(මනෝප්‍රිය ගුණසේකර)
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව විසින් ‘‘මව්බිම‘‘ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඇඳගෙන ගොස් අමානුෂික අන්දමින් සැළකූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළ විමර්ශනයක් ආරම්භ කොට ඇත.
කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී තමාගේ ඡායාරූප ගත් බව කියමින් නියෝමාල් රංගජීව විසින් තමා කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළ වෙත ඇඳගෙන ගොස් එහිදී තමාට තර්ජනය කළ බවත් තමාගේ ‘කැමරා චිප්’ දෙක බලහත්කාරයෙන් ලබාගත් බවත් කියමින් ‘මව්බිම’ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා මහාධිකරණ පොලිස් මුරපොළට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.
‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17 කට ආසන්න මුදලක් අවභාවිතා කළ බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ සිටියදී තමන් මෙම සිද්ධියට මුහුණපෑ බව අකිල ජයවර්ධන මහතා පැවසීය.
ඒ අවස්ථාවේදී වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව පැමිණි බවත් කාර්යාලයේ අවශ්‍යතා මත ඔහුගේ ඡායාරූප ගත් විට ඔහු තමාගේ කමීසයෙන් අල්ලා ගත් විට තමා ‘මව්බිම’ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදීයකු බව කීවත් ඔහු එය ගණනකට නොගෙන මහාධිකරණ පොලිස් මුරපොළ වෙත ඇඳගෙන ගිය බවත් පවසන ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා එහිදී නියෝමාල් රංගජීව විසින් තමාට අමානුෂික අන්දමින් සැළකූ බවත් තමාගේ ‘කැමරා චිප්’ දෙක බලහත්කාරයෙන් ලබාගත් බවත් සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උඩුවැල්ල මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගජීව මේ කළ ක්‍රියාව අධිකරණ භූමිය තුළදීම කළ බැවින්, එය අධිකරණයට අපහාස කිරීමක් ලෙසටද, සැලකිය හැකිය. එසේම රංගජීව ප්‍රසිද්ධියේ මෙසේ මාධ්‍යවේදියෙකුව දෙනෝදාහක් මැද අධිකරණ භූමිය තුළදීම ඇදගෙන ගියේ නම්, මෙවැන්නෙකු සිරගෙදරදී කෙසේ හැසිරෙන්නට ඇද්දැයි සිතීමට පුළුවනි.. එයද නුවණින් සිතා අධිකරණය වෙත ඔහු ගැන, ඔහුගේ චරියාව ගැන සිරගෙදරදීම වරද කළේද නැද්ද යන වග පෙන්වීම සඳහා තවත් උදාහරණයකි. කෙසේ වෙතත්, මේ රටේ බොරුවට කෑ ගැසුවාට මාධ්‍ය නිදහසක් නැති බව මෙයින් හොඳ හැටි සනාථ වෙයි. මෙසේ හැසිරීමෙන් ම ඔහුට ඉහළින් මහා බලගතු හස්තයක් ඇති බව සනාථ නොවේද? නොඑසේ නම් රංගජීව වැන්නෙකු අධිකරණ භූමිය තුළදීම මෙසේ දඩබ්බර ලෙස කිසිඳු බියක් සැකක් නොමැතිව මෙවැනි දඩබ්බරකම් කරාවිද...? මොහොතක් සිතා බලන්න... රංගජීවට ගිය රට... ඒ ගැන කුමන කතාද ?
