරක් බලපු අය ඔහුගේම හඬපට ටිකත් ඇහුවා නම් මිථ්‍යාවෙන් මිදෙන්න පුළුවන් වෙයි.
මල්ලි, ඉක්මණට ඇතුළට යන්න අරයා එළියට එනවා.. ළඟදීම ආවොත් ඔබට කාලි මෑණියන්ගේ පිහිටම තමයි. එතකොට ඔබ වටේ ඉන්න ගොයියන් බෙහෙතකටවත් සොයන්න බැරිවෙනවා.