IMG-LOGO

යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) නිවේදනයක් නිකුත් නිකුත් කරමින් කියා සිටී.

එසේම මෙම පත්කිරීම සම්බන්ධයෙන් විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක‍්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන සේම, එය පිළිගත නොහැකි ක‍්‍රියාවක් යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම ගැන පළවූ විවිධ පාර්ශවයන් හි අදහස් දැක්වීම් සැළකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය  නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

 එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

‘‘ශ්‍රී ලංකාවේ යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක‍්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක‍්‍රියාවකි.

‘‘චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැළකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප‍්‍රජාවේ සියලූම වගකිව යුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.



අදහස් (14)

යුද හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්

Raveendra Tuesday, 20 August 2019 03:09 PM

ඇති යාන්තම්

:       2       258

විජිත් Tuesday, 20 August 2019 03:33 PM

ප්‍රමාද වී හරි මෙහෙම සටහනක් කිරීම ගැන සතුටුයි. ඒවාගේම මේ ලිපිය සියලුම තානාපති කාර්යාල වෙත යැව්වද කියලා නම් මට ප්‍රශ්නයක් තියෙනවා.

:       1       256

Bamunuarachchi Tuesday, 20 August 2019 04:06 PM

හරියට හරි.

:       48       348

Chanak los angelesWednesday, 21 August 2019 05:24 AM

හරියට හරි වෙන්නේ කොහොමද යහපාල අද කියපු දෙය හෙට මතක නැහැ කියනවනේද ..

:       5       14

BamunuarachchiWednesday, 21 August 2019 01:18 PM

අදට හරි... හෙට මටත් මතක නැහැ. ඔබ හිතනවාද එපමණයි කියලා?

:       0       0

Chanak los angelesWednesday, 21 August 2019 08:25 PM

අද කියපු දේ හෙට අමතක වෙනවා නම් එයා මැට්ටන්ගේත් මැට්ටෙක්...

:       0       0

Bandara Wednesday, 21 August 2019 01:40 AM

නියමයි

:       0       62

මුණසිංහ Wednesday, 21 August 2019 02:08 AM

කෙළින් තීරණ ගත හැකි අභීත නායකයෙක් ජනවාරි වෙනකොට පාලනය අතට ගන්නවා. බය වෙන්න කාරි නැහැ.

:       2       1

Uditha - London Wednesday, 21 August 2019 04:00 AM

ඔහොමවත් කොන්දක් තිබ්බ එක ගැන සතුටු වෙනවා... ඔහොමනෙ වැඩ කරන්න ඕන ... සන්තෝස වෙන්න ඕන කාරණයක්...

:       0       15

Sisil Wednesday, 21 August 2019 04:15 AM

එක වල්ලේ පොල්

:       0       9

Deepal Nirosh Wednesday, 21 August 2019 04:24 AM

ඉතාම නිවැරදි සෘජු ගත යුතු තීරණයක්. ඉදිරියට ඒන රජය කුමක් වුවත් මෙවැනි ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වා ගැනීමට සිතා ගත යුතුයි.

:       0       320

Sugath Premalal Wednesday, 21 August 2019 04:48 AM

අනිවාර්යෙන්ම.... හරි දෙය කරන්න මැලි වෙන්න ඕනි නැහැ... අපි තවත් යටත් විජිතයින් නොවෙයි.... බටහිර රටවලට වත්, ඇමෙරිකාවටවත් ඕනි විදියට වැඩ කරන්න ඕනි නැහැ.... ශ්‍රී ලාංකිකයන් විදියට ස්වාධීනව නැගී සිටිමු...

:       0       259

Rata Perata Wednesday, 21 August 2019 06:29 AM

අපේ මිනිස්සුත් පිට රටට බනිනකොට කෑ ගහන්නේ හරියට රටේ මිනිස්සු රට ගැන හිතනවා වගේ. ඊයේ ඇමෙරිකාවට බැනපු විමල්ම නේද අපේ සල්ලිවලින් හදපු ගෙවල් තමන්ගේ මිනිස්සුන්ට දුන්නේ? ශවේන්ද්‍ර ගේත් වැරදි ගොඩක් තියෙනවනේ. චරිතෙත් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. අනිත් එක වෙන සුදුසු කෙනෙක් නැතුව නෙමෙයිනේ, මේවා දේශපාලන පත්කිරීම්. මේ පත්කිරීම් චන්දෙට.

:       199       0

samWednesday, 21 August 2019 09:16 AM

එච්චර හොඳ නැහැ කියන්නේ රට පෙරට පහනක්වත් අල්ලලා බලන් හිටියද? එයාගේ නෝනව දණ ගස්සලා තියනවයැ කියලා කොච්චර කතා තිබුණද? දැන් ඔය උඩම පට්ටමක් ගහගෙන ඉන්නේ. ඒවා ගැන රට පෙරට මොකද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site