අමානුෂිකව අල්ලන් යන බවක් නම් පේන්නේ නැහැ. ෂර්ට් එක අයිනෙන්නේ අල්ලන් යන්නේ... ඔන්න කණ පැලෙන්න එකක් දුන්නා නම් කියන්න තිබ්බා අමානුෂිකව සැලකුවා කියලා. අනිත් එක ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා... තමන්ගේ ඡායාරූපයක් ගන්න යනකොට ඊට එරෙහි වෙන්න. ඒක සෑම පුද්ගලයෙකුටම හිමි පෞද්ගලික නිදහසයි. ජනමාධ්‍යවේදියෙකු වීම තව පුද්ගලයෙකුගේ පෞද්ගලික නිදහසට බාධා කිරීමට ලැබෙන අසීමිත බලයක් නෙමෙයි. පින්තූරේ ගන්න ඉස්සෙල්ල රංගජීවගෙන් අහන්න ඕනේ පින්තූරයක් ගත්තට කමක් නැත්ද කියලා. හා කිව්වා නම් ගන්නවා. එපා කිව්වා නම් යන්න යනවා. අලස්ගේ නඩුවට ආවනම් ගන්න ඕනේ අලස්ගේ පින්තූරයක්නේ.
යම් පුද්ගලයෙක් තමන්ගේ ඡායාරූප ගැනීමට අනුමැතිය නොදෙන්නේ නම්, මාධ්‍යකරුවෙකුට ඔහුගේ ඡායාරූප බලෙන් ලබාගත හැකිද? ලංකාවේ මාධ්‍යකරුවන්ට ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යයි...
මේ පොලිස් නිලධාරියා මුට්ටිය අල්ලන්නේ කොයි පැත්තටද? 2/3 පැත්තටද, හෙණ්ඩුව කොහෙවත්, අලියා කොහෙවත් පැත්තටද, 3% පැත්තටද? ඒ අනුව එතුමාගේ ඉරණම විසඳේවි...
ඇතැම් මාධ්‍යවේදීන් තමන් රට පාලනය කරන දෙවියන් සේ හිතා කටයුතු කරන බවද පෙනේ. ඔවුන් සිතන්නේ තමන් රටට අතවශ්‍ය, අපක්ෂපාති, රටේ හොර බොරු අල්ලන රහස් පරීක්ෂකයන් කියායි. නමුත් මහජනතාව ලෙස අපි දකිනවා ඇතැම් මාධ්‍ය ඉතාම ගුජුප්සාජනක ලෙස යම්යම් පුද්ගලයින්ට කඩේ යනවා. මම කියන්නේ නැහැ මේ සිද්ධිය නිවැරදියි කියලා. නමුත් මාධ්‍යවේදීන්ද යම් හික්මීමකින් කටයුතු කළයුතුයි.
ගෝඨාගේ ගෝලයෙක් තමයි රංගජීව කියන්නේ...
රටේ මහජනතාවට අදාල කරුණක් නොවේ. රංගජීව මාතෘභූමියට මෙසේ සැලකීම ගැන අපි සතුටු වෙමු. මක් නිසාද යත් මේ දෙගොල්ලන්ම හොර නඩයේ බත්බැලයින් නිසා...
රංගජීව ගිය උඩක තරම..... !!! මට මේ කල්පනා වුනේ, මේ සිද්ධිය ලෝකෙ අතිශයින්ම දියුණු රටක සිදු වුනානම් එහෙම.. ඒ අධිකරණය මෙවැනි දඩබ්බර වැඩකට කුමන පියවරක් ගනීවිද කියලා... ඒ රජය මෙවැනි වැඩකට කුමන පියවරක් ගනියිද කියලා.. ඒ පොලිසිය මෙවැනි කෙනෙකුට විරුද්ධව කුමන පියවරක් ගනියිද කියලා... ඒ අතින් බලන විට, අපගේ නීතිඅංශ, පොලිසිය, රජය ඒ රටවල් වලට වඩා බොහෝම ඉහළින් ඉන්නා බව තමයි පෙනෙන්නේ... කතාවෙන් නම් බුදු අම්මෝ හරි ඉහළයි... ඒත් වැඩ වලින්... " කතාව දෝලාවෙන් ගමන නම් පයින් " මොනවා කරන්නද අපේත්.. රටේත්.. කරුමෙ තමයි.
මෙයාට මෙහෙම නම් සිරකරුවන්ට කොහොම සලකන්න ඇද්ද?
මිනීමරුවන්ට බලය අැවිත්... දැනට මෙහෙම නම් පසුවට කොහොමට හිටීවිද...